ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් රටේ තත්ත්වය සලකා තාවකාලිකව පසු බසියි.

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් දින 55 ක් පුරා හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා ඊයේ  (1) දින තාවකාලිකව නතර කර ඇත.

පහුගිය මාර්තු 08 දා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට ඊයේ (01) වන තුරු කිසිදු අදාල බලධාරියෙක් අවධානය යොමු කර තිබුණේ නැත.

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකතුව විසින් සිය සත්‍යග්‍රහය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මෙහි කැඳවුම්කරු ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස මහතා පවසන්නේ වසංගත උවදුර පහව ගිය සැණින් සත්‍යග්‍රහය නැවත ආරම්භ කරන බවය.

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකතුව පවසන්නේ  තමන් උදෙසාම ගොඩ නගාගත් සමූපකාරික මූල්‍ය ක්‍රමයක් තුළින් ආර්ථිකය පුනර්ජීවනය කර ගැනීමට කටයුතු කරන බවත් තවදුරටත් ඔවුන්ව රැවටීමට දේශපාලඥයින්ට ඉඩක් නොමැති බවය.

ශ්‍රි ලංකා මහ බැංකුව සහ ආණ්ඩුව තම වගකීම් පැහැර හරිමින් මුල්‍ය සමාගම් වලට අත්තනෝමතික ලෙස මිනිසුන් කොල්ලකකෑමට ඉඩ ලබා දීම පිලිබඳවද ඔවුන්ගේ දැඩි විරෝධය පළ කරන බවද එම නිවේදනයෙන් කියා සිටියි.

වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

Microfinance victims in Hingurakgoda temporarily abandon protest 2

Social Sharing
නවතම