ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයකින් කෝටි ගණනක පොල්ලක්!

Galenbindunuwewa is a financial fraud of a financial institution

ගලෙන්බිඳුණුවැව නගරයේ ප්‍රධාන වීදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229ට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා. ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන්. ඒ අනුව එම මූල්‍ය ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. පසුව කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිදුණුවැව නගරයට පැමිණ නගරය මැද උද්ඝෝෂණ යේ නිරිතවි තිබෙනවා. උද්ඝෝෂණය හේතුවෙන් කැකිරාව දාච්චිහල්මිල්ලවැව මාර්ගයේ එක් මන්තිරුවක් අවහිරවු අතර ගලෙන්බිදුණුවැව පොලිස් නිළධාරින්ද විශාල පිරිසක් පැමිණ සිටිනු දැක ගත හැකිවුණා. මෙම පිරිස ගලෙන්බිදුණුවැව නගරයේ සිට කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ විරෝදය පාමින්  පැමිණ සඨන් පාඨ හා සටන් පුවරු ප්‍රධර්ශණය කරමින් උද්ඝෝෂණයේ නිරිත වුණා.

එහිදි විරෝධතා උද්ඝෝෂණයට එක්වු පිරිස පෙන්වා දෙන්නේ,  ගලෙන්බිඳුණුවැව ප්‍රධාන වීදියේ ඉතා ප්‍රසිද්ධව පවත්වාගෙන ගිය මෙම ආයතනයේ  පුද්ගලික  ආයතනය වල  සහ රාජ්‍ය ආයතනවල සේවයේ නිරිත පාරිභෝගිකයන් 1005ට ආසන්න පිරිසක් හා ⁣ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන් තමන් ඉතා අපහසුවෙන් උපයාගත් මුදල් ආයෝජනය කර ඇති බවයි. මෙය මුල්‍ය ආයතනය හා ගනුදෙනුකරුවන් අතර ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව මුදල් ලබා නොදෙන බවත් ආයතනයේ හිමිකරු මාස 8කට ආසන්න කාලයක් මුල්‍ය ආයතනය වසා දමා මුදල් වංචා කරමින් ගනුදෙනුකරුවන් රවටා ප්‍රදේශයෙන් පළාගොස් සැගව ඇති බවත් ඔවුන් කියා සිටියා.

මෙම මුල්‍ය ආයතනයේ සභාපතිවරයා කහටගස්දිගිලිය ජාතික පාසලට අනුයුක්තව තොරතුරු තාක්ෂණ ගුරුවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා. මෙම මුල්‍ය ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කර ඇත්තේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකි. විරෝධතාවයට එක්වූ පිරිස් වැඩිදුර දුරටත් පවසා සිටියේ, මුදල් ලබාගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමේ හිමිකරු සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහයන් වල දී තමන්  මරණ තර්ජනද එල්ල වී ඇති බවයි. ගනුදෙනුකරුවන් පවසන්නේ, ඇතැම් පිරිස් ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානයේ හා කැබිතිගොල්ලෑව ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මෙන්ම මහ බැංකුවෙි පැමිණිලි කීපයක් ඉදිරිපත් කර තිබුණද මේ දක්වා ඔවුනට කිසිඳු අස්වැසිල්ලක් නොවූ බවයි.

A5 News.lk

Social Sharing
නවතම