දැනට බන්ධනාගාර ගත කර සිරදඬුවම් විඳිමින් සිටින සියලු LTTE සමාජිකයන් නිදහස් කළ යුතුබව එකරටක් එක නීතයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති. කොලොන්නාවේදී මාධ්‍ය අමතමින් එහිමියන් ප්‍රකාශ කර ඇත්තේ දැන් යුද්ධය අවසන් බැවින් සිරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයන් නිදහස් කිරීම වැදගත් බවය. ඒ පිළිබඳව තම අදහස ජනාධිපතිවරයාට තමන් වහන්සේ ප්‍රකාශ කළ බවත් එයට ජනාධිපතිවරයාද එකඟ බව එහිමියන් එහිදී ප්‍රකාශ කර ඇත. එකරටක් එක නීතියක් සඳහා තමන් උතුරු නැගෙනහිර සංචාරය කළ බවත් එහිදී මෙම සිරගත පුද්ගලයන්ගේ දෙමාපියන් මුණගැහුණු බවත් ඔවුන් තම දරුවන් නිදහස් කරන මෙන් ඉල්ලීම් කළ…
Read MoreTag: ltte war
කිලිනොච්චියේ ඉඩම් අක්කර 2119 ක් නිදහස් කිරීමට ජනාධිපතිගෙන් නියෝග
කිලිනොච්චියේ වනජීවී දෙපාර්තමේන්තුව පවරා ගෙන ඇති ඉඩම් අක්කර දහස් ගණනක් නිදහස් කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට තිබේ. වගා කටයුතු සඳහා වෙන් කෙරෙන එම ඉඩම් පෞද්ගලික සමාගම් වලටත් ලබාදීමට රජය සූදානම් ව සිටී. යුද්ධය ඇරඹීමට පෙර දෙමළ ජනයා පදිංචිව සිටී හා ගොවිතැන් කළ ඉඩම් අක්කර 2119 ක් යළි අයිතිකරුවන් වෙත ලබා දීමට තීරණය වී ඇත්තේ හා ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව බව ධීවර අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය දේවානන්ද පෙන්වා දී ඇත්තේ යුද ගැටුම් ඇතිවීමට පෙර දෙමළ ජනයා විසින් සිය වගා කටයුතු කළ…
Read Moreඋතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව වවුනියාවේ විරෝධතා!
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ඊයේ [15] පෙරවරුවේ රැස්වූ දෙමළ දේශපාලන නායකයන්, පාලත් පාලන ආයතන නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව උද්ඝෝෂණය කළේ වවුනියා නෙදුන්කර්නි ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිවයි. වවූනියාව වැනි දෙමළ ජනතාව බහුතරය වෙසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්, සිංහල ජනතාව රැගෙන විත් පදිංචි කිරීම ඉතා සුක්ෂම අයුරින් ප්‍රදේශයේ ජන සංයුතිය වෙනස් කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා කරති. උතුරේ පළාත් මායිම් වෙනස් කොට ජනගහන රටාව කෘතිම ලෙස වෙනස් කිරීම වහාම අත්හිටුවන ලෙස පක්ෂ බේද නොතකා උතුරු නැගෙනහිර මන්ත්‍රී කණ්ඩායමක් අභ්‍යන්තර ආරක්ෂාව සහ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය චමල් රාජපක්ෂගෙන්…
Read Moreපිටින් ගෙන ජනතාව පදිංචි කිරීමට මඩකලපුවේ විරෝධතා!
ආණ්ඩුව පිට පළාත් වලින් ගෙන්වු සිංහල ජනතාව මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කිරීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් දෙමළ ජාතික සංධානයේ ප්‍රාදේශීය නායකත්වය යටතේ එක්වූ දෙමළ හා මුස්ලිම් ජනතාව විරෝධතාවයක් දියත් කර තිබේ. මඩකලපුවේ, වාකරේ කාරමුනෙයි ප්‍රදේශයේදී ඔක්තෝබර් 21 වැනි බ්‍රහස්පතින්දා විරෝධතාවය දියත් වී තිබේ. ඔවුන් පවසන පරිදි වැලිඔය, අම්පාර ආදී ප්‍රදේශවල දැනට ජීවත් වන සිංහල පවුල් 200 ක පමණ පිරිසක් එදින මඩකලපුවේ, වාකරේ කාරමුනෙයි ගම්මානයට පැමිණ ඇත්තේ 1982 වසරේ එම ගම්මානයේ තමන් ජීවත් වූ බව කියන ප්‍රදේශය සොයා ගෙන එහි වර්තමාන තත්වය දැක බලා ගැනීම වෙනුවෙනි. මේ වන විට එම ප්‍රදේශයේ…
Read Moreමංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)
චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට. ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට…
Read Moreලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර
එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා ගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ දියුණුම රටක් ලෙස සැලකුණු ලංකාව තුල ජීවත් වූ ජනතාව එදා සිට ජාති, කුල, ආගම් වශයෙන් බෙදෙන්න පටන් ගත් බවත් දෙමළ ජනතාව එදා ඉල්ලුවේ දෙමළ භාෂාව කථා කිරීමේ අයිතිය පමණක් බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ ඊට රජයේ අවධානය යොමු නොවූ නිසාත් දකුනේ ඇති වූ අන්තවාදී දේශපාලනය නිසාත් ඔවුන් පසුකලෙක වෙනම රාජ්‍යයක් ඉල්ලීම…
Read Moreදෙමළ දේශපාලන සිරකරුවන් 60 ක් තවමත් බන්ධනාගාරයේ – පා.ම. එස්. ශ්‍රීදරන්
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. යහපාලන ආණ්ඩුව සමයේ දෙමළ දේශපාලන සිරකරුවන් 106 ක් නිදහස් කළ බවත් මේ වන විට තව සිරගතව සිටින්නේ 60 දෙනෙක් වැනි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් බවද ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම නවරත්නම් වැනි 70 හැවිරිදි පුද්ගලයින් පවා තවමත් රඳවාගෙන සිටින බවත් මෙලෙස වයෝවෘද්ධ පුද්ගලයින් රඳවා ගැනීම අසාධාරණ බවද ඔහු පවසයි. මේ දේශපාලන සිරකරුවන් 60 නා නිදහස් කරන ලෙස ඉල්ලා විදේශ…
Read Moreතනි සිදුවීම් සඳහා විසඳුම් ගැනීමේ සිට පද්ධතිමය ප්‍රවේශයක් ඔස්සේ ජාතික ගැටළුව විසඳීම අවශ්‍යයි – ආචාර්ය ජෙහාන් පෙරේරා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ රාජ්‍ය බලය විදහා දැක්වීමකින් තොරවය, කොටින්ම ජාතික ධජය පවා නොමැතිවය. එය ජනාධිපතිවරයාගේ අවංක පෞරුෂය ප්රක්ෂේපණය කිරීමට සහ ජනතාවගේ සානුකම්පිත සහයෝගය ලබා ගැනීමට ගත් උත්සාහයක් බව පෙනේ. මෑත මාසකිහිපය තුලදී ජනාධිපතිවරයාට සමාජ මාධ්‍යවල දැඩි විවේචන එල්ලවෙමින් පැවති අතර එම තත්වය රජයේ පාලනයට නතු කර ගත නොහැකි විය. බොහෝ විවේචන රෝපණය කරනු ලබන්නේ අසාර්ථක වන ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයක්…
Read Moreමඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු තැබූ දහයක් රිමාන්ඩ්
යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ. දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු ඉකුත් මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී. නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති. අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.…
Read Moreප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය!
‘ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ’ මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ ගෙවාදමමින් ඉන්න කාලය මේ ප්‍රකාශ දෙකෙන් හොඳටම පැහැදිලි කරනවා කියලා. 2005 ජනාධිපතිවරණ සටනට මහින්ද රාජපක්ෂ ඔසවාගෙන ආපු සටන් මූලිකයෝ බොහෝ දෙනෙක් දැන් ඔහු සමග නැහැ, වීමල් වීරවංශ වගේ කෙනෙක් හැරුණාම. අපි කවුරුත් දන්නවා 2005 මහින්දාගමනයට පාර කැපුනේ කොහොමද කියලා. උතුරේ ඡන්ද වර්ජනය එහෙම මතක් වෙනවා. රනිල් වික්‍රමසිංහ නූලෙන් පරාජයට පත්වෙනවා. චන්ද්‍රිකා ගේ පාලන කාලය අස්සේ…
Read More