සිරගත LTTE සාමාජිකයන් නිදහස් කළ යුතුයි.

දැනට බන්ධනාගාර ගත කර සිරදඬුවම් විඳිමින් සිටින සියලු LTTE සමාජිකයන් නිදහස් කළ යුතුබව එකරටක් එක නීතයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.

කොලොන්නාවේදී මාධ්‍ය අමතමින් එහිමියන් ප්‍රකාශ කර ඇත්තේ දැන් යුද්ධය අවසන් බැවින් සිරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයන් නිදහස් කිරීම වැදගත් බවය. ඒ පිළිබඳව තම අදහස ජනාධිපතිවරයාට තමන් වහන්සේ ප්‍රකාශ කළ බවත් එයට ජනාධිපතිවරයාද එකඟ බව එහිමියන් එහිදී ප්‍රකාශ කර ඇත.

එකරටක් එක නීතියක් සඳහා තමන් උතුරු නැගෙනහිර සංචාරය කළ බවත් එහිදී මෙම සිරගත පුද්ගලයන්ගේ දෙමාපියන් මුණගැහුණු බවත් ඔවුන් තම දරුවන් නිදහස් කරන මෙන් ඉල්ලීම් කළ බවත් ප්‍රකාශ කරන ඒ හිමියෝ තමන් මේ සිරකරුන් මුණ ගැසුණු බවත් ඔවුන්ගේ ජීවිත කතාවන්වලට සමීපව සිට ඇහුම්කන් දුන් බවත් ප්‍රකාශ කරති.

Social Sharing
නවතම