අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

anuradahapura prison

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර ඉදිරිපිටදීය. බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ උපරිම සිර (මැක්සිමම්) මැදිරියේ රදවා සිටි LTTE සැකකරුවන්ගේ පරිසක් අතර සිටි රැදවියෙකුගේ හිසට පිස්තෝලක් එල්ලකළ සිදුවීම සමග එම සැකකරුවන්ගේ දුක සැප විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ. පැමිණි මුල් අවස්ථාවේදී  එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට…

Read More

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ

political prisoners in sri lanka

අජිත් පැරකුම් ජයසිංහ දැනට බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පසුගිය 10දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ. මේ පිරිසට වඩා විනාශකාරී ක්‍රියා කළ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වසරක කාලයක් පුනරුත්ථාපනය වී නිවෙස්වල සිටීමත් බන්ධනාගාරවල සිටින පිරිස වසර දහයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින නිසාත් ඔවුන්ව පොදු සමාවක් යටතේ නිදහස් කිරීම සාධාරණ බව සංගරී මහතා විසින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ. පොදු සමාව ලබාදීමේ බලය සහිත ජනාධිපතිවරයාට ලිපියක් නොලියා අගමැතිවරයාට ලිපියක්…

Read More