ලංකාවේ ඉඩම් 50 කට වැඩි ප්‍රමාණයක් විදේශිකයින්ට බදු දෙන්න යයි.

ශ්‍රි ලංකාවේ ඉඩම් විදේශයන්ට විකුණන බව, බදු දෙන බවට පහුගිය කාලය පුරාම ආණ්ඩුවට එල්ල වු චෝදනාය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඩම් , යාපනයේ ඉඩම් ඒ් අතර කියැවිණි.

මේ අතර අද ( 15) ශ්‍රි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ කොළඹ නගරයේ සහ පිට පළාත්වල ප්‍රධාන ඉඩම් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා බදු දී අවම වශයෙන් ඩොලර් බිලියන 6ක්වත් රැස් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය.

එම පුවතට අනුව මෙම ඉඩම් කොටස්වලින් සියයට 51 ක් රජය සතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය හෝ හවුල් ව්‍යාපාර මත පිරිනැමීමට නියමිතය.. ඒ අනුව වොක්ෂෝල් වීදියේ අක්කර හය බැගින් සහ ඩී.ආර්. කොළඹ විජේවර්ධන මාවත; නුගේගොඩ සහ කොල්ලුපිටිය වෙළෙඳපොළ අක්කර හතරක් සහිත පිටකොටුව ලෝක වෙළෙඳපොළ; රාජගිරිය, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ බත්තරමුල්ල අක්කර තුන බැගින්; සහ නුවරඑළිය සහ මහනුවර පිහිටි ඉඩම්, ඒකල අක්කර පනස් පහකුත් මෙම බදුදීමට අයත් ඉඩම් ලෙස හදුනාගෙන තිබේ.

මීට පෙර ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ M/S Shumookh Investment and Services (SIS) නම් සමාගමක් විසින් අක්කර නවයක පිටකොටුව චාමස් ධාන්‍යාගාර භූමිය සහ ගුවන් හමුදා මූලස්ථානය ගැනීමට කැමැත්ත පළ කොට තිබුණද මෙතෙක් එය ක්‍රියාත්මකව නොමැත.

මේ අතර වැලිකඩ බන්ධනාගාරය පිහිට ඉඩම ගැනීමට කොරියානු ආයෝජකයකු සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

ආණ්ඩුව මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර ඇති අතර අදාළ ඉඩම ආයෝජකයකුට ලබා දීමට තීරණය කොට ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මෙම තොරතුරු අනුව ඉදිරියේදි මෙරට ඉඩම් විශාල සංඛ්‍යාවක් බදු දෙනු ඇත.

 

Social Sharing
නවතම