රැඳවියන්ට පහර දුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් 05 කුගේ වැඩ තහනම්!

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුලදි රැඳවියන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට  අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙක් පිටස්තර පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ ඇති කර ගත් ගැටුමක් දුර දිග යාම නිසා ඊට පළිගැනිමක් වශයෙන් මෙම පහර දීම සිදුව ඇති බව පැවසේ.

ඒ අනුව වැඩ තහනම් වු  නියාමකවරුන් 05 දෙනා විනය පරීක්ෂණයකට යටත්ව වැඩ තහනම් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන අතර එක් පරීක්ෂණයක් බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකු සිදුකරයි.

අනෙක් පරීක්ෂණය අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා විසින් සිදුකරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

බන්ධනාගාරය තුලදි පහුගිය 09 දා පහර කෑමට ලක්ව තිබුනේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශිය සභා සභික අමිල කුමාරසිංහ හා දුලන්ත රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනාය.

පහර කෑමට ලක් වු දුලන්ත මේ වනවිටත් සිටින්නේ කරාපිටීය රෝහලේය.

මෙම පහර දීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් කරන ලෙසට පහුගියදා අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරියද පොලිසියට නියෝග කර තිබුණි.

පෙර ලිපිය

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

 

 

Social Sharing
නවතම