අපේ සීමාව ‍තේරුම් ගැනීම

Ranil Wickremesinghe Galleface protest political situation in sri lanka

රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල් කියල එකක් නෑ. ෆේල් වෙන්නෙ රට. රනිල් අසමත් වෙන්නෙ රනිල්ට සංස්කෘතිය ගැන තියෙන නොවැටහීම සහ නොඇදහීම හින්ද. අර්බුදයට අවශ්‍ය ආර්තික විසඳුමක් කියන එකයි රනිල්ගේ තේරුම් ගැනීම. ඒක ඇත්ත. මූලිකම වෙන්නෙ ආර්තික විසඳුමක් තමයි. නමුත් ඒ ආර්තික විසඳුමට යන්න නම් අපිට සිද්ද වෙනවා ඊට වඩා විශාල සංස්කෘතික වෙනසක් ඇති කරන්න. මෙතනදි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම…

Read More

අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!

UN intervenes in Sri Lanka's economic crisis

ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් අවශ්‍ය යැයි ද එය ලබා දෙන්න යැයි එක්සත් ජාතීන් ලෝකයෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය. ජූනි සිට සැප්තැම්බර් දක්වා මාස හතරක කාලසීමාවක් සඳහා මෙම ආධාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලැස්මක් අද දියත් කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර් ප්‍රකාශ කරන්නී, ලංකා වේ ජනගහනයෙන් 22%ක් හෙවත් මිලියන 4.9ක ජනතාවක් මේ වන විට ආහාර ආධාර…

Read More

”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව

සර්ව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනඟනු ලබන නිසි ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර දීම පිළිබඳව හෝ මූල්‍යමය උදව් ලබාදීම පිළිබඳව නොසිතන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව ප්‍රකාශ කරන්නේ, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීම සඳහා සලකා බලමින් සිටින බවය. මේ සඳහා ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක වී ආර්ථිකමය ස්ථාවරත්වය ඇතිකරගැනීම උදෙසා නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් සහ වැඩපිළිවෙලක් සකස්කරගත යුතු බව ලෝක බැංකුව අවධාරණය කර ඇත.

Read More

මර්දනයට, ආසයි බයයි..!

Sl Army Special Forces Combat Riders #gohomegota2022

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ යතුරු පැදිකරුවන් සරුංගල් වගේ පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂකයන්ගේ රෙද්ද අස්සේ ඉගිල්ලෙනවා අපි දැක්කා. මේ වෙලාවේ පොලිස් හැසිරීම දිහා බැලුවාම පේනවා රාජපක්ෂලාට තමන්ගේ දඩ බල්ලන් මුදාහරින එක හිතන තරම් ලේසි නෑ කියලා. කොහොම වුණත් මේ වෙනකොට කොළඹ පුරවලා තියෙන්නේ හමුදාව ගෙනල්ලා. ඊයේ කොළඹ වරායට ඇතුල්වෙන සීමාවේ සිය ගණනින් හමුදාව කැරළි මර්දනයට ලක ලෑස්තිවෙලා හිටියේ.…

Read More

“අයිතීන් දිනාගන්න වෙන්නේ සටන්වලින්, සම්මුතීන්වලින් නෙවෙයි” – පීටර් ඩී අල්මේදා

Peter D' Almeida political crisis in sri lanka

ධර්මසේන පතිරාජගේ ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඉර මැදියම’ සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත වශයෙන්ම එහි සැබෑ මූලයන් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහල් වේදිකාව දක්වාම දිවයයි. නමුත් රංගනවේදියකුගේ අනන්‍යතාවෙන් ඔබ්බට ගිය සටන් අත්දැකීම් බහුල වෘත්තීය සමිති ක්‍රියාධරයකු වශයෙන් සමාන්තර දිවියක් පීටර්ට ඇතැයි බොහෝදෙනා නොදනිති. ඒ අනන්‍යතාවයේ වැදගත් පංගුවක් නියෝජනය කරන්නේ ෆිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ හෙවත් බාලා සහෝදරයාගේ නායකත්වයෙන් මෙහෙයවුණු ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) සමග පීටර්ගේ සම්බන්ධතාවයේ ඉතිහාසයයි.…

Read More

ආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..

වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙන අතර හෙට 8 වෙනි අගහරුවාදා පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රීලනීප නායකත්වය තීරණයකට එනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රීලනීප ආසන සංවිධායකවරුන් තම කැමැත්ත මෙසේ පළ කළත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මේ උචිත…

Read More

බුරුමයත් ලංකාවත් සමාන බව මතක තබා ගන්න..!

පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත සැම එකකම පාහේ රථ වාහන පදවන්නේ පාරේ වම් පැත්තෙනි. නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ බුරුමයේ පමණක් වාහන දකුණු පසින් පැදවෙයි. එරට ඉතිහාසයේ මුල සිටම වාහන පැදවුනේ පාරේ වම් පසින් වුවද 1970 දී හිටිවනම එවකට තිබුණු හමුදා පාලනය විසින් එය දකුණු පසට මාරු කරනු ලැබෙයි. සියලු දෙනා අන්දුන් කුන්දුන් කරවමින් එක් රැයකින් බලාත්මක වුණු මේ නීතිය ක්‍රියාත්මක කරවීමට ඇත්ත වශයෙන්ම තීන්දු කොට තිබුනේ එරට රථ වාහන නියාමනය සම්බන්ධ ආයතනයක් විසින් නොව, එවකට එරට හමුදා පාලකයා වුනු නේ වින් ට පෞද්ගලිකව උපදෙස් දුන් මන්තරකාරියක වූ ගුප්ත විශාරද  කාන්තාවක…

Read More

පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.

Political movements in sri lanka

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග…

Read More

මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය

Ranil Wickremesinghe Member of Parliament United National Party

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ  (23 ) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාලක කොලොන්නේ මහතා මෙසේ ද කීය. “අද අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය. එතුමාට නිවන් සුව පතනවා. ඉස්සර අපි හැමෝම…

Read More

එන්නත දේශපාලඥයාගේ නොව ජනතාවගේ අයිතියක් – සිරිතුංග ජයසුරිය

Siritunga Jayasuriya United Socialist Party

මේ රට තීරණාත්මක, බරපතල අර්බුදයකට ආණ්ඩුව විසින් ඇද දමා තිබෙන බවත් නමුත් ආණ්ඩුව ජීවත් වන්නේ කිසිම අර්බුදයක් නැති ගානට බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංගත ජයසුරිය මහතා පවසයි. ආණ්ඩුව කොරෝනා වසංගතයක් කරගෙන ඒක ඔවුන්ට අවශ්‍ය වෙලාවට උස්සන බවත් අනෙක් වෙලාවට  පහලට දාන බවත් දැන් මෙය සෙල්ලමක් කරගෙන සෙල්ලම ලෙල්ලමක් බවට පත්ව  ඇති බවටද ඔහු චෝදනා කර සිටියි. එසේම එන්නත්කරණයේදී වයස අවුරුදු 60 ට වැඩි අයට ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණත් මේ රටේ එසේ ප්‍රමුඛත්වයක් ලබා නොදුන් අතර දැන් වන විට මේ එන්නත මුදල් ඉපයීමේ, කොමිස් ගැසීමේ ජාවාරමක්…

Read More