අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!

ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් අවශ්‍ය යැයි ද එය ලබා දෙන්න යැයි එක්සත් ජාතීන් ලෝකයෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය.

ජූනි සිට සැප්තැම්බර් දක්වා මාස හතරක කාලසීමාවක් සඳහා මෙම ආධාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලැස්මක් අද දියත් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර් ප්‍රකාශ කරන්නී, ලංකා වේ ජනගහනයෙන් 22%ක් හෙවත් මිලියන 4.9ක ජනතාවක් මේ වන විට ආහාර ආධාර අවශ්‍යව ජීවත් වන බවය. ඇය ප්‍රකාශ කරන්නේ මෙම තත්ත්වය ඇති වෙන්නට හේතුව රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ වී අස්වැන්න සියයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් අඩු වීම බවය.

Social Sharing
නවතම