කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!

Kebithigollewa Covid Prevention Unit oxygen shortage sri lanka

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට දැඩි සත්කාර ඒකකය තාවකාලිකව සකසා තිබේ. දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇඳන් පහසුකම් නොමැති වූවත් සමාන්‍ය ඇඳන් භාවිතා කර ඊට කබඩ් ලාච්චු තබා රෝගීන්ට ඔක්සිජන් ලබාගැනීමට හැකි ආකාරයට ඇඳන් සකසා තිබේ. ඒ අනුව කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ ඇඳන් හතරක් සකසා ශ්වසන අපහසුතාවය ඇති රෝගීන්ට ඔක්සිජන් ලබාදෙමින් ප්‍රතිකාර සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම් පියවර ගෙන තිබේ. වාට්ටුව තුළ…

Read More

මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

elle gunawansa thero covid pandemic sri lanka india

රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත්  මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට, සුනාමියට මුහුණ දෙමින් විශාල දුක් වේදනා රැසකට මුහුණ දීපු ජනතාවක් මේ රටේ සිටින බවත් ඔවුන් දැන්  කොරෝනාවට මුහුණ දෙන බවත්ය. අපේ ජීවිතේ ගෙවිලා ඉවර වුණේ ඒවාට යැයිද ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. සරුංගලේ නූල කඩලා දැම්මා වගේ දැන් පාවී යන බවත් කොයි වේලේ කූරියා ගහලා වැටෙයිද දන්නේ නැති බවත් මෙතුවක් කලක් රජයට භාරදී සිටි නමුත් දේශපාලනඥයන්…

Read More

රට වහන්න කලින් තමන්ගේ මුහුණ කට වසා ගන්න! – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

covid 19 health guidelines prof upul dissanayake Ministry of Health

මේ අවස්ථාවේ රට වසා දැමීමට කතා නොකර කළ යුත්තේ තම තමන්ගේ මුහුණ සහ කට නිවැරදිව වසා ගැනීම බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මහජනතාවට අවධාරණය කර සිටියි. රට වැසිය යුතුද යන්න තීරණය කළ යුත්තේ රටේ අදාල බළධාරීන් බවත්, නමුත් තමන්ගේ නිවස, තමන්ගේ කාර්යාලය වසා ගැනීමට නම් මහජනතාවට හැකි බවත් ඔහු පෙන්වා දෙයි. එසේම පැණි බෙහෙත්වලින් හෝ ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව එකතු කර කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවිය නොහැකි බවත් එමෙන්ම පිරිත් හෝ ශ්ලොකවලින් කොවිඩ් නැවැත්විය නොහැකි බවත් එවැනි මිත්‍යාවලින් මේ රෝගය සුවකළ හැකිනම් මේ…

Read More

අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක – රනිල් වික්‍රමසිංහ

covid situation Ranil Wickremesinghe unp

මේක ආණ්ඩුවේ නම බේරා ගන්න දේශපාලන සටනකුත් නොවන බවත් මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රටේ පවතින වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන්  විශේෂ ප්‍රකාශයක් අන්තර්ජාලය ඔස්සේ සිදුකරමිනි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය. කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිඟයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන්…

Read More

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැමිණි ලොකුම අභියෝගය කොවිඩ් – WHO

WHO Sri Lanka coronavirus pandemic dr olivia nieveras

දිනපතා වාර්තාවෙන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ ලෝක  සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් BBC සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය තවම පැමිණ නොමැති බවකි. එසේම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැමිණි ලොකුම අභියෝගය මෙය බවත් ශ්‍රී ලංකාවටද මෙයින් ගැලවී යා නොහැකි බව ඇය පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවකයන්ට, ආරක්ෂක හමුදාවන්ට සහ අනෙකුත් පළාත් පාලන ආයතනවලට මෙය තනිවම පාලනය කළ නොහැකි බව පෙන්වා දෙන ඇය පවසන්නේ තමන් තමන්ගේ…

Read More

ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

covid pandemic situation sri lanka ministry of health

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර හෝ පැහැදිලි කිරිමක්  ලබා දුන්නේ නැත. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (03) අපූරු පැහැදිලි කිරිමක් කර ඇත. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බවය. නමුත් මෙහිදී හෘද රෝග හෝ…

Read More

කොවිඩ් ආසාදනයෙන් මියගිය බිළඳාගේ දෙමාපියන් අධිකරණයට.

Parents of baby who died of Covid infection go to court

ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වුයේ පහුගිය අට වෙනිදාය. ඒ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි. මෝදර පදිංචි දින 20 ක බිළිඳෙකු ඉකුත් 08 දා අලුයම 04 ට පමණ ළමා රෝහලට ඇතුලත් කර ඇත. එහිදි සිදු කළ PCR පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බිළිඳාට කොවිඩ් ආසාදිත බවය. පසුව ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර එහිදී බිළිඳා මිය ගොස් තිබුණි. මෙහි විශේෂත්වය වුයේ දරුවා කොවිඩ් ආසාදිතයෙකු වුවත්  දරුවන්ගේ දෙමාපියන් කොවිඩ් ආසාදිතයින් නොවීමය. මෙම මරණයෙන් පසු බිළිඳාගේ  සිරුර බාර ගැනීමට දෙමාපියන් පැමිණ නොමැති අතර ඔහුගේ ඥාතිවරයෙක් පැමිණියත් දේහය බාර ගැනීමට ඉදිරිපත් වූ…

Read More

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට

ඇමරිකා ඒක්සත් ජනපදයේ ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ කොරෝනා මර්ධන ඒන්නත ලබන අගහාරුවාදා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව බෙල්ජියමේ සිට ආනයනය කරනු ලැබු ඒන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය විසින් ගෙන්වා ගෙන ප්‍රසිද්ධ නොකළ ස්ථානයක ගබඩා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. කෝවිඩ් 19 සම්බන්ධව පර්යේෂණ කරනු ලබන ආයතන කිහිපයක් විසින් ඒන්නත් කිහිපයක් නිෂ්පාදනය කරනු ලැබුවත්, ඉන් ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ ඒන්නත කොවිඩ් මර්ධනය සදහා 95%ක ආරක්ෂාවක් සපයන බවට තහවුරු කර ගෙන  තිබේ. බ්‍රිතාන්‍ය විසින් සොයාගත් ගත් තවත් ඒන්නතක් වන Oxford එන්නත තහවුරු කර ඇත්තේ…

Read More

කොවිඩ් ආසාදිත නාඳුනන මළසිරුරු රජයේ වියදමින් ආදාහනයට!

Unidentified bodies infected with Covid to be cremated at government expense

කෝවිඩ් වෛරසය ආසාදිත යැයි පවසන හඳුනා නොගත් මළ සිරුරු අප්‍රකාශිත සංඛ්‍යාවක් පුළුස්සා දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති නියමයෙන් එම තීන්දුවට එළැඹ ඇත්තේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් රටේ ඉහලම අධිකරණය විසින් ඉවත දැමීමත් සමගය. කෝවිඩ් රෝග පාලන කටයුතු භාරව අලුතින් රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිහිටුවීමට පසුදා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අත්සනින් යුතුව දෙසැම්බර් 1 අඟහරුවාදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතව මිය ගිය හඳුනා නොගත් අයගේ මළ සිරුරු රාජ්‍ය…

Read More

ඇද වැටී මිය යාම් දෙකක්.. කොවිඩ් දැයි සැකයක්..

හදිසි මිය යාම් දෙකක්.. කොවිඩ් දැයි සැකයක්..

නිරෝධායනයට යොමු කර සිටි හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරයි. ඒම දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බව ද පැවසේ. ඒමෙන්ම, කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාළු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටිය දී ඇද වැටී මිය ගොස් තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒම මරණය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි. මේ අතර, ඊයේ දිනයේ (25) හදුනාගත් නව කොරෝනා ආසදිතයින් 502 දෙනා සමග ලංකාවේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 21,469 දක්වා ඉහල ගොස් තිබේ. මින් රෝගීන්…

Read More