ඇද වැටී මිය යාම් දෙකක්.. කොවිඩ් දැයි සැකයක්..

නිරෝධායනයට යොමු කර සිටි හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරයි. ඒම දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බව ද පැවසේ.

ඒමෙන්ම, කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාළු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටිය දී ඇද වැටී මිය ගොස් තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒම මරණය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි.

මේ අතර, ඊයේ දිනයේ (25) හදුනාගත් නව කොරෝනා ආසදිතයින් 502 දෙනා සමග ලංකාවේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 21,469 දක්වා ඉහල ගොස් තිබේ. මින් රෝගීන් 15,444ක් සම්පුර් සුවය ලබා ඇති අතර, මෙතෙක් ප්‍රථිකාර ලබා ගන්නා ප්‍රමාණය ලෙස වාර්තා වන්නේ 5926 දෙනෙකි.

ඊයේ වාර්තා වූ කෝවිඩ් මරණ 2ත් සමග ශ්‍රී ලංකාවේ කෝවිඩ් මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහල ගොස් තිබේ. පසුගිය ඔක්තෝබර් 31 වන විට ලංකාවේ කෝවිඩ් මරණ ලෙස වාර්තා වූයේ 20 දෙනෙකු පමණි. නමුත් පසුගිය දින 25 තළ ඒම සංඛ්‍යාව පස් ගුණයකට ආසන්න සංඛ්‍යාවකින් ඉහල ගොස් තිබේ.

මේ අතර, අද (26) දින QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක් සහ WY 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 35 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒමෙන්ම, අද දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 4,894 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ දිනයේ PCR පරික්‍ෂණ 10,400 ක් සිදුකර ඇති බව ද වාර්තා වේ.

Social Sharing
නවතම