මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක් සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත විසදුම් ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි වෙත මාර්තු 01 සදුදා ලිපියක් යොමු කරමින් එම අනතුරු ඇගවීම කර ඇත්තේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසිනි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිගේ සහ සභාපති චමින්ද නිලන්තගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවක…
Read MoreTag: covid 19 health guidelines sri lanka
ඇමතිවරියටත් ඉහළින් තීන්දු තීරණ ගන්නා රටක සෞඛ්‍යයේ හෙට දවස?
රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත. ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට භාරව සිටින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියය. නමුත් ඇයට අදාල කටයුතු සිදුකිරීම සඳහා නිදහසක් නොමැති බව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඇය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වී ඇති බවය. කොවිඩ් එන්නත්කරණය…
Read Moreඅඛණ්ඩ සෞඛ්‍ය සේවාවට අනවශ්‍ය අර්බුද එපා! – රවී කුමුදේශ්
මේ වන විට කොවිඩ් වසංගතය මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවා යද්දී කොවිඩ් ආසාදිත මරණ 500 ට ආසන්න වෙමින් ඇත. මේ ගෝලීය වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ ඉටු කරන්නේ අපරිමිත මෙහෙයකි. නමුත් මේ වන විට සෞඛ්‍ය අංශ බරපතල කඩා වැටීමේ අවදානමකට ලක් වෙමින් ඇත. සෞඛ්‍ය සේවාව පිළිබඳ තීරණ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගනු ලැබූ තීන්දු නිවැරදි නොකරමින්, සෞඛ්‍ය බලධාරීන් සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය සෞඛ්‍ය අර්බුදයක් ඇතිකර තිබෙන බව වැඩ කරන ජනබලයේ සම කඳවුම්කරු රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේය. මාරාන්තික වසංගතයක්…
Read Moreමුස්ලිම් කොවිඩ් රෝගියකු ඝාතනය කළ බවට අනුරාධපුර රෝහලට චෝදනාවක්!
කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම පශ්චාත් මරණ පරික්ෂණ නැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ පෙබරවාරි මස (1දා) සිට කොවිඩ් වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු තුනක් හා දමිළ පුද්ගලයෙකුගේ සිරුරුක් ගොඩගැසි තිබෙනා අතර පවතින අවධානම් තත්වය නිසා පශ්චාත් මරණ පරික්ෂණ පැවත්වීම වහාම අත්හිටුවීමට අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ…
Read Moreකොවිඩ් නිසා සමාජ අපකීර්තියට පත් වූ පුද්ගලයින්ට මොකද වෙන්නේ.
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ හේතු වී තිබුණි. කොවිඩ් ආසාදිත රෝගියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා යන අවස්ථාව වීඩියෝ කර මාධ්‍යයෙන් පෙන්වන්නේ අපරාධකරුවෙකු සොයාගෙන යන ආකාරයටය. මෙය මාධ්‍ය ආචාර ධර්ම අභිබවා ගිය ක්‍රියාවලියකි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බව අප සැම දන්නා කරුණකි. නමුත් සමාජයේ ඇතැම් තරුණයින් මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිල අඳුමෙන් සැරසී යන තරුණියන්ට උසුලු විසුලු කළේය.…
Read Moreරජය දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන උත්සහයක
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකයක් මතු වන්නේ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැති අතර ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණක් බවද ඒ මහතා පෙන්වා දෙයි. රවී කුමුදේශ් ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ අත්දැකීම ලබා දුන් නමුත් රටේ සාමාන්‍ය මහජනතාව සදහා එම අද්දැකීම ලැබෙන දිනය…
Read Moreකොවිඩ් එන්නත පුජ්‍ය පක්ෂයත් ඉල්ලයි.
කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත ගතවූ දින තුන තුළදී 50,000 කට අධික පිරිසකට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, මේ අනුව මුලින්ම ප්‍රමුඛතාව මත සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත මෙම එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. මේ අතර මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පවසන්නේ කොවිඩ් 19 වෛයිරසය මර්ධනය කිරීම සදහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිඩ් නිවාරණය සදහා සටන් වදින මුල්පෙල පිරිසට ලබාදීමෙන් පසුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට හා අන්‍ය පූජක ප්‍රසාදීන්වහන්සේලාට දෙවැනි වටයේදී ලබාදීමට…
Read Moreරෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ ක්‍රියා නිසා හෙද නිලධාරීන් හෙට දිනයේ වෘත්තිය සටනකට!
කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බව අනාවරණය පහුගිය දෙසැම්බර් මාසයේදීය. මෙහිදී සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදන නිකුත් කරමින් පෙන්වා දුන්නේ මේ නිසා හෙද හෙදියන් දැඩි අවධානමකට ලක් වී සිටීන බවය. නමුත් ඊට අදාල බලධාරීන් මෙතෙක් මුණිවත රැකීම නිසා හෙට (15) දිනයේදී මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල, ජාතික අක්ෂි රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක ආයතන ප්‍රධානීන්ගේ ක්රියාකලාපයන්ට එරෙහිවත් ඊට විරෝධය පල කිරීම සඳහාත් පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට මේ වන…
Read Moreරජයෙන් “උදයංග පොකුරක්” – පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්
කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ කිරීමේ මුලික කටයුතු මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. නුදුරු දිනෙකදීම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර අභිබවා උදයංග වීරතුංග පොකුරක් බිහි වෙනු බවද රජය මේ කරන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමක් නොවන අතර කූප්රකට රතු වරෙන්තුකරුවාගේ මඩිය තර කර ගැනීමට කරන උත්සහයක් බවද කියා සිටියි. යුධ සමයේදි මිග් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 14 ක අලාභයක් මේ රටට කරපු අයෙක් වන උදයංග වීරතුංග තවත් ප්‍රසිද්ධ වන්නේ යුක්රේනයේ සිට ත්‍රස්තවාදින් සමඟ අවි ගණුදෙනු කළ බවට බවත් ඒ අනුව පහුගිය කාලයේ…
Read Moreසිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!
COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන් මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19 සෞඛ්‍ය අර්බුදය තුළ රජය විසින් සංක්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික COVID 19 ප්‍රතිචාර සැලැස්ම සකස් කොට අනුමත කරන ලද්දේ ඒ අනුවය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයේ ආයතන හරහා සහ සංවර්ධන හවුල්කරුවන් සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයෙනි. මෙම සංක්‍රමණික සේවකයින්ගේ ක්ෂණික අවශ්‍යතා, නැවත මෙරටට ගෙන්වා ගැනීම, තිරසාරව නැවත සමාජගත කිරීම සහ නිපුණතා ලබා දීම…
Read More