කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ ඇණ හිටී

මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්‍ෂණ ඇණ හිටීමත්, දැඩි ශල්‍ය මුව වැසුම් හිඟයත් නිසා රෝහලේ හෙද හෙදියන් කාර්ය මණ්ඩල හා රෝගීන් බරපතල අනතුරක ලක්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමය කියා සිටින්නේ 2021.06.07 දින දහවල සිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රොහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ට සදු කරමින් තබූ ඇනටිජන් පරීක්‍ෂාව නවතා දමා ඇති බවත් මීට හේතු වී ඇත්තේ පරීක්‍ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කිට්ස් නොමැති බව දැනගන්නට ලැබුණු බවය. එසේම, මේ තත්ත්වය රෝහලේ අනෙකුත් රෝගීන් ඇතුළත් කරගන්නා ස්ථානවලට ද ඉතා දැඩිව බලපෑම් කර තිබෙන බවද ඔවුන් කියා සිටියි.

මීට පෙර විවිධ අනතුරුවලට ලක්ව ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් මෙන්ම, විවිධ රෝග තත්ත්‍වවලට ප්‍රතිකාර ලැබීමට රෝහල් ගතවන රෝගීන් ගෙන්, කොරෝනා රෝගීන් වෙන් කර හඳුනා ගැනීමට ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් හැකි වූ අතර, එමගින් කාර්ය මණ්ඩලයත්, වාට්ටුවල අනෙකුත් නේවාසික රෝගීනුත් රෝහලට පැමිණෙන්නන්ද  කොරෝනා අසාදිතයින් බවට පත්වීම වැළකුණ බව සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙයි.

එසේම මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ සියලූ කාර්ය මණ්ඩල මෙන්ම රෝගීන්ගේ පාවිච්චිය සඳහා ලබාදුන් ශල්‍ය මුව වැසුම්වල බරපතල හිඟයක් ද ඇති වී තිබෙන බවත්  අද වන විට ජාතික රෝහලේ සෑම වාට්ටුවකට ම ලබාදෙමින් ඇත්තේ දිනකට මුව වැසුම් 50 ක පමණ කුඩා ප‍්‍රමාණයක් බවත් මෙය කිසිසේත් ම වාට්ටුවක එක් සේවා මුරයකටවත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බවත් ඔවුන් කියා සිටියි. එසේම, PPE කට්ටලවල ද දැඩි හිඟයක් ඇති වී තිබෙන බවත් මේ තත්වයන් හමුවේ ජාතික රෝහල්, කාර්ය මණ්ඩලයටත් රෝගින්ටත් දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වී ඇතැයිද සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

පසුගිය කාලය මුළුල්ලේ ම අප විසින් වැඩි වෙමින් පවතින කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා රෝහල් පද්ධතියට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ හා ආයිත්තම් අවශ්‍ය ප‍්‍රමාණයන් ගෙන් ලබාදෙන ලෙස සියලූ සෞඛ්‍ය බලධාරීන්ගෙනුත් රෝහල් ප‍්‍රධානීන්ගෙනුත් ඉල්ලීම් කළ නමුත් ඔවුන් එය නොසලකා කටයුතු කළ බවත් දැන් එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයටත්, අහිංසක රෝගීන්ටත් මහජනතාවටත් වීම අතිශ්‍ය කනගාටුදායක යැයිද එම නිවේදයෙන් කියා සිටියි.

අඛණ්ඩ සේවාවක නිරතව සිටින හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනිකුත් සෞඛ්‍ය සේවකයින්ගේ මෙන්ම රෝගී ජනතාවගේත් සුරක්‍ෂිතතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නොපමාව කටයුතු කර අවශ්‍ය සියලූ පහසුකම් වහාම ලබාදෙන මෙන් ඔවුන් අදාල බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

-ශානි-

Social Sharing
නවතම