-කේ. සංජීව- මේ වෙනකොට 21 වෙනි සංශෝධනය ගැන පුලුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවෙන් පිටත පවතිනවා. හැබැයි ඒක තවමත් කැබිනට් මණ්ඩලය අස්සේ හෝ පාර්ලිමේන්තුව ඇතුලේ පේන්න නෑ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට්ටුවට දානවා කියන 21 නිකන් අයිසින් ගුලියක් විතරයි. රැවුලත් ඕනී කැඳත් ඕනී පන්නයේ වැඩ කරලා විජේදාසට හොඳට හුරුයි. ඒ නිසා මිනිහා මොකක් හරි ලියවිල්ලක් දායි. හැබැයි ඒක 19 ප්ලස් වෙන එකක් නෑ කියලනම් අපිට සුවර්. මේ අහු අස්සේ ජනතාව පන්නලා දාපු අගමැති මහින්ද රාජපක්ෂ කියලා තියෙනවා පොහොට්ටුව මේකට සහාය දෙන්නේ, ජනාධිපති ක්‍රමය අවසන් කරනවා නම් විතරයි කියලා. අන්න වැඩේ..! ජනමත විචාරණය විධායකය ආරක්ෂා…
Read MoreTag: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත. එසේම විසිඑක් වැනි සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බව හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. තව ද පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රශ්නයක් නැති නමුත් බලයක් නොමැති අගමැති කෙනෙකු අතට විධායක බලතල පත්වීමට තම පක්ෂය අනිවාර්යයෙන් ම විරුද්ධ වන බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත..
Read Moreවිරෝධය නිසා, 21 කැබිනට්ටුවට එයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැළැක්වීමේ වැඩපිළිවෙළ හමුවේ, අද (23) දිනයේ දී 21 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකරනු ඇතැයි ප්‍රකාශ වීමත් සමග සමාජයෙන් විශාල විරෝධයක් නැඟීම නිසා එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට සිදුවී ඇත. ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය, අද හවස ජනාධිපති මන්දිරයේ දී රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති අතර එහිදී එම සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව මෙම සංශෝධනය පාර්ලිමේන්තුව වෙතට පැමිණෙන අතර එලබෙන සිකුරාදා ට ප්‍රථම යෝජනා ඉදිරිපත් කරන්න යැයි පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇත.
Read More“සන්නස්ගලගේ අනාවැකිය හරි ” – රෙහාන් ජයවික්‍රම
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක 25 තෙක් රිමාන්ඩ්
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එනම් පසුගිය 9 වන දා ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම හේතුවෙන් මොවුන් ඊයේ දින සීඅයිඩී අත්අඩංගුවට ගනු ලැබිණි. එසේම මෙම චෝදනාවම ලැබ සිටි මොරටුව හිටපු නගරාධිපති අමල් සිල්වා යන අය ද ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගෙන ඇත.
Read Moreපාර්ලිමේන්තු චන්ඩීන්ගෙන් මාධ්‍යවේදීන්ට පහරදීමක්
පාර්ලිමේන්තුවේ අද (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා වෙයි. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී ඇත්තේ, ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන මාධ්‍යවේදීන් දෙදෙනාය. ඔවුන්ට පහර දී ඇත්තේ අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් දෙදෙනා බව දැනගන්නට ලැබෙන අතර මෙහිදී මෙම මන්ත්‍රීවරුන් ‘උබලා තමයි මේ රට ගිනි තිබ්බේ’ යනුවෙන් මාධ්‍යවේදීන්හට මරණීය තර්ජන එල්ලකර ඇත. මේ පිළිබඳව අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා පොලීසියට පැමිණිලි කර ඇත.
Read Moreරට පාලනයට ජාතික සභාවක්..!
වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර එහිදී නව අගමැතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟවී ඇත. මේ අනුව ජාතික සභාවක් පත් කෙරෙන බව ප්‍රකාශ කරන අතර එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කරන බවද මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්නට නියමිත බව ප්‍රකාශ වෙයි.
Read Moreකිරිබත්ගොඩ පොහොට්ටු මැරයා අත්අඩංගුවට..!
ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පෙරේදා (13) මැර ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දුමින්ද පෙරේරා නමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (14) නියෝග කළ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කළේ. ලංකා නිව්ස් වෙබ්
Read Moreතවත් නොගැලපෙන දීගයක් ඉස්සරහට බලාගන්න පුළුවන්.
ශ්රීලනිපය ආණ්ඩුවෙන් කැඩෙන දවස අද?
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත් වෙන බව දැනගන්නට ලැබෙන අතර මෙම හමුවේදී සාකච්ඡා වෙන කරුණු මත හවස බොහෝ දුරට ශ්‍රීලනීපය ප්රමුඛ කණ්ඩායම විපක්ෂයට එකතුවෙනු ඇත. මේ අතර ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළේ අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ තීරණයක් ගන්නා බවය. ‘විශේෂයෙන්ම හෙට පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත…
Read More