සර්වපාක්ෂික සමුළුවට සජබ නෑ..

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 දා පැවැත්වීමට යෝජිත මෙම සර්වපාක්ෂික සමුළුව කිසිම තේරුමක් නැති බොරු මාධ්‍ය සන්දර්ශනයක් පමණක් බවද එයින් පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසිඳු දෙයක් නොලැබෙනු ඇති බවද සජබ මතය බව එම ප්‍රකාශකයා ප්‍රකාශ කළේය.

වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරුන්ද මෙම සමුළුව වර්ජනය කරන බව මීට ප්‍රථම ප්‍රකාශ කර තිබුනි.

මේ තත්ත්වය අනුව ජනාධිපතිවරයාට මෙම හමුව පවත්වන්නට වන්නේ පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනීපය සමග පමණක් බව වාර්තා වෙයි.

Social Sharing
නවතම