දේශද්‍රෝහී කුමන්ත්‍රණයකට උත්සහ ගත් අලි සබ්‍රිට අස්වීමට නියෝග කරන්නේ නැද්ද? – පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

“වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන හරියට කරුණු සොයා බැලුවහොත් එය හරියට 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක්, ඒ පනත තුලින් පනවන්න උත්සහ ගත් බව පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ පවසයි.

වාසනාවකට මේ පනත ශ්‍රේෂ්ඨඅධිකරණයේදී අභියෝගයට ලක්වුයේ  රටට හිතැති නීතිඥවරුන්ගේ ඉදිරිපත් වීමෙන් බවත්, මේ පනත ව්‍යවස්ථා විරෝධි බවද උන් වහන්සේ පවසයි.

මේ පනතේ වගන්ති 13ක් ඇති බවත්, ඒ වගන්ති 13 න් එකක්, දෙකක්, තුනක් නෙමෙයි වගන්ති හතක්ම ව්‍යවස්ථා විරෝධි බවද ඒ අනුව මේ පනතෙන් 60%ක්ම රාජ්‍ය ව්‍යවස්ථාවට පටහැනියි, නීති විරෝධි බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

මේ පනත සෑදුයේ ජනාධිපතිවරයාටත් නීති උපදෙස් දෙන ආකාරයේ විශේෂඥ  දැනුමක් තියනවා යැයි සැලකෙන මෙරට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා බවත් එසේ නම් ඔහු  නීතිපති දෙපාර්තමේන්තුවටත් බොරු එසේත් නැත්නම් නොමග යැවීම් කර, අධිකරණයේ අදාල අංශ නොමග යවන්න උත්සහ කර, කැබිනට් මණ්ඩලයත් නොමග යවා  පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ගොස් ඇතැයිද පෙන්වා දෙන පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ මේ පනත සම්මත වුනානම් මේ රට ඇෆ්ගනිස්ථානයක් වැනි තත්තවයකට පත් වෙන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පසුගියදා ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය ගම්මන්පිල අමාත්‍යතුමාට කරනලද නියෝගය හෝ ඉල්ලීම සාධාරණ නම්, ඊටත් වඩා ප්‍රශ්නයක් දැන් උත්ගතව ඇති බවත්, එය නම් වගන්ති 13න් වගන්ති 7ක්ම (60%) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොරෝනා පනත හැදූ, වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහත්මා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා ගන්නා තීන්දුව කුමක්දැයි උන් වහන්සේ විමසා සිටියි.

උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ, “ඉන්ධන මිල වැඩිකලා වගේ නෙමෙයි, ඊට වඩා දහස් ගුණයකින් භයානක දේශද්‍රෝහී පනතක් සම්මත කර ගැනීමට උත්සහ ගත් අලි සබ්‍රි මහත්මයාට අස්වීමට නියෝග කරන්නේ නැද්ද? සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයයි.” යනුවෙනි.

මේ පනත, කොරෝනා වෛරස උවදුර ඉදිරියට දමාගෙන, කොරෝනා වෛරස උවදුර යටතේ වික්ශිප්තව සිටින රටේ, මෙන්න කුමන්ත්‍රණකාරීව සම්මත කර ගන්න ගත්ත උත්සාහය සම්බන්ධයෙන්, වත්මන් අධිකරණ අමාත්‍යවරයා, වගකීම් බාරගෙන, දේශද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ කිරීමේ වරදට, අවංකවම ඒ වරද පිලිගෙන, ඔහු මේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරන උන් වහන්සේ පවසන්නේ

කිසිදු මහජන පදනමක් නැති, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ, අධිකරණ ඇමතිකම වගේ බරපතල වගකීමක් ඔහු දරන්නේ රටේ යහපත වෙනුවෙන් නොවන බවත් වෙනත් කාගේ හෝ අපේ සතුරන්ගේ අවශ්‍යතාවන්ය කියන බව ඉතාමත් පැහැදිලි බව බවද  ලොරියේ ඉදිරි පසින් “බුදු සරණයි!, දෙවි පිහිටයි” කියා ගහගෙන ඇතුලේ හරක් අදින හරක් ගව ඝාතක  මුදලාලි කෙනෙකුගේ වෘත්තියම තමයි, වත්මන් අධිකරණ ඇමති තුමා මේ නිලයේ ඉඳගෙන කරන්නේ යැයිද වැඩිදුරටත් කියා සිටියේය.

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ මේ බව පවසන ලදි.

-ශානි-

Social Sharing
නවතම