“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

එසේම විසිඑක් වැනි සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බව හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

තව ද පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රශ්නයක් නැති නමුත් බලයක් නොමැති අගමැති කෙනෙකු අතට විධායක බලතල පත්වීමට තම පක්ෂය අනිවාර්යයෙන් ම විරුද්ධ වන බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත..

Social Sharing
නවතම