රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ සහ එහි වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්, මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට ඇති බාධකයන් ඉවත් කරගැනීමට මේ තීන්දුව ගත් බව ඔවුහු එහිදී කියා සිටියහ. මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ඉංජිනේරු සුමේධ රත්නායක, ඉංජිනේරු සුරත්…
Read MoreTag: වෘත්තීය සමිති නීතිය
“අයිතීන් දිනාගන්න වෙන්නේ සටන්වලින්, සම්මුතීන්වලින් නෙවෙයි” – පීටර් ඩී අල්මේදා
ධර්මසේන පතිරාජගේ ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඉර මැදියම’ සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත වශයෙන්ම එහි සැබෑ මූලයන් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහල් වේදිකාව දක්වාම දිවයයි. නමුත් රංගනවේදියකුගේ අනන්‍යතාවෙන් ඔබ්බට ගිය සටන් අත්දැකීම් බහුල වෘත්තීය සමිති ක්‍රියාධරයකු වශයෙන් සමාන්තර දිවියක් පීටර්ට ඇතැයි බොහෝදෙනා නොදනිති. ඒ අනන්‍යතාවයේ වැදගත් පංගුවක් නියෝජනය කරන්නේ ෆිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ හෙවත් බාලා සහෝදරයාගේ නායකත්වයෙන් මෙහෙයවුණු ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) සමග පීටර්ගේ සම්බන්ධතාවයේ ඉතිහාසයයි.…
Read Moreකන්න නැති මිනිස්සුන්ට දැන් බෙහෙතුත් නෑ!
හෙද, පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය ආදී සේවාවන් රැසකට අදාළ වෘත්තීය සමිති 18ක් එකතුව පසුගිය 7 දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවැරුම නිසා රටපුරා රෝහල්වල විශේෂයෙන් බාහිර රෝගී අංශ අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වේ. වැටුප් විශමතාවයන් දුරැලීම, ඖෂධ මිල ගණන් අඩු කිරීම ආදීවූ ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ වී ඇති අතර සෞඛ්‍ය වෘත්තීන් 18ක සේවකයන් මෙම වැඩ වර්ජනයට සහාය පළකර ඇත. මෙම තත්ත්වය නිසා දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනවල කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වී නැති අතර රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්නට පැමිණෙන දුප්පත් අසරණ ජනතාව මේ…
Read More“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්
“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව ආගරපතන වැවිලි සමාගමට අයත් වතු යායේ වැඩ කරන කම්කරුවන්ගේ වෘත්තීය අරගලයක් පසුගිය සතියේදී දියත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙනි. “කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටු කර දෙන්න ආගරපතන වතු සමාගම එකඟවුනා, ඒත් ඒක ලියවිල්ලකින් තහවුරු කර දෙනකම් අපි බලාන ඉන්නවා,” යැයි රාජ්‍ය ඇමැති තොණ්ඩමාන් පවසයි. දේශපාලන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුල වෘත්තීය සමිති වැඩ වලින් ඈත් වුවද…
Read Moreවතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්!
බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස බඩු මිල ඉහල යන ඒකත් එක්ක කම්කරුවන්ට ජීවත් වෙන්න හරිම අමාරුයි, ඒ හින්දා මේ ජීවන වියදම් දීමනාව රුපියල් 500 දක්වා ඉහල දාන්න ඕනෑ,”යැයි දෙමළ ප්රගතිශීලි පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික,මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි. මන්ත්‍රී ශ්‍රීධරන් කියා සිටියේ විදේශ විනිමය රටට ගෙන ඒමට සමත් වන වතු කම්කරුවන්ට…
Read Moreසුව සේවයේ දෙදින වැඩ වර්ජනය ඇරඹේ!
වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන නිහඩ පිළිවෙතට විරෝධය පා සුව සේවයේ වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව දෙදින වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ නොවැම්බර් මස 24 සහ 25 දෙනින වර්ජන ක්‍රියා මාර්ගය දියත් කරන අතර කඩිනමින් විසදුම් නොදුනහොත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක විය හැකි බවයි. “මේක සංකේත ක්‍රියාමාර්ගයක් විතරයි. පැය 48කින් ඉවර කරනවා. එහෙම කරන්නේ ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරවන්න. නමුත් එහෙමත් නැගිටින්නේ නැත්නම්, අපි ඊළග පියවරට යනවා. ඒක බොහෝවිට ඉල්ලීම් ලබා දෙනතුරු…
Read Moreවැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!
සිය දෛනික මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23 වැනි අඟහරුවාදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය පළ කළ බවයි. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන්ය. නුවර එළිය, ආගරපතන, ඇල්බියන් වත්ත, බ්රස්ටන්, සින්න නාගවත්ත, නිව් බ්රස්ටන් ආදී වතුවල තේ දළු නෙලන කම්කරුවන් අද දිනයේ සේවා ස්ථිනයට වාර්තා කර සිය රාජකාරිය ඉටු නොකරමින් වැඩ වර්ජනය දියත් කර තිබේ. එයට සමගාමීව සින්න නාගවත්ත වතු කම්කරුවන් විසින් විරෝධතාවයක්ද දියත් කළ බව පළාත් බද…
Read Moreරක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.
සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කිහිපයක් පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ. මෙරට රක්ෂණ ක්ෂේත්රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමු වී පැමිණිලි කළ බව රජය පවසයි. ජීවිත රක්ෂණ නියෝජිතයන් සඳහා සමාගම් කිහිපයක් EPF/ETF අරමුදලට දායක මුදල් ගෙවන නමුත් ඇතැම් රක්ෂණ සමාගම් විවිධ තර්ක ඉදිරිපත් කරමින් එම දායක මුදල් නොගෙවීම බරපතළ සිද්ධියක් මෙන්ම, එය රක්ෂණ නියෝජිතයන්ගේ වෘත්තීය හා කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීමක් බැවින් එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ද මෙම නියෝජිතයන් …
Read Moreමුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් එහි හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන ඊ.කේ විතාන විසින් ඊයේ (26) එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි. අගමැති මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස සිටියදී මේ මස 20 වැනිදා පාර්ලිමේන්තුවට…
Read More“වෘත්තීය සමිති සටන් එපා” සෞඛ්‍ය ඇමතිවරිය දෙයියන්ගේ නාමයෙන් ඉල්ලයි!
“මේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන ගුරු මව්පියවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කියන කඩතුරාවට මුවා වී දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල වුවමනාවට මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ ඡෝෂප් ස්ටාලිං, වී.අයි ලෙලින්, කාල්මාක්ස් සහ පියුම් හංසමාලි වෙනුවෙන්වත්, අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසූ මොහොමඩ් වැනි මේ කාටත් එක හා සාමාන බැවින් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මේ රටේ පොලීසියට සිදු වෙන බවද ඇය කියා සිටියි. ජාතික ව්‍යසනයක් පවතින මෙවැනි අවස්ථාවක ගුරු මව්වරුන්ගේ…
Read More