කන්න නැති මිනිස්සුන්ට දැන් බෙහෙතුත් නෑ!

හෙද, පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය ආදී සේවාවන් රැසකට අදාළ වෘත්තීය සමිති 18ක් එකතුව පසුගිය 7 දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවැරුම නිසා රටපුරා රෝහල්වල විශේෂයෙන් බාහිර රෝගී අංශ අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වේ.

වැටුප් විශමතාවයන් දුරැලීම, ඖෂධ මිල ගණන් අඩු කිරීම ආදීවූ ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ වී ඇති අතර සෞඛ්‍ය වෘත්තීන් 18ක සේවකයන් මෙම වැඩ වර්ජනයට සහාය පළකර ඇත.

මෙම තත්ත්වය නිසා දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනවල කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වී නැති අතර රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්නට පැමිණෙන දුප්පත් අසරණ ජනතාව මේ නිසා දැඩි පීඩාවකට පත්වී ඇත. රජයේ රෝහල් ඖෂධ නිකුත් නොකිරීම නිසා ඔසුසල් අවට විශාල පෝලිම් දක්නට ලැබුණ බව මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල සහ ශික්ෂන රෝහල් 26ක, මූලික රෝහල් 46ක දිසා රෝහල් 410ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාල 293ක මෙම වර්ජනය ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි.

 

Social Sharing
නවතම