ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බව රයිටු ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි.
ඇඟලුම් ක්ෂේත්රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක සේවිකාවන්ට සමාජයේ පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් නමුත් මෙරට වැවිලි ක්ෂේත්රයේ කිසිදු කම්කරුවෙකුට සමාජ පිළිගැනීමක් ලබා දීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බව ඔහු අවධාරණය කර සිටියි.
නීතිඥ දුලාන් දසනායක
ඇතැම් විට මොවුන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම වත්තේ ආර්ථිකයට බාධාවක් විය හැකි බව වතු හාම්පුන් සිතනවා විය හැකි බවද හෙතෙම පවසයි.
පොලිස් ප්රචණ්ඩත්වයේදීද වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ සමාජයේ පහළ පංතිය බවත් ඊට මේ වතු කම්කරුවන් ද අයත් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ එයටද මේ සමාජ පිළිගැනීමේ ගැටලුව බලපා තිබෙන බවය.
එසේම මේ වන විට වතු කම්කරුවන්ට පොහොර හිඟය, පොලිස් ප්රචණ්ඩත්වය, කොවිඩ්, සාමුහික ගිවිසුම් අහෝසි කිරීම, දෛනික අත්තම/කම්කරු අත්තම අහෝසි කිරීම, මෑන් පවර් ක්‍රමය, වැටුප් ගැටලු ආදී රැසකින් පීඩා විඳින මේ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීති, අණපනත් කොපමණ තිබුණත් ඒවා භාවිතා වන්නේ වෙනත් අරමුණු වෙනුවෙන් පමණක් බවද දුලාන් දසනායක මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වධහිංසාවට පාත්රවුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අද (20) දින දෙනියාය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකදීය. මෙම වැඩසටහන සුම් තාක්ෂණය ඔස්සේ පැවතුණි.
මෙහිදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ පිලිප් දිසානායක මහතා, එම මධ්‍යස්ථාන්යේ නීතිඥ හිරෝෂන් ලක්ෂාන් මහතාද අදහස් දක්වන ලදි.
මෙම වැඩසටහන දෙනියාය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි.
-ශානි-