ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි

SLFP is preparing to take a seat in the opposition

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් ‘අයිතිය’ වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින් සුබ බවත්, පොදුජන පෙරමුණ තම පක්ෂයට කරනු ලබන කෙනෙහිලිකම් නිසා තම පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා අවස්ථාව ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. මේ පිළිබඳව පසුගිය දා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කළේ දැයි ‘අයිතිය’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සාකච්ඡා කළා පමණක් නොව තීන්දුවක්ද ගත් බවයි. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ…

Read More

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!

Three petitions against the Money Amendment Bill

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් එහි හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන ඊ.කේ විතාන විසින් ඊයේ (26) එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි. අගමැති  මහින්ද  රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස සිටියදී මේ මස 20 වැනිදා පාර්ලිමේන්තුවට…

Read More

විපක්ෂේ දොරවල් ඇරගනී!

Ranil Wickremesinghe Sajith Premadasa Transfer of party members

පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික පක්ෂයත් එසේ බලා ඉන්නා පක්ෂ දෙකයි. එජාපය හැර ගිය කිසිවකුටත් පක්ෂයේ දොර වසා නැති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසා තිබුණි. “සජබේ ඉන්න වැඩි දෙනෙක් අපේ යාළුවන් සහ හිටපු UNP මන්ත්‍රීවරුන්යැ,” යි හිටපු අමාත්‍ය විජේවර්ධන සති අන්තයේ මාධ්‍යවේදීන් අමතා කොළඹ ජානකි හෝටලයේ පැවති රැස්වීමකදී පවසා තිබුණි. ඊට ප්‍රතිචාර දක්වන සජබ නායකක්, ඔවුන්ගේ පක්ෂයේ…

Read More

“අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්න එපා” ජනතා නීතිඥයෝ  සජිත්ට දන්වයි!

Sajith Premadasa lawyers forum of the people

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට  කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී  විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ. ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත් කරන ලද ප්‍රමුඛ පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාධරයකු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ සටහනකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි. නීතිඥ නාමල් රාජපක්ෂගේ අත්සනින් යුතුව…

Read More

රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.

Attanayake says President gotabaya agrees to pardon Ranjan ramanayake

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු  සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 28 දින අඟුණකොළපෑලැස්සේදී පැවසීය. අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරයේ සිටින රංජන් රාමණායක මහතාගේ සුව දුක් බැලීම සදහා පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ එසේ පැවසීය. දැන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමා මාස 04 ක පමණ සිර දඩුවම් විඳ තිබෙනවා. එතුමා සිර ගතව සිටින්නේ අපරාධකාරයෙක් විධියට නොවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීම හේතු…

Read More

රන්ජන්ගේ මන්ත්‍රීධූරයෙන් හෙළි වන විපක්ෂයේ දේශපාලන පෞරුෂයේ ගැටළුව?

ranjan ramanayake parliament seat Samagi Jana Balawegaya

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට ඉඩ ලබා දී සමස්ත පාර්ලිමේන්තු ඉතිහාසයටම කැළලක් එක් කිරීමට කටයුතු කර තිබියදීය. එකී දිවුරුම් දීම විදෙස් මාධ්‍යයන්ගේද අපූරු සිරස්තලයන්ගෙන් වාර්තා කරමින් ලංකාවේ දේශප්‍රේමයේ තරම මැනවින් ලෝකයට වටහා දී තිබුණි. කතානායකවරයාගේ නිර්ලජ්ජිත ස්වරූපය එළිදරව් වුනු ප්‍රධාන සිදු වීමක් ලෙස එකී දිවුරුම් දීම හැඳින්විය හැක. එකී කතානායකවරයාට කිසිදු අභියාචනා අවස්ථාවක් නොමැති…

Read More

මහ බැංකුවේ අද සිට ක්‍රියාත්මක රෙගුලාසියෙන් ආයෝජකයෝ අමාරුවේ! – හර්ෂ ද සිල්වා

Investors have been troubled by central bank regulations

මහ බැංකුව විසින් බැංකු සඳහා නිකුත් කළ ඇති අද සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ රෙගුලාසි යෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. ආයෝජකයන් ඩොලර් මිල ස්ථාවරව තබා ගැනීම සඳහා බැංකු සමග ගිවිසුම් වලට එළඹෙන අතර අද සිට එම ගිවිසුම් වලට එළඹීම වළක්වා තිබෙනවා. ඒ අනුව ඩොලර් ගනුදෙනු කරන්න පුළුවන් එදිනෙදාට විතරයි. මේකෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්වෙනවා. දැන් $150 දිරියේදී කුමක් වේද කියන්න අමාරුයි. ආයෝජකයන් මින් ඉදිරියට කෙසේ තමන්ගේ ආයෝජන සිදු කරන්නේ දැයි ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව slot එකක්…

Read More