දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි. හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුණ “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථාන, නිරෝධායනය සහ ප්‍රතිකාර සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, බේත්, උපකරණ, වියලි ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සියලු තාක්ෂනික අවශ්‍යතාවන් සඳහා පහසුකම් සම්පාදනය කරනු ඇත,” යයි දක්වා ඇත. නව වසරේ…
Read MoreTag: ජනාධිපති ලේකම් කාර්යාලය
රටේ මිලිටරිකරණය අද නොවේ, හෙට ?
ජනාධිපතිවරණයේදි දේශපාලන පක්ෂ මෙන්ම බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ රටේ ජනතාවට කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් මේ රට ඒකාධිපති පාලනයකට නතු වන බවය. සියල්ල මිලිටරිකරණය වනු ඇති බවය. එහෙත් ජනතාවට එය වැදගත් වුයේ නැත. මන්ද ඒ වන විටත් ගෝඨා බලයට ගෙන ඒමේ රැල්ලට ජනතාව නතු වෙමින් සිටි නිසාය. ඒ අනුව එදා හැට නව ලක්ෂයකගේ වැඩිම මනාපයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් විය. දැන් ඔහු බලයට පත්ව වසරක් ගෙවී ගොස්ය. ඒ වසරක කාලය දෙස හැරී බැලිමේදි මේ රටේ රාජ්‍ය පරිපාලන සේවයට ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සක්‍රීය ලෙස ලබා ගෙන ඇත. හමුදාව…
Read Moreරාජපක්ෂලා හැමදාම කළේ බලය එකතු කරන එක!
උපුල් නිශාන්ත මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති වී වසරක් ගත වී තිබෙනවා. ඔහු විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තමා බලයට පත්වෙන්නේ, එනම් විශාල සිංහල ඡන්ද සංඛ්‍යාවකින්. ඔහුගේ ප්‍රධාන තේමා පාඨය වූයේ විනය ගරුක රටක් හා කාර්යක්ෂම පාලනයක් සෑදීම කියන දේ, මේ අනුව ඔබතුමා ප්‍රාදේශීය පාලකයෙක් විදිහට වර්තමාන තත්ත්වය ගැන, ඒ වගේම මේ ප්‍රතිපත්ති ගමට ඒම ගැන මොනවද හිතෙන්නේ? මේ පිළිබඳව කතා කිරීමේදී මම හිතනවා අපේ රටේ මිනිස්සුන්ට ප්රජාතන්ත්රවාදය හා විනය පිළිබඳ නිරවුල් අවබෝධයක් තිබ්බේ නැහැ. ඔවුන් විනය කියලා හඳුන්වන්නේ කෝටුවක් අතේ තබාගෙන තරවටු කිරීම නමුත් විනය…
Read More“කුරුණෑගල හිටපු SSP කොමිසම වෙත ලබා දුන්නේ අසත්‍ය ප්‍රකාශයක්!” රිෂාඩ්ගේ නීතිඥවරයා කියයි.
වෛද්‍ය සාෆි ඇම මත මුදා හැරුණු දින රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කර සැපෙන් ඉන්නවදැයි ඇසු බව කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් පෙරේදා (13) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බ්නධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේදී දෙනු ලැබූ සාක්ෂිය සම්ර්‍පූර්ණයෙන්ම අසත්‍යයක් බව රිෂාඩ් බදියුදින් මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඔහුගේ නීතිඥ රුෂ්ඩ් හබීබ් මහතා මගින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමට දන්වා ඇත්තේ කුරුණෑගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී, මහින්ද දිසානායක මහතා විසින් ජනාධිපති කොමිෂම ඉදිරියේ සාක්ෂි දෙමින්, රිෂාඩ් බදියුදීන් දුරකථන මාර්ගයෙන් හෝ…
Read Moreලබා දුන් තීන්දුව සමස්ත රාජ්‍ය සේවයටම කළ ලොකු උදව්වක් – ලලිත් වීරතුංග
අභියාචනාධිකරණය තුලින් අද ලබා දුන් තීන්දුව තමන් දෙදෙනාට පුද්ගලිකව ලබා දුන් තීන්දුවක් නොවන බවත් එය සමස්ත රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි. අධිකරණයක් තුලින් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියා ලොකු විශ්වාසයක් තිබුණු බවත් අපට තිබු චෝදනා වලින් සම්පුර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීම හුදෙක්ම මේ පුද්ගලයින් දෙදෙනෙකුට කළ දෙයක් නොවන අතර එය රාජ්‍ය සේවයටම කළ ලොකු උදව්වක් බව ඔහු පවසයි. ඊට ප්‍රධානම කාරණය වන්නේ තමන් හා අනුෂට ලැබුනු තීන්දුවෙන් බොහෝ රාජ්‍ය සේවය අකර්මන්‍ය වූ බවත් සහෝදර නිලධාරීන් තීරණ ගන්න බිය වූ බවත් ඔවුන් තීරණ…
Read More