පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!

Compensation paid to victims of Easter attacks so far

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව ඇති රුපියල් මිලියන 85ක මුදල පියවීමට තවත් කාලයක් ඉල්ලා ඇත.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගෙවිය යුතු මුළු මුදල වන රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 1.75ක මුදලක් ගෙවා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද ඔහුගේ සම්පූර්ණ වන්දි මුදල වන රුපියල් මිලියන 50න් රුපියල් මිලියනයක් ගෙවා ඇත.

තව දුරටත් වාර්තා වන්නේ හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් මහතා සිය මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 10න් රුපියල් මිලියන 5ක් ගෙවා ඇති බවයි.

කෙසේවෙතත් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 75න් කිසිඳු මුදලක් මේ වන විට ගෙවා නොමැත.

Social Sharing
අවකාශය නවතම