වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක්…
Read MoreTag: කම්කරු දෙපාර්තමේන්තුව
රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…
Read Moreඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී
ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉංදියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්, ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ අරමුදලට බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58…
Read Moreවතුකරයේ රුපියල් 1,000 හර්තාලය සාර්ථකයි!
දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කෙරෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය…
Read Moreපෞද්ගලික අංශයේ සේවකයින් ගැන සලකා කාර්මික ආරවුල් පනත සංශෝධනයට
කාර්මික ආරවුල් පනත කඩිනමින් සංශෝධනය කිරිමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුල මනා සේව්‍ය සේවක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ කාර්මික අංශය විසින් විවිධ පනත් හඳුන්වා දී ඇත. ඒ අතර 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතද වේ. පෞද්ගලික අංශයේ යම් සේවකයෙකුගේ සේවය අවසන් කෙරෙන්නේ මෙම පනත අනුවය. නමුත් මේ පනත මෙතෙක් කිසිඳු සම්මුතියකට යටත්ව තිබුණේ නැත. ඒ පිලිබඳ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කියා තිබුණේ මෙසේය. මෙම පනතට පූර්වප්රාප්තිය වන්නේ කාර්මික ආරවුල් වලක්වා ගැනීම, විමර්ශනය සහ විසඳීම සඳහා බවය. කර්මාන්තයේ ආරවුල්වල “අවසන් කිරීම” යනුවෙන් හැඳින්වෙන්නේ…
Read Moreබියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!
බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’. එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය. ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන්…
Read Moreකම්කරුවෙකුට රක්ෂණ වන්දි/ අරමුදල් හිමි නැද්ද?
වැඩ බිම් වලදී බොහෝ විට අනතුරු වලට ලක් වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාව වන අතර ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා පවතින රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැති හෙයින් නීති වෙනස් කර වැඩ වැඩබිම්වල, වැඩපළ වල අනිවාර්ය රක්ෂණ ක්‍රමයක්, ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක රක්ෂණ ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල…
Read Moreවතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට 12-31 දක්වා සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර තිබුණි. ඒ අනුව පහුගිය 31 දා නැවත මෙම කමිටුව රැස් විය යුතුව තිබු නමුත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සමඟ කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුලු වතු කම්කරු නායකයින් සිව් දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබීම නිසා ඔවුන් තවත් සතියක කාලයක් ඉල්ලා…
Read Moreකම්කරු ක්ෂේත්රයට අදාළ පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට
මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස ද අවුරුදු 16 දක්වා ඉහල දැමීමට මෙම පනත් හතර සංශෝධනයේ අරමුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අනුමැතියට යටත් කළ ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වන ප්රඥප්තීන්ට අනුකූලව යමින් මෙම පනත් සංශෝධන සිදු කරනු ලබයි. ඒ අනුව 1954 අංක 19…
Read Moreවතු කම්කරු නායකයින් නිරෝධායනයේ… වැටුප් සටන තවත් සතියකට කල් යයි.
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රු 1,000 දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළේ පහුගිය දෙසැම්බර් 22 දාය. ඒ මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ ඇතුළු වතු කම්කරු නායකයන් සහ වතු සමාගම් පාලකයන් රැසක්, අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්…
Read More