-මහේෂ හපුගොඩ- හුඟක් අය හිරුනිකා ගේ ‘කඩා පැනීමේ ක්‍රියාව’ දිහා බලන්නේ උත්ප්රාසයෙන්. මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting). පිරිමි අය තෙල් පෝලිම් වලට හුරු වෙමින් ඒවායේ දන්සැල් දෙනකොට, ගහමරා ගන්නකොට, වැඩි ගාණට විකුණන්න තෙල් අදිනකොට, හමුදාවේ උන්ට කික් බොක්සිං ගහන්න බොඩි එක දෙනකොට ගැහැණියක් හැටියට හිරුණිකා ඉන්නේ දේශපාලන වශයෙන් සෑහෙන්න ඉස්සරහින්. පවත්නා පිළිවෙලට අනුගත වෙමින් යන ‘අක්‍රීය පිරිමි ලෝකෙක’ ගැහැණියක් හැටියට හිරුනිකා ගේන ‘උමතු දේශපාලනය’ අර සොම්බී ගතිය පලවා හරින්න උදව් වෙනවා (zombie existence).…
Read MoreTag: ඉන්ධන මිල ඉහල යාම
හිරුණිකා අත්අඩංගුවට..!
ජනාධිපත් මන්දිරය අසල විරෝධතාවේ නියුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) උදෑසන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මිදුලටම ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු මන්දිර පරීශ්‍රයට ඇතුලු වීමට තැත් කෙරෑ නමුත් ආරක්ෂක අංශ විසින් එය වැළැක්විය. පසුව ඔවුන් ඉදිරිපස ගේට්ටුවේ සිට තම විරෝධය ප්‍රකාශ කරන අතරතුරේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreහිරුණිකා මන්දිරයටම ගිහිං..!
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් සුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය අසලටම ගොස් ඇත. අද (7) උදෑසන 11ට පමණ ජනාධිපති මන්දිරයේ මිදුලටම ගොස් එහි සිට ෆේස්බුක් හරහා සජීවීව ජනතාව ඇමතූ හිරුණිකා ප්‍රකාශ කළේ තමන් මන්දිරය අසලටම එනකම් බුද්ධි අංශ කිසිත් නොදන්නා බවයි. එහි පාරේ හිඳ ගනිමින් ජනාධිපතිවරයාට ගෙදර යන්න යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ කණ්ඩායම කෑගසමින් සිටින අතර ඔවුන් එම ස්ථානයේ කොටුවෙන ලෙස ආරක්ෂක යකඩ වැටක් හදිස්සියේ ඉදිකිරීමට හමුදාව කටයුතු කරනු පෙනුනි. මෙම පුවත ලියන මේ මොහොත වෙනවිටත් කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරීශ්‍රයේ මෙම විරෝධතාවය පැවැත්වෙන අතර එහි සිට ඇය අරගලකරුවන්ට ආරාධනා…
Read Moreඉන්ධන පෝලිමේ සිටි තවත් අයෙක් මිය යයි
බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ මිය ගොස් ඇතැයි බොරැල්ලපොලිසිය වාර්තා කරයි. මියගිය පුද්ගලයා පෙරේදා 4 රාත්‍රී ඉන්ධන ලබා ගැනීම සඳහා මෝටර් රථයෙන් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි බොරැල්ලපොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ආර් සමරසිංහ මහතා පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ගොතටුව පදිංචිව සිටි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න (60) නැමැත්තෙකි. මේ වන විට මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණයපැවැත්වීම සඳහා තැන්පත් කර ඇත. මෙම අර්බුදය හමුවේ පෝලිම් වල මිය ගිය…
Read Moreඋඩපැනලා ගහලා, සමාදානත් වෙලා
කුරුණෑගල – යග්ගහපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලකදී උසස් හමුදා නිලධාරියෙකු සිවිල් වැසියෙකුට උඩපැන පයින් පයින් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශවයන් සමථයකට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි. මෙම සිදුවීම පිළිබඳ වීඩියෝ දර්ශනයන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වීමත් සමග මේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර කර ඇති බව වාර්තා වෙන අතර එම සිවිල් වැසියාට පහර දුන් නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවේ කුරුණෑගල වැහැර පළමුවන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් විරාජ් කුමාරසිංහ බව වාර්තා වෙයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ…
Read Moreපාපැදි ඉල්ලුම වැඩි වෙයි
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල රුපියල්35,000 ඉක්මා ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති. කොළඹ නගරයේ පාපැදි අළෙවිසල් පෙරවරුවේ විවෘත කරන තෙක් ජනතාව වෙළෙඳසල් ඉදිරිපිට රැදී සිටින බවත් ඉල්ලුමටසැපයුම ලබාදිය නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
Read Moreආණ්ඩුව IOC එකෙන් ඩීසල් ඉල්ලයි
ලංකා ඉන්දියන් ඔයිල් ( IOC ) සමාගමෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
Read Moreදුම්රිය පාලනයෙන් ගිලිහෙයි!
ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙන අතර, බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය නියාමකවරුන් ඇතුළු සේවකයන්ට සිය රාජකාරි වලට වාර්තා කිරීමේ ගැටළු හේතුවෙන් ඊයේ දිනයේදී කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබුණා. ඊට දුර ගමන් සහ කාර්යාල දුම්රියද ඇතුළත්. එමෙන්ම, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 16 ක් සහ මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 4ක් සහ භාණ්ඩ ප්‍රවාහන කරන දුම්රිය කිහිපයක් ද අවලංගු කළ…
Read Moreහිරුණිකා නැවතත් ජනාධිපති මන්දිරය ඉදිරියට
තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට
කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. හරියටම සතියකට පෙර එනම් පසුගිය බ්‍රහස්පතින්දා (16) පෙරේදා රාත්‍රියේ පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය කිහිපයක් පෝලිමේ රැඳී සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය. මෙම පුද්ගලයා තම ත්‍රිරෝද රථයේ පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමඟ ඉන්ධන මිලදී ගැනීමට පෝලිමේ රැඳී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු…
Read More