රාජ්‍ය බුද්ධි අංශ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අධිකරණයේදී ප්‍රකාශ කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරයි. පාස්කු ප්‍රහාරයට අදාළව පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකළ නඩුව අද විභාගයට ගැනීමේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මෙම විනිසුරුවරයා ඉහත සඳහන ප්‍රකාශ කර ඇත. මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද, යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේදී…
Read MoreTag: අප්‍රෙල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය
පාස්කු බූමරංගයට වීසිකළ පූජිත්-හේමසිරි ගැලවෙයි
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඟා ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නයැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන විනිසුරුවරුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, මීට ප්‍රථම මෙම චෝදනාවලටම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයේ නඩුවෙ විත්තියේ සාක්ෂි විමසීමකින් තොරව නිදහස් කරන්නේද…
Read Moreහිජාස්ට ඇපදෙනවට විරුද්ධ නෑ – නීතිපති
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ඔහු සම්බන්ධයෙන් කෙරෙන ඇප ඉල්ලීමකට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 20 දා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. තමන් ඇප මත මුදා හරින ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා එම…
Read Moreපූජිත්ට එරෙහිව ගෙනා ලේඛන පූජිත්ගේ පිහිටට
පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න ඊයේ අධිකරණය හමුවට කැඳවා තිබුණ අතර එහිදී අධිකරණය ඉදිරියේ අනාවරණය වී ඇත්තේ මෙම ලේඛන බොහෝමයකට හිටපු පොලිස්පතිවරයා ක්‍රියාමාර්ග ගන්න යැයි සටහන් යොදා ඇති බවය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති නඩුව පසුගිය 19 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල…
Read Moreරාජපක්ෂලාට මෛත්රීපාලගේ ප්‍රජා අයිතිය මතක් වෙයි..?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව කල්පනා කරමින් සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නගරයෙන් නගරයට යමින් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වන නිසා මෙය වහාම කළ යුතුබව පොදුජන පෙරමුණේ මතය වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව තුළ තබාගැනීමේ උවමනාවක් පොදුජන පෙරමුණට නැති බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ මතය වී ඇති අතර ඒ අනුව ශ්රීලනීපයට විරුද්ධව තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා පෙළඹවීමට පොදුජන පෙරමුණ කටයුතු කරනු ඇත. මේ අනුව පාස්කු කොමිසමේ නිර්දේශ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාත්මක වේවියැයි ආණ්ඩුව දෙසින් එන තොරතුරු කියාසිටී.
Read Moreරිෂාඩ් දෙමළ තරුණයන්ට නිදහස ඉල්ලයි!
“කොටි යළි නැගිටිනවා කියලා පහුගිය මාස දෙක ඇතුලත විතරක් ත්‍රස්ත පනත යටතේ දෙමළ තරුණයෝ 40 ක් 45 ක් පමණ අත් අඩංගුවට අරන් සිරගත කර තියෙනවා,” එම හෙළිදරව්ව කර ඇත්තේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසිනි. LTTE චෝදනාවට ගොදුරු වී සිටින එම තරුණයන් 2009 යුද්ධය අවසන්වන විට වයස අවුරුදු දහයේ පසුවූ කුඩා දරුවන් කුඩා දරුවන් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. අධිකරණ අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයට දෙසැම්බර් 09 වැනිදා එක් වෙමින් බදියුදීන් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, තමන් සිරගතව සිටී කාලයේදී කතා කිරීමට ලැබුණු දැනට වයස අවුරුදු 20 -22 පසු…
Read Moreරිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලටත් කැපිල්ලක්ද?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් අප්‍රේල් 24 දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා හා ඔහුගේ සොහොයුරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ ඉකුත් 05 දාය. නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන…
Read More“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…
Read Moreජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි. පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…
Read More