නිලන්ත ජයවර්ධනට රජයේ සාක්ෂිකරුවෙක් විය හැකිද?

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අධිකරණයේදී ප්‍රකාශ කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරයි.

පාස්කු ප්‍රහාරයට අදාළව පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකළ නඩුව අද විභාගයට ගැනීමේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මෙම විනිසුරුවරයා ඉහත සඳහන ප්‍රකාශ කර ඇ‍ත.

මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද, යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද ප්‍රකාශ කරන එම විනිසුරුවරයා අදාළ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගත බව අවධාරණය කර ඇත.

දේශපාලන අධිකාරියක් තියෙද්දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් නඩු පැවරීම අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කර ඇති එම විනිසුරුවරයා විත්තිකරුවන් අපරාධමය චෝදනාවක් නොව වගකීම් පැහැර හැරීමක් හෝ කර නැතිබව අවධාරණය කර ඇත.

අධිකරණය කරනු ලබන මෙම කරුණු අනාවරණය මගින් එන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව රජයේ සාක්ෂිකරුවෙක් බවට නිලන්ත ජයවර්ධන පත් කරන්නේ කේසේද යන්නයි. අනෙක් පැත්තෙන් විත්තියේ සාක්ෂි හෝ නොවිමසා වීසි කළ මෙම නඩුව කියන්නේ නීතිපතිගේ භූමිකාව අවුල් බවය. වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එන ජනතා විරෝධය සමහන් කිරීම උදෙසා ලහි ලහියේ සිදුකළ මෙම නඩු පැවරීමේ කාර්‍ය දේශපාලන අරමුනක් පිරිමසා ගැනීම ඇර වෙන දෙයක් නොවන බව මෙම නඩු තීන්දුවෙන් පෙනෙන කටුක ඇත්තයි. එය එසේනම් නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන අරමුණු වෙනුවෙන් මෙලෙස මිනිසුන්ගේ මූලික අයිතීන් කාබාසිනියා කළ හැකිද?

ආණ්ඩුව දැන්වත් බොරු සෝබන නාට්‍ය රඟ නොදක්වා හරි පරීක්ෂණයක් කර ඇත්ත වැරදිකරුවන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නඩු පැවරිය යුතුය. වඟකීම් ඉටුකර නැති නිලන්ත ජයවර්ධන වැනි නිලධාරීන් රජයේ සාක්ෂිකරුවන් කර ඔවුන්ට නීතියෙන් පැන යාමට උදව් නොකර ඔවුන්ට විරුද්ධව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් ආණ්ඩුව මෙතෙක් කළේ නිලන්ත ජයවර්ධන දේශබන්දු තෙන්නකෝන් වැනි මෙම සිද්ධියට වඟකිවයුතු ප්‍රධාන පොලිස් නිළධාරීන්ට උසස්වීම් ලබාදෙමින් ඔවුන්ව ආරක්ෂා කරමින් එක එක විජ්ජා පෙන්වීමය. අධිකරණය මෙම තීන්දුව මගින් විජ්ජා පෙන්වන වේදිකාවේ තිරය ගලවා වීසිකර ඇත. අහෝ දැන් රඟන්න.. තව තවත් අපිට බලන්න..!

Social Sharing
නවතම