” නේටෝ සංවිධානය හා එකතු වීමට හිතේ කොනක හෝ අදහසක් තිබේනම් එය ඔබේ රට විසින් මේ සියවසේ ගන්නා මෝඩම තීරණය එය වනු ඇත. එහි ප්‍රථිවිපාක අත්විඳීමට ඔබත් ඔබේ වැසියනුත් සූදානම් විය යුතුය.” මෙහෙම කීවෙ බල ලෝභයෙන් පෙලෙන වයෝවෘද්ධ නායකයෙක්.. ප්ලාස්ටික් සැත්කම් වලින් මුහුණ පාට කරගෙන හිටියට එයාට වයස අවුරුදු හැත්තෑව ලබනව තව මාස කීපයකින්. “මහත්තයා ඔබගේ කතාව මට හොඳින් ඇහුනා ස්තුතියි.. මෙවැනි කතා පහුගිය දශක කීපය තිස්සේම අහල මට හොඳින්ම පුරුදුයි. මා ඉපදුනේ නිදහස් රටක. මගේ ජනතාව මා හට බලය ලබා දුන්නේ අසල්වැසියන්ට අවශ්‍ය ආකාරයට තීරණ ගැනීමට නොව මගේ ජනතාවට…
Read MoreCategory: විශේෂාංග
හිටපු ඇමති අලි සබ්රි ගැන ආවර්ජනාවක්:
ගෝඨාභය රාජපක්ෂගේ ලංකාවේ පුරවැසි භාවය ප්‍රශ්න කරමින් මමත්, තේනුවරත් ගොනු කළ පෙත්සම අධිකරණය විසින් වීසි කළ දවසට දින දෙකකට හෝ තුනකට පසුව, ගෝඨාභයගේ නීතඥ අලි සබ්රි පහත සඳහන් සටහන මුහුණුපොතේ ලියා තිබුණා: “වියන්ගොඩ, තේනුවර, මේ නිහඬ බව බිඳින්න-තව මොනවා හරි කරන්න”. මේ නඩුව නිසා පරාජිතව, ජීවිත තර්ජනයට ලක්ව සිටි අප දෙදෙනාට, උගත් නීති වෘත්තිකයකු වශයෙන් සිටි අලි සබ්රි එදා ප්‍රසිද්ධියේ සිනාසුණේ එලෙසයි. අවුරුදු තුනක් ගෙවී ගිහිං අද දවසෙ එම අලි සබ්රි තමාගේ දෙමාපියන් සහ දරුවන් ගැන විශාල බයක් මේ මොහොතේ තමාට ඇති වී තිබෙන නිසා, මින්පසු නැවත දේශපාලනයට නොඑන බව…
Read Moreමගුල් හතරයි අවමගුලයි
උදන් ප්‍රනාන්දු ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම් දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු අවස්ථාඑමට ය. විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ ‘දෙවියන් විසින් එක්කල මොවුන්දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන් කළ නොහැකි‘ කියා ය. මෙවැනි මංගල්‍යයකට ගියා වැනි හැඟුමක මා හට දැනුණේමැයි නම වැනි දින ප.ව. හයයි තිහට පැයකට දෙකකට කලින් අනුර කුමාර හා සජිත් ප්‍රේමදාසගේ කඩා වැටුණු මුහුණු දැකීමෙනි. රනිල් වික්‍රමසිංහ මනාලයා…
Read Moreමන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිතැබීම්, පොදු දේපල පනතට අයිති ද?
පසුගිය මැයි මස 9 වනදා ගෝල්ෆේස් පිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමෙන් ආරම්භ වූ ප්රචණ්ඩ ක්රියාවලඅවසානය සටහන් වූයේ බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික නිවාසවලට ජනතාව හානි කිරීමෙනි.එම හානිකිරීම්සහ ගිනිතැබීම් සම්බන්ධව සැකකරුවන් මේ වන විට අධිකරණය ඉදිරියට පමුණුවන බව පෙනෙන්නට ඇත.මෙම සැකකරුවන්ටඑරෙහිව කරුණු වාර්තා කිරීමේදී 1988 අංක76 දරණ පනතින් සහ 1999 අංක 28 දරණ පනතින් සංශෝධනය වූ 1982 අංක12 දරණ පොදු දේපල පනත යටතේ කරුණු වාර්තා කළ හැකිද යන්න සාකච්ඡා කිරීම මෙම ලියමනේ පරමාර්ථය යි. පොදු දේපල පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවක ඇප ලබා දිය හැක්කේ කුමන තත්වයන් යටතේ ද…
Read Moreරනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කිඹුල් දේශපාලන ජීවිතය
දේශපාලන වාර්තා තැබීම ලේසිපාසු කටයුත්තක් නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහට දේශපාලන වාර්තා තැබීම කජු කනවා තරම්පහසු දෙයකි. ඔහුගේ අලුත්ම දේශපාලන ලෝක වාර්තාව වන්නේ ඔහු මිට සතියකට පෙර අගමැති තනතුරට පත් වීමෙනි. ඔහු මේතනතුරට පත් වෙද්දී ඔහු නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයට තිබුනේ ඔහු නියෝජනය කළ මන්ත්‍රී ධූරය පමණි. එය ලබාගැනීමටත් රනිල් 2020 මහාමතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ චන්ද 30,000 පමණි මේ නිසා ජාතිකලැයිස්තුවෙන් පැමිණීම මෙන්ම ඔහුගේ අගමැති තනතුර ද බෝනස් හෙවත් ප්‍රසාද දීමනාවකි. ඔහුගේ දේශපාලන උපායන්සමවන්නේ කිඹුල් දඩයම් වලටය. කිඹුලා දඩයම කරගන්නා තෙක් ඉවසිලලෙන් මාන බලන්නේ ය. අවසානයේ ගොදුර තමන්…
Read Moreගෝල්ෆේස් අරගලය සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තනන රනිල්
මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි. තමන් රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ යැයි රනිල් වික්‍රමසිංහ නොකියන බව ඇත්ත. 2015-2019 අතර කාලයේ රාජපක්ෂලා ආරක්ෂා කෙරුණේත්, ඒ ගැන රටට අඬබෙර ගසා නොවන බවත් ඇත්ත. අවුරුදු තුනකටත් අඩු කාලයක් තුළ මුළු රටක්ම මහපාරට ඇද දැමූ ආර්ථික වින්නැහියත්, 2005 සිට මේ රටේ සමාජ-දේශපාලන දේහය තුළ රාජපක්ෂවරු ගොඩනැඟූ දූෂිත සහ පරපුටු සංස්කෘතියත් මා හඳුන්වන්නේ “රාජපක්ෂවාදය” නමිනි. එම කාරණය අවධාරණය නොකරමින්, “74 වසරක ශාපයක්”…
Read Moreඇමරිකානු බළල් අත්, ඉන්දියානු උකුසු ඇස් හා චීන මකරු
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (7 කොටස) භූ දේශපාලනය‘ නම් යෙදුමට අදාල මාතෘකාව සරළමතිකව ජනප්‍රිය ලිබරල් දේශපාලනය තුළ නම් කෙරෙන්නේ ‘අන්තර්ජාතිකසබදතා‘ හෝ ‘ජාත්‍යන්තර, විදේශ සබදතා කලමනාකරණය‘ ආදී ලෙසිනි. මේ එළඹුමට වෙනස්ව භූ දේශපාලනය නම් යෙදුමමජාතික රාජ්‍යන් අතර බලඅරගලයේ සංකීර්ණතාවට අවධානය යොමු කිරීමට බල කරයි. නැතහොත් ජාත්‍යන්තර සාධකය වඩාසංකීර්ණව තේරුම් ගැනීමට යෝජනා කරයි. ලංකාව සම්බන්ධයෙන් භූ දේශපාලනික උනන්දූන් අධිපති සාධක කීපයක් මතපදනම්ව ඇත. ඒ බුද්ධි තොරතුරු කේන්ද්‍රයක් ලෙසත් දේශපාලන ආර්ථික හා කලාපීය බල දේශපාලනය තහවුරු කරගැනීමත් නම්සාධක මූලිකවය. ලංකාවේ දේශපාලන ව්‍යුහය සැලකීමේදී ග්‍රාමසේවා, ප්‍රාදේශීය සභා, නගරසභා, පළාත්සභා හා පාර්ලිමේන්තුව ලෙස අවසානඒකකයත්…
Read Moreදේශපාලන වේයෝ, ගිලපු පොලීසිය..!
පසුගිය දවසක අපි දැක්කා ඊළඟට පොලිස්පති වෙන්න හීන දැක්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහපාරේ මිනිස්සු ගහපු විදිහ. ඒ ගහන ගමන් මිනිස්සු කීවේ මොනාද? ඒ කියපු දේවල් මතක නම් ඔබට තේරෙන්න ඕනී පොලීසිය ගැන මිනිස්සුන්ට දැන් තියෙන්නේ මොනවගේ අප්‍රසාදයක් ද කියන එක. කෑගල්ලේ ඩිවිෂනය භාරව හිටපු කීර්තිරත්න ගැන කතාව අද වෙනකොට අපි සේරම දන්නවා. ඒ තමන් විශ්වාස කරන, තමන්ට උඩට උඩට යන්න උදව් ලැබුණ මහින්ද රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කරන්න නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග කරපු නිසා. ඒ නියෝගය නිසා රඹුක්කන තරුණයෙක් ඝාතනය වුණ නිසා. නැත්තං කීර්තිරත්නගේ සත් කීර්තිය පොලීසිය ඇතුලෙම තිබිලා…
Read Moreඅර්බුධයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් සිවිල් සමාජයෙන්,
සිවිල් සංවිධන හා සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටළු විසදීම සදහා යෝජනා ඇතුලත් ලියවිල්ලක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුනි. එම යෝජනා පත්‍රය අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර, එහි පිටපත් ජනාධිපතිවරයා වෙත හා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කර තිබුනි. සිවිල් සංවිධාන 25ක් හා සිවිල් සමාජ නියෝජිතයින් 86 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ එම සම්පුර්ණ ලියවිල්ල පහත දැක් වේ. 2022/05/17 ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය, අංක 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 7 ශ්‍රී ලංකාව තුළ පවතින සමාජ, දේශපාලන,…
Read Moreඅද ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්….!!
(පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව ගරු රෝහිණී කුමාරි විජේරත්න (කවිරත්න) මහත්මිය පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව) ගරු කතානායකතුමනි, නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද ඉදගෙන කටයුතු කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කේන්තියකින් නෙවෙයි, උපහාසයෙන් කියන්නේ, මම පාර්ලිමේන්තුවේ වාචික හිංසනයට යොමු වන විට කතානාය පුටුවේ හිටපු අජිත් රාජපක්ෂ සමඟ මට තරඟ කරන්නට සිදුවීම දෛවයේ සරදමක් විදිහට මට සලකනවා. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක පමණක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරටවත් කාන්තාවක් පත්වී නැහැ. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු රටේ,…
Read More