දීප්ති යන්නම ගිහින්… – අශෝක හඳගම

දීප්ති යන්නම ගිහින්. ලා පාට කමිසයක්, ඩෙනිමක් ඇඳගෙන ඈත වන්නි හත්පත්තුවේ ගමක පරිසරයට ලොල් බැඳි තරුණයා සදහටම ගිහින්.
සයිමන් නවගත්තෙගම යි අජිත් තිලකසේන යි තමයි ඒ දවස් වල මගේ සාහිත්‍යය වීරයෝ. ‘දීප්ති’ තමයි දාර්ශනික උත්තේජනය. මේ චරිත මගේ ඔලුව කොලොප්පංකරලයි තිබ්බේ. දීප්ති මගේ හිතේ මැවුනේ ඒ පසුබිමේ.

මේ චරිතය රඟපාන්න සුදුසු නළුවෙක් ගැන හිතාගන්න දහ අතේ කල්පනා කරමින් හිටියට ඒ දවස්වල පුංචි තිරයේ ජනප්‍රිය නළුවන් අතරින් කෙනෙක් ඔලුවට ආවේ නෑ. ඔහොම ඉන්නකොට තමයි දවසක් music recording එකක් ඉවර වෙලා ගෙදර යන ගමන් යාළුවො එක්ක ‘සෝඩා’ ටිකක් හොයාගෙන ඒ දවස්වල මං හිටපු කඩවත ගෙදරට රාජු ආවේ. ඉතුරු පානීය වර්ග, අඩුම කුඩුම ඒගොල්ලො ගාව තිබ්බා.
කොන්ඩේ වවලා පෝනි ටේල් එකක් වගේ ගැට ගහලා. shirt එකේ බොත්තම් ඇරලා. ඒ දඟකාර රූපය ඇතුළේ දීප්ති මට මැවුණා. දීප්තිට ගැලපෙන රූපය මට හම්බවුණා.

‘මචන් character එකක් තියෙනවා, උඹ එනවද act කරන්න’
‘උඹට පිස්සුද බං. ගිටාර් ගැහුවට, අමාරුවෙන් සිංදු කිව්වට, මට act කරන්න බෑ.’
‘උඹ වරෙන් මං act කරවන්නම්’
එහෙමයි පටන් ගත්තෙ.

දීප්ති ගෙදර මැද සාලෙ තිබ්බ, රූප පෙට්ටියට ආවේ එහෙමයි. වීක් එන්ඩ් එකේ ටෙලි නාට්‍යය විකාශය ඉවර වෙලා ඒ ගමන්ම ලක්හඬ රේඩියෝ වේ තිබුණු සංවාදය මෙහෙයවූයේ W ජයසිරි. සුචරිත ගම්ලත්, තිලක් ජයරත්න වගේ විද්වතුන් දවසකට එක්කෙනෙක් බැගින් සම්පත් දායකයින් හැටියට සම්බන්ධ උනා. කපිල ජයසිංහ, නුවන් ජූඩ් ලියනගේ නාලිකාවෙන් වැඩ සටහන මෙහෙයවන්න එක් වුණා. අසන්නන් ප්‍රශ්න ඇහුවා.

මේකේ එක දර්ශනයක් තියෙනවා ඒ දවසේ ප්‍රධාන චරිතය ආත්මකථනයක් (monologue) එකක් කරනවා. එහෙම එක scene එකක් ඉවර වෙන්නෙ, දීප්ති රූපරාමුවට පිටුපාලා චූ කරන දර්ශනයකින්. ඒක දැකලා කුපිත කුපිත වුනු රසිකයෙක් මේකෙ අධ්‍යක්ෂකගේ කටට චූ කරන්න ඕන කියලා ටෙලිෆෝන් කරලා කිව්වා. ටෙලි නාට්‍යය වගේම මේ වැඩසටහනක් ඒ කාලේ හරි ජනප්‍රියයි.
දීප්ති හින්දා පිස්සු හදාගත්ත තරුණයොත් හිටිය.
ඉතින් දීප්ති උඹට සුබ ගමන්.

Social Sharing
පුවත් විශේෂාංග