
එක් දරු මවක් වූ ඇය ගර්භාෂයේ ශල්‍ය කර්මයක් සඳහා අතුලත් වී සිටියේ ගාල්ලේ එක්තරා පෞද්ගලික රෝහලකටය.
ශල්‍ය කර්මය අවසන්ව නිවස බලා ගිය ඇයට ඇති වූයේ දැඩි උදාරාබාධායකි. ඇයගේ ස්වාමි පුරුෂයා විසින් ඇයව වහාම නැවත එම පුද්ගලික රෝහලට නැවතත් ඇතුළත් කරන ලදී.
ඇයට ප්‍රතිකාර කිරීමට භාරව සිටි විශේෂඥ වෛද්‍යවර ඇයව පරීක්ෂා කර බලා පොටැසියම් ක්ලෝරයිඩ් ( KCL) ඹෟෂධය ඇයට ලබා දීමට නියම කලේය.
රෝහලේ හෙදිය ඇයට එක් එන්නත ලබා දුන්නේ සේලයින් සමඟය දෙවන එන්නත රෝහල් හෙදිය විසින් ලබා දුන්නේ කෙලින්ම අතටය, ගතවුයේ තප්පර ගණනකි. මොහොතකින් ඇය සම්පුර්ණයෙන්ම සිහි නැති තත්වයකට පත්විය.
වෛද්‍යවරුන්ගේ නිගමනය වුයේ ඇය වහා කරාපිටිය රෝහලට යැවිය යුතු බවය, නමුත් එය වචනයට පමනක් සිමාවිය ඇය කරාපිටිය රෝහලට ගෙන ගියේද ප්‍රමාදයකිනි. එහි වෛද්‍ය වරුන්ගේ මතය වුයේ ඇයගේ ජිවිතය බේරා ගැනීමට නම් එන්නත දුන් අත කපා දැමිය යුතු බවය. සිය සැමියාටද ඇයටද තම අතට වඩා ලෙකු වුයේ තම ජිවිතයය. ඒ නිසම එය සිදු කිරීමට සිය කැමැත්ත දුන් පසු වෛද්‍යවරු කලේ ඇයගේ අත කපා දැමිමය. එවිටත් ඇය සිටියේ මැෂිමක ආධාරයෙනි.
නමුත් ගත වුයේ පැය කිහිපයකි සියල්ල මහා දුක් ගින්නක දමා සිය ආදරණීය පුතාත් පණ මෙන් සිටි සිය ස්වාමියාත් මෙලොව තනිකර දමා ඇය යලි නොඑන අවසන් ගමන් ගියාය.
පසුව ඇගේ ස්වාමියා කල්පනා කලේ තම බිරිඳ මිය ගියේ ස්වභාවික මරණයකින් නොව තමන් ලක්ෂ ගනනක් මුදල් වැයකර ඇයට වැළඳ තිබු රෝගයට ප්‍රතිකාරකල පෞද්ගලීක රෝහලේ හා එයට දායක වු වෙද්‍යවරුන්ගේ වරදින් බවය.
නෑදෑ හිතවතුන් බොහෝ දෙනා විවිධ අදහස් කියද්දී ඔහු අවසන් වරට ගියේ ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාරමධ්‍යස්ථානයටය. ඔවුන්ගේ උපදෙස් මග පෙන්වීම යටතේ ඔහු ගාල්ල පොලිසියට ගොස් සිය බිරිඳගේ මරණය සම්බන්දයෙන් පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක් කළේය. පැමිණිල්ල බාරගත් පොලිසිය මේ ගැන සොයන්නට පටන් ගත්තේය.
අදාල වෛද්‍යවරුන්ගෙන් හෙදියන්ගෙන් කරුණු සටහන්කරගත් පොලීසිය ගාල්ල මහෙස්ත්‍රත් අධිකරනයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවාය.
ගාල්ල මහෙස්ත්‍රාත් වරයා කරුණු විමසා බලා කියා සිටියේ, මෙම මරණයට වෛද්‍යවරුන්ගේ නෙසැලකිළිමත් බාවයක්ඇතැයි හැඟී යන බැවින් විදිමත් පරික්ෂණයක් තව දුරටත් කරන ලෙසටයි.
මේ තීරණය ගැන වඩාත් සැලකිලිමත් වු පොලිසිය ප්‍රශ්න 30 කින් සමන්විතලියවිල්ලක් අධිකරණයට ඉදිරිපත් කරමින් මේ ගැන වෛද්‍ය නිගමනයක් අදාල වෛද්‍ය මණ්ඩලයකින් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මියගිය අයගේ අධිකරණ වෛද්‍ය පරික්ෂණය කලේද විනිසුරුවරයාගේ නියමයක් අනුව ජේෂ්ඨ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගිනි.
ඔවුන් මරණයට හේතු දක්වා සිටියේ මරණකාරියගේ මොලයට නිසි ලෙස ඔක්සිජන් නොලැබීම නිසා මොලයට සිදුවු හානිය මත සහ හෘර්දයාබාදය නිසා මරණය සිදුවි ඇති බවය.
එපමණක් නොව හෘර්දයාබාදට හේතුවී ඇත්තේ මරණකාරියට දුන් පොටැසියම් ක්ලෝරයිඩ(kCL) එන්නත නිසා බවට තීරණය කල මහෙස්තාත්වරයා පොලීසිය විසින් ඉදිරිපත්කර ඇති ප්‍රශ්න 30 අදාළ පිළිතුරු සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පත් කරනු ලබන විශේෂඥවරුන් 12 දෙනකුගෙන් සමන්විත තවත් කමිටුවකින් මේ ගැන තීරණයක් ලබා ගැනීමය.
කෙසේ නමුදු එකී තීරණයන් සියයට සියයක්ම අපක්ෂපාතිද යන්න ගැටළුවක් විය. මෙම නඩුව විභාගකල මහේස්ත්‍රාත්වරයාද මේ අතර කොළඹට මාරු වී ගියේ වින්දිතයන් තවත් වින්දිතබාවයකට පතිකරමිනි.
එහි තීරණය දෙන්නට වූයේ අළුතින් ආ මහෙස්තාත් තුමාටය, එතුමා විශේෂඥ වෛද්‍යවරුන් දොලාස් දෙනා දී තිබු වාර්තා පදනම් කෙට ගෙන යස තීන්දුවක් දුන්නේය…
“මෙම සමස්ත කරුණා සලකා බැලිමේ දී 2025 .8.11 දින මෙම රෝගියා මෙම පෞද්ගලීක රෝහල වෙත ඇතුලත් කර කරාපිටිය ජාතික රෝහලවෙත ඇතුලත් කරනතෙක් මරණකාරියට ප්‍රතිකාර ලබාදිමේ දී යම් යම් අවස්ථාවලදී නොසැලකිලිමත්ව ක්‍රියාකර ඇතිබව නිරීක්ෂණය වන බව මම තීරණය කරන බවත්, සිය තීන්දුව දෙමින් මහෙස්තාත් මහතා පවසා සිටියේ. පවතින නීති වලට අනුව මෙම අධිකරණයට කිසිවකු හට අපරාධ නීතිය යටතේ චෝදනා ගොනුකිරීමට නොහැකි නිසා, මෙම නඩු කොපිය නීතිපතිවරයාට යවා උපදෙස් ලබා ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ගාල්ල පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය වෙත නියෝග කරන බවය..”
සැබවින්ම මෙම නඩු තීන්දුව මෙම අසාධාරණත්වය වින්දිත භාවයට පත් වු පාර්ශ්‍වයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද හොඳ පාඩමක් ගෙන දෙන්නක් වනු ඇත. එමෙන්ම මෙය ලංකාවේ වු පළමු මරණය මෙන්ම අවසාන මරණයද නොවනු ඇත.
මේ නිසා මේ තීන්දුව රටට ජනතාවට මෙන්ම රටපාලනය කරන රාජ්‍ය පාලකයිනයට කියන්නේ මේ රටේ ඇති සියළුම පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයටම බලපාන පරිදි අදට පමණක් නොව හෙට දවසටද ගැලපෙන යාවත්කාලීන වු නීති පද්ධතියක් වහ වහා සම්පාදනය කල යුතු යන්න බව අප අවධාරණය කර සිටින්නෙමු!
