මට ඉන්දියාව ගම වගේ

art and literature of sri lanka sinhala poetry books novels

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා කෙනෙකුගේ ලියවිල්ලට, සිතුවිලි ආරට බලපානවා. දැන් මට ඉන්දියාව මගේ ගම වගේ. ඉන්දියානු පසුබිමේ කතා ලියන්න මට හරි ලේසියි. ශ්‍රී ශාන්ත් වගේ කතාවක්, ඒක හරි ලේසියි. ඒක සම්මාන වගේ දේවල්වට යෝජනා වුණේවත් නැහැ. මොකද ඒක විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට ගෝචර වෙන්නැති විෂයක්. ඒගොල්ලන්ට මෙහෙම හිමාලයේ ගිය ඒවා දැනෙන්නේ නැතුව ඇති. නමුත් ඒ පොත ලිවීමෙන් මම විශාල…

Read More

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!

child abuse in sri lanka dr tush wickramanayake

වෛද්‍ය තුෂ් වික්‍රමනායක හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ තරම් වැඩි. ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ ළමා අපයෝජන වලින්, ශාරීරික දඬුවම් තමයි බහුලවම සිදු වෙන ළමා අපයෝජනය. ඒ අතින් ශ්‍රී ලංකාව ලෝකයේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කළ රටවල් 196න් කෘරත්වයට එරෙහි ආරක්ෂාව අවම රටවල් 10 දක්වා පහත වැටිලා තියෙනවා. අපි ඇත්තටම මේ ගැන කණගාටු වෙන්න ඕනෑ. ලැජ්ජා වෙන්න ඕනෑ. මෑතකදී මේ චක්‍රය…

Read More

හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!

child abuse in sri lanka national child protection authority

ආච්චි අම්මට වැදපන් කියලා අම්මෙක් කුඩා දරුවෙකුට අමානුෂික විදිහට පොල්ලකින් තඩිබාන වීඩියෝවක් පහුගිය දවස්වල බුකියේ ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ආරංචි විදිහට ඒ වීඩියෝ එකට අදාළව ඒ අම්මන්ඩි සහ ආත්තම්මා අත්අඩංගුවට අරගෙන. ඒ දරුවාට ගැහුවා කියන හේතුවට. පල්ලෙවෙල පොලීසිය තමයි මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ. දැන් මේ අත්අඩංගුවට ගැනීම ගැන නොයේක් කතා මේ අවකාශයේ සරණවා. ගොඩක් දෙනෙක් කාන්තාවෝ කියමින් ඉන්නවා නොගහා දරුවෝ හදන්න බෑ කියන කතාව. තමනුත් හොඳ ළමයෙක් උනේ අම්මා තාත්තා තමන්ට හොඳට ගහලා හදපු නිසා කියලා තමයි මෙයාලා කියන්නේ. ආච්චි අම්මට වදින්න බැරි දරුවෙක් මොකටද? සමහරෙක් එහෙම කියනවා. හැදිගාන…

Read More

ණය ගෙවාගන්න බැරුව ගිනි තබාගත් සෙල්වි.

microfinance crisis plantation workers central bank of sri lanka

ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්‍රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය මුදල් දුප්පතුන් තවත් දුප්පත් කමට හෙළනවා. හැටන් කොටගල නගරයට ආසන්න වතු ගමකදී තමයි අපිට එස් සෙල්වි මහත්මිය හමුවන්නේ. ඇයට සහ දරුවාට නොතෙමී ඉන්න අඩුම තරමින් ගෙයක් හෝ නැහැ. ගෙදර වෙනුවට තිබෙන්නේ සිමෙන්ති ගල් උළු කැබලි ලෑලි හේත්තුකරලා හදාගත්ත කූඩාරමක් වගේ ගෙයක්.  ඉතිං සෙල්විගේ කතාව අහන්න.. මම මෛදිලී කියලා කෙනෙක්ට ණය අරගෙන දුන්නා. එයා කිව්වා මට…

Read More

රටේ පදනම ඉවරයි – කිෂාලිගේ ඇසින් අතිඋතුම් මාතෘභූමිය දැකීම – ලියනගේ අමරකීර්ති

රටේ පදනම ඉවරයි - කිෂාලිගේ ඇසින් අතිඋතුම් මාතෘභූමිය දැකීම - ලියනගේ අමරකීර්ති

යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා. ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ තීරුව පළ වෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ. ඒ වගේ ලිපියක් සිංහල පත්තරවල නෑ. මේ සතියේ කිෂාලිගේ ලිපිය ආරම්භ වන්නේ ඉතා සිත්ගන්නා වැකියකින්. එහි අර්ථය මෙයයි: “2015-19 අතර කාලයේදී යම් යම් දූෂණ වංචා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කළ ගවේෂණවලදී යම් යම් පුද්ගලයන් නීතිවිරෝධී ලෙස ඒ ගවේෂණවලට මැදිහත්වීදැයි සොයා බැලීමට පත් කර ඇති අබේරත්න කොමිසම දැන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නීති විරෝධී ලෙස මැදිහත්වීම සුපිරි උත්ප්‍රාසයකි.” අපේ රට හොරාකාපු උදවිය…

Read More

සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්!

Art and Culture of Sri Lanka Prageeth Rathnayake

ප්‍රගීත් රත්නායක  සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම් ඇන්දට ආහාර ගත්තට රමණය කරාට වැඩක් නෑ අපේ මේ සංස්කෘතික තත්ත්වය අපි තුළ නැත්නම්. වංශයෙන් නෙමේ අපේ නරුමවාදය පටන් ගන්නේ අපි තුළ සිටින සංස්කෘතික ජීවියා අහිමි වීම තුළින්. අපේ මේ ළඟම කෙනා මගහැරෙන්නේ සංස්කෘතික ජීවිතය මොකක් හෝ හේතුවක් උඩ. මෙය ධනවාදය කරපු වැඩක් හැටියට තමයි මේ මොහොතේ ඉස්මතු වෙන්නේ. එය ගෝලීය වශයෙන් අර්ථකථනය කරාට දේශපාලනමය…

Read More

“ජිහාද්” වචනය පාවිච්චි කරලා මාව හිරේ දැම්මා!      

Ramzi Razik jihad Iccpr human rights in sri lanka

මාධ්‍යවේදී රම්ෂි රාසික්. ඇත්තම කියනවනම් මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර ඉඳලා  මුහුණු පොතේ දේශපාලන ප්‍රශ්න ගැටළු ගැන ලියනවා. ඒක මම අවුරුදු 10ක් තිස්සෙම කරගෙන ආවා. මගේ ෆේස්බුක් පෝස්ට් තුළින් මම හුඟක්ම සමාජයට බලපෑම් කරන දේශපාලන සංස්ථාවන් සහ ආගමික සංස්ථාවන් යන දෙක තමයි විවේචනය කළේ. ඒ මොකද ඒ තීරු දෙක තමයි සමාජයට තීරණාත්මක සාධකයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේශපාලන සංස්ථාවට සහ පූජක සංස්ථාවට මම කෙලින්ම මගේ පෝස්ට් තුළින් අභියෝග කරලා තියෙනවා. මේ නිසාම මා ගැන කලින්ම සමාජය තුළ යම් මතයක් තිබුණා සම්මතයට මම පහර ගහන කෙනෙක් හැටියට. ඇත්ත වශයෙන්ම මාව අත්තඩංගුවට…

Read More

වරදක් කළත් සිතකින් නොවේ කියලා මේ බදු වංචාවෙන් පැනලා යන්න හදන්න එපා!

tax policy in sri lanka pubudu jagoda frontline socialist party

පුබුදු ජයගොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලංකාවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් බදුවල ක්‍රම 2ක් තියෙනවනේ ඍජු සහ වක්‍ර බදු කියල.  දැන් ලෝකේ ගොඩක් රටවල ඍජු බද්ද තමයි ලොකු බද්ද, ඒ කියන්නේ ඉහළ ආදායම් ලාභින්ගෙන් ආදායම් මත අයකරන බද්ද එහෙම නැත්නම් ප්‍රාග්ධනය මත  අය කරන බද්ද. අනිත් එක වක්‍ර බද්ද. වක්‍ර බද්ද කියනනේ භාණ්ඩ හා සේවා මත අයකරන බද්ද. ඒක හුගක් විට වැටුප මත බද්දක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ලංකාවේ මේකේ ප්‍රතිශත තියෙන්නේ, ලංකාවේ බදු ආදායමෙන් 85%ක් භාන්ඩ හා සේවා බද්ද, 15%ක් තියෙන්නේ ඍජු බද්ද එහෙම නැත්නම් ආදායම…

Read More

අද දෙමළ ඊළමක් නෑ, අද තියෙන්නේ චීන ඊළමක්!

Rajitha Senaratne Samagi Jana Balawegaya political situation sri lanka

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අප්‍රේල් මාසේ වෙනකොට දෙවෙනි ඩෝස් එක දෙන්න ඕනී නමුත් දැන් ඒක මැයි මාසෙට ගිහිං තියෙනවා. මේ වෙනකොට රජය සහ සවුඛ්‍ය අමාත්‍යාංශය විශාල අර්බුදයක ඉන්නවා, මොකද අවශ්‍ය එන්නත් ප්‍රමානය ගෙනල්ලා නැහැ. ලංකාවේ ලක්ෂ 216ක් මිනිස්සු ඉන්නවා. මේකෙන් අවම වශයෙන් ලක්ෂ 130කට එන්නත් දෙන්න ඕනෑ. එතකොට එන්නත් ලක්ෂ 260ක් ලංකාවට ගේන්න ඕනී. මේ ලක්ෂ 260න් දැනට කීයක් ගෙනත් තිබෙනවාද? ලංකාවට ප්‍රධානයක් විදිහට ලැබුණා ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 5ක්, ඒක නිකං ලැබුණේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ලක්ෂ 40ක් මේ රටට දෙන්න පොරොන්දු වුණා. ඒකෙන් ලක්ෂ 16ක් මාර්තු මාසේ වෙනකොට…

Read More

‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

book launching ceremony ajana ranagala ape aha koheda lili mal

‘අපේ අහ කොහේද ලිලී මල් ‘ අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා ‘කවි කියන්නේ අකුරු පේළි නෙවෙයි. කවි කියන්නේ කොළ උඩ වචන වීදුරුවක් ඉහිරිලා නිදහසේ ගලාගෙන ගියාම ඇඳෙන සිත්තම්වලට’. ෆේස්බුක් නම් නව මාධ්‍ය නිසා අද කවියන් කිවිඳියන් සමාජයේ සුලබයි. ඒ සුලබ කවියන් කිවිඳියන් අතර අජානාගේ කවීත්වය දුලබයි. ‘අපේ අහා කොහේද ලිලී මල්’ කවි සංග්‍රහය 2021 අප්‍රේල් 24 වැනි දා සවස 4ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඒට්‍රියම් ශාලාවේදී එළිදැක්වෙනවා,…

Read More