-මහේෂ හපුගොඩ- හුඟක් අය හිරුනිකා ගේ ‘කඩා පැනීමේ ක්‍රියාව’ දිහා බලන්නේ උත්ප්රාසයෙන්. මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting). පිරිමි අය තෙල් පෝලිම් වලට හුරු වෙමින් ඒවායේ දන්සැල් දෙනකොට, ගහමරා ගන්නකොට, වැඩි ගාණට විකුණන්න තෙල් අදිනකොට, හමුදාවේ උන්ට කික් බොක්සිං ගහන්න බොඩි එක දෙනකොට ගැහැණියක් හැටියට හිරුණිකා ඉන්නේ දේශපාලන වශයෙන් සෑහෙන්න ඉස්සරහින්. පවත්නා පිළිවෙලට අනුගත වෙමින් යන ‘අක්‍රීය පිරිමි ලෝකෙක’ ගැහැණියක් හැටියට හිරුනිකා ගේන ‘උමතු දේශපාලනය’ අර සොම්බී ගතිය පලවා හරින්න උදව් වෙනවා (zombie existence).…
Read MoreAuthor: tom
හිරුණිකා අත්අඩංගුවට..!
ජනාධිපත් මන්දිරය අසල විරෝධතාවේ නියුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) උදෑසන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මිදුලටම ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු මන්දිර පරීශ්‍රයට ඇතුලු වීමට තැත් කෙරෑ නමුත් ආරක්ෂක අංශ විසින් එය වැළැක්විය. පසුව ඔවුන් ඉදිරිපස ගේට්ටුවේ සිට තම විරෝධය ප්‍රකාශ කරන අතරතුරේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘මව්රට වෙබ් අඩවිය’ ප්‍රකාශ කරන්නේ ලංකාවේ මතුව ඇති අර්බූදයේ සියලු කොටස් ඩොලර් අර්බූදය සමග ගැටගැසී ඇති බැවින් එම අර්බූදය විසඳිය නොහැකි මුදල් ඇමැතිවරයකු රට තුළ සිටීම භයානක තත්ත්වයක් බව ධම්මික පෙරේරා ප්‍රකාශ කළ බවය. රනිල් වික්‍රමසිංහ හට මුදල් අමාත්‍යවරයා වශයෙන් රටට ඩොලර් ගෙන ඒම සඳහා කිසිඳු සැලැස්මක් නොමැති බව තහවුරුවී ඇති බව ද දැනුවත්ව…
Read Moreරට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම
මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ පහකට වැඩියි. මේ වසරේ ජූලි දෙසැම්බර අතර ඩොලර් බිලියන 3ක විදේශ ණය ගෙවිය යුතුයි. ගෙවිය යුතු ණය වසර අනුව පහත දැක්වෙනවා. 2023 ඩොලර් බිලියන 6 2024 ඩොලර් බිලියන 5 2025 ඩොලර් බිලියන 6 2026 ඩොලර් බිලියන 4 2027 ඩොලර් බිලියන 4 ගෙවිය යුතු ණය සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 28ක් වෙනවා. රජයේ මුළු…
Read Moreහිරුණිකා මන්දිරයටම ගිහිං..!
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් සුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය අසලටම ගොස් ඇත. අද (7) උදෑසන 11ට පමණ ජනාධිපති මන්දිරයේ මිදුලටම ගොස් එහි සිට ෆේස්බුක් හරහා සජීවීව ජනතාව ඇමතූ හිරුණිකා ප්‍රකාශ කළේ තමන් මන්දිරය අසලටම එනකම් බුද්ධි අංශ කිසිත් නොදන්නා බවයි. එහි පාරේ හිඳ ගනිමින් ජනාධිපතිවරයාට ගෙදර යන්න යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ කණ්ඩායම කෑගසමින් සිටින අතර ඔවුන් එම ස්ථානයේ කොටුවෙන ලෙස ආරක්ෂක යකඩ වැටක් හදිස්සියේ ඉදිකිරීමට හමුදාව කටයුතු කරනු පෙනුනි. මෙම පුවත ලියන මේ මොහොත වෙනවිටත් කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරීශ්‍රයේ මෙම විරෝධතාවය පැවැත්වෙන අතර එහි සිට ඇය අරගලකරුවන්ට ආරාධනා…
Read Moreජවිපෙයි පෙරොට්ටොයි ගහන්නයි හදන්නේ පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියයි
– කේ. සංජීව – ඉදිරි සතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය ඇතුලු විපක්ෂ කණ්ඩායම් රජයට බලපෑම් කිරීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ එම මන්ත්‍රී නිවස්න වෙත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇතැයි තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න වෙත ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර ඇත. IUP/PA/CID/OUT/1687/22 යටතේ යොමුකරන මෙම ලිපිය තුළ පොලිස්පතිවරයා මුලින්ම අවධාරණය කරන්නේ 2022.07.05 සහ 06 දිනවල යෙදෙන කළුකොටි සැමරුම් සතිය තුළ උතුරු නැගෙනහිර සහ දකුණු පළාත් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදේශීය බුද්ධි සේවයක් මගින් සිදුකර…
Read Moreපීටර් බෲක් : වේදිකාව වෙනස් කළ විශිෂ්ඨයා
-කේ. සංජීව- පීටර් බෲක් (Peter Stephen Paul Brook) මියගිහිං කියලා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ෆේස්බුක් බිතේ සටහන් කරලා තිබුණා. මේ නම මගේ මතකයේ රැඳුන නමක්. ඒකෙන් කියවෙන්නේ නෑ පීටර් ගැන මම සෑහෙන්න ඉගනගෙන තියෙනවා කියලා. ඒත් මම නාට්‍ය එක්ක අනුරාගයෙන් වෙළිලා පැටලිලා හිටපු කාලයක් තිබුණා. එහෙම කාලෙක 2004 අග විතර තමයි මට බුද්ධික දමයන්ත කියන නාට්‍යකාරයා බොරැල්ලේ පුංචි තියටරයේදී හමුවෙන්නේ. එතකොට මම අපේ පන්ති කාමරය කියන බුද්ධික දමයන්තගේ නාට්‍ය බලලා ඔහු ගැන පිස්සුවකින් හිටියේ. කොහොම හරි පළමු හමුවෙන්ම මම බුද්ධික එක්ක නාට්‍ය කරන්න, ඇත්තටම කිව්වොත් නාට්‍ය ඉගනගන්න තීරණය කළා. ඒක හරියට…
Read More09 වෙනිදාට පස්සේ මොකෝ වෙන්නේ?
-කේ. සංජීව- ආයෙත් අරගලය පණගහලා නැඟිටලා අපි දිහා බලාගෙන ඉන්නවා. රටම නොනිළ ලොක්ඩවුන් එකක. අද රජය නිවේදනය කළේ පාසල් සති දෙකකට වහලා දානවා කියලා. ඒවා හරි සරළ තීන්දු. කොවිඩ් කාලෙත් එක්ක අපේ දරුවන්ගේ අධ්‍යාපනයට හොඳමට කෙළවෙලා. සීඩබ්ලිව් ඩබ්ලිව් කංන්නංගර ගැන කයි ගහන පාලකයෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන දෙයක් නෑ. ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි. විභාග කාල සටහන උනත් මඤ්ඤමක් වෙලා අහවරයි. ඒත් කාටද වගේ වගක් තියෙන්නේ ? කාටවත් නෑ. මේ අහු අස්සේ අම්මලා ළමයි අරගෙන වැව් වලට පනිනවා දරුවන්ට කන්න දෙන්න විදිහක් නෑ කියලා. සමහර අම්මලාගේ බඩේ ඉන්න දරිවෝ හදිස්සි ප්‍රතිකාර නෑ…
Read Moreදකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන්..!
යුපුන් අබේකෝන් මීටර් සීය තත්පර 10ට අඩුවෙන් දුවලනේ. හැමතැනම කතාව. මම ගියා යුපුන්ගේ ෆේස්බුක් වෝල් එකට. මිනිහා තමන්ගේ වෝල් එකේ මේ ජයග්‍රහනය ගැන මෙහෙම කියනවා. ” The wait is over ! 9.96 sec.. මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි වුණා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිඵලය මට හම්බුනා. ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member ! බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පළවෙනි Sub 10 එක. ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම. මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විශ්වාස කරපු අයට මං pay…
Read Moreආණ්ඩුව පලවාහැරීමට කාලය පැමිණ තිබේ!
-ශිරාල් ලක්තිලක- ප්‍රාථමික වන්නේ රටද? බලයද? ජුනි මාසය වනවිට රටේ උද්ගතවු පුරවැසි අරගලය උච්ඡයට ජුනි 9 දා පැමිණියේය. අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමත් සමගම ඇතිවු දේශපාලනික හා ආණ්ඩුකරණ රික්තය පිරවීමට අප යෝජනා කොට සිටියේ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් මීළඟ ජාතික මැතිවරණය පවත්වන තෙක් පිහිටුවන ලෙසටය. එසේම ගෝඨාභය ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව පිළිගන්නා නමුත් එසේ ඉල්ලා අස්වීම සඳහා සාධාරණ කාලවකවානුවක් ලබාදී එතෙක් රටේ පාලන බලය පාර්ලිමේන්තුව විසින් මෙහෙයවන විධායක කමිටු ක්‍රමයකට භාරදෙන ලෙසට අප කියා සිටියේය. එවැනි ඉල්ලීමක් යථාර්තයක් කරගැනීම සඳහා 20 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක රජකු බවට පත්කෙරුණු ජනාධිපතිගේ…
Read More