වරාය නගරය පිලිබඳ පනත අධ්‍යනය කරන්න අස්ගිරි මහා විහාරයට දෙන්න!

රටට හා භෞමික අඛණ්ඩතාවයට යම් කරුණක් හානිකර වන්නේ නම් විරෝධය පෑම සහ එකඟනොවීම විශේෂ වගකීමක් වන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කියති.

වරාය නගරය පිළිබදව වර්තමාන රජය විශ්ෂ පනතක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එය අධ්‍යනය කිරීම සඳහා අස්ගිරි මහා විහාරයට ලබාදීම සුදුසු යැයි එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සදහන් කළහ.

නව පනත නිසා  රටේ පවතින නීතිවලට හා පාරිපාලනයට යම් ගැටලු ඇති වන බවක් දැනගන්නට ලැබෙන බවත් මේ පිළිබදව මහා සංඝරත්නය දැනුවත් කර නොමැති නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමඟ සාකච්ඡා කොට නිරවුල් අවබෝධයක් ලබා ගැනීම අපේක්ෂා කරන බව උන්වහන්සේ සදහන් කළහ.

අදාල පනත පිළිබදව අධ්‍යයනය කොට පොදු එකඟතාවයකින් කටයුතු කිරීම රජයේ පාර්ශවයේ සියලු දෙනාගේ වගකීම වන්නේ යැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මාන්ද හිමියන් වැඩිදුරටත්  සදහන් කළහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම