ලංකාවට බීබීසී සංදේශය අහිමිවන ලකුණු !

ශ්‍රී ලංකා ජනතාවගේ අර්බුදකාරී අවස්ථාවන්හිදී නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා සවන් දෙමින් සිටි බීබීසී සිංහල සේවාව නොවැම්බර් මස 30 වන දින සිට හදිසියේම වසා දැමීමට තීරණය කර තිබේ. සතියකට අසන්නන් 833,000 සවන් දෙන මේ සේවය ලංකාවේ 87-89 භීෂණ සමයේදීත්, සිවිල් යුද සමයේදීත්, ජනතාවගේ, පීඩිතයාගේ වින්දිතයාගේ සිට තොරතුරු හුවමාරු කිරීමේ සමාජයට විශාල සේවයක් කළේය. සංදේශය අහිමිවීම ශ්‍රී ලංකා ජනතාවට විශාල පාඩුවකි.

වර්තමානයේදී ද තොරතුරක නිවැරදි භාවය හා සත්‍ය තොරතුරු දැනගැනීමට සංදේශය හා සිංහල වෙබ් පිටුව පරිහරණය කරන විශාල පිරිසක් සිටියි.

එක්සත් රාජධානියේ තිබෙන ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (The National Union of Journalists –NUJ) නම් සංවිධානය විසින් පවසනු ලබන්නේ ලංකාවේ විශාල පිරිසකට මානව හිමිකම් හා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අර්බුදයක් පවතින අවස්ථාවක මෙලෙස නිදහස් අවකාශයක තිබෙන බීබීසී සිංහල සේවය නවතාලීම සුදුසු නොවන බවයි.

2020 සැප්තැම්බර් වලදී බීබීසි සේවයේ සැලසුම වූයේ 2021 මාර්තු වන විට ගුවන් විදුලිය වැඩ සටහන් නවතා රැකියාවන් හයකින් සමාජ මාධ්‍යයන් වෙත යොමුවීමටයි. නමුත් හදිසියේම නොවැම්බර් මස 20 වෙනි දින දන්වා ඇත්තේ ගුවන් විදුලිය වැඩසටහන් නොවැම්බර් මස සිට විකාශනය කිරීම අත්හිටුවන ලෙසයි.

ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය සංවිධානයේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්වරයා වූ සීමවුස් ඩූලේ මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය දක්වමින් ඒ පිළිබදව කරුණු පෙන්වා දී තිබේ.

සංදේශය වැඩසටහන අවසන් කිරීමට සූදානම් වන්නේ ඒය ලංකාවට අවශ්‍යම මොහොතකය. බීබීසී ගැනීමට නියමිත මෙම ඉතා හදිසි සහ බරපතල තීරණය නිසා එහි මාධ්‍යවේදීන්ට මෙන්ම සංදේශය ශ්‍රාවකයින්ට විශාල අගතියක් සිදු කරයි. මෙම තීරණය තුළින් බීබීසී සේවයේ ස්ථාවරයන් යටපත් කරන අතර, එම සේවාවේ වටිනාකම අගය නොකිරීම ගැන ද කණගාටුදායකය.

Social Sharing
නවතම