කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු නිකුත් කරයි!

ශ්‍රී ල­න්කන් ගුවන් සේව­යට පුළුල් බඳ සහිත නව ගුව­න්යානා ඇණි­යක් ප්‍රති­ෂ්ඨා­ප­නය කිරී­මේදී සිදුව ඇති අමෙ­රි­කානු ඩොලර් මිලි­යන දෙකක පමණ දූෂණ වංචා සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය මඟ­හැර විදේ­ශ­ග­තව සිටින ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ හිටපු විධා­යක නිල­ධාරී කපිල චන්ද්‍ර­සේන මහ­තාගේ බිරි­යට කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා විවෘත වරෙ­න්තු­වක් ඊයේ (15) නිකුත් කළේය. එම වරෙ­න්තුව ජාත්‍ය­න්තර පොලී­සිය වෙත යොමු­කි­රී­මට ඉංග්‍රිසි භාෂා­වෙන් නිකුත් කරන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියම කළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යට කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළේය.

මෙම නඩුවේ දෙවන සැක­කා­රිය වන ප්‍රියන්කා නියො­මාලි නමැති කපිල චන්ද්‍ර­සේන මහ­තාගේ බිරිය වෙනු­වෙන් ඇප තැබූ අර­වින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිය තැබූ ඇපය රාජ­ස­න්තක නොකි­රී­මට හේතු දක්වන ලෙසත්, ඒ සඳහා නඩුව ලබන ජූලි 22 කැඳ­වන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. රුපි­යල් මිලි­යන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් දෙවැනි සැක­කා­රිය වෙනු­වෙන් ඔවුන් දෙදෙනා අධි­ක­ර­ණය හමුවේ ඇප තැන්පත් කර ඇත.

දෙවැනි සැක­කා­රි­යට වරෙන්තු කිහි­ප­යක් නිකුත් කළද අධි­ක­ර­ණය හමුවේ පෙනී නොසිටි බවත්, ජාත්‍ය­න්තර පොලී­සිය හරහා කට­යුතු කිරී­මට විවෘත වරෙ­න්තු­වක් නිකුත් කරන ලෙසත්, එය ඉංග්‍රිසි භාෂා­වෙන් නිකුත් කරන ලෙසත් පොලී­සිය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. එම ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් තෙවන සැක­කරු වන

හිටපු ඇමැති චමල් රාජ­පක්ෂ මහ­තාගේ බාල පුතු සමින්ද්‍ර රාජ­පක්ෂ අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා වරෙ­න්තු­වක් නිකුත් කර ඇත.

සැක­කරු දැනට අමෙ­රි­කාවේ පදිංචි බවත්, ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ජාත්‍ය­න්තර පොලී­සියේ ස‍හය ලබ­ගන්නා බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා ඇත. මෙම නඩුවේ පළමු සැක­කරු වන කපිල චන්ද්‍ර­සේන මහතා සිය­දිවි නසා ගෙන ඇති අතර ඊට අදා­ළව මරණ පරී­ක්ෂ­ණ­යක්ද පවැත්වේ.

2011-2015 වස­ර­වල සිදුව ඇති බව කියන මෙම අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­යක් අනුව මෙම නියෝග නිකුත් කර ඇත. එම ගුවන්යානා ගෙන්වී­මට මැදි­හත් වූ පාර්ශ්ව­යන් වන රෝල්ස් රොයිස් සමා­ගම, එයාර් බස් සමා­ගම සහ ඊට සබැඳි අනෙ­කුත් සමා­ගම් සිදු කරන ලද ගිණුම්, ලේඛන, අත්සන්, කාඩ්පත් අංක ඇතුළු සියලු වැද­ගත් ලිය­කි­ය­විලි, සූර­ක්ෂි­තව තබන ලෙස­ටත්, ඒවා සම්බ­න්ධ­යෙන් එම සමා­ග­ම­වල නිල­ධා­රීන්ට ප්‍රකා­ශ­යක් ලබා­දෙන ලෙස­ටත් අධි­ක­රණ නියෝග නිකුත් කර ඇත.

2018-08-03 රාජ්‍ය ව්‍යව­සාය සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් රවීන්ද්‍ර හේවා­වි­තා­රණ මහතා, ජේ.සී. වැලි­අ­මුණ වාර්තා­වට අනුව සිදුව ඇති වංචා දූෂණ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් සිදු කළ ඉල්ලී­මට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ කළ බව රහස් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර සිද්ධි­යට අදා­ළව විම­ර්ශන පවත්වා ප්‍රග­තිය වාර්තා කර­න්නැයි මහේ­ස්ත්‍රාත් නියෝග කර තිබේ.

නඩුව කැඳවූ අව­ස්ථා­වේදී අධි­ක­ර­ණයෙන් ලද නොතීසි මත දෙවැනි සැක­කා­රි­යගේ ඇප­ක­රු­වන් වන අර­වින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිය අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් දෙදෙනා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ නලින් ලද්දු­ව­හෙට්ටි මහතා ඇතුළු නීතිඥ මඬු­ල්ලක් අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්