
ඔහු පෙබරවාරි මාසේ 17 වෙනිදට අවුරුදු 18 ලැබූ තරුණයෙකි. පෙබරවාරි 02 වෙනි දින පාරේ ගමන් කරමින් සිටියදී “කුඩු දෙන්නද ආවේ” කියලා විහංග නිමේශ්ව පමුණුගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට අරගෙන මහජනතාව ඉදිරියේදී ඔහුව අඩ නිරුවත් කර පහර දී ඇත.
පසුව පොලිස් නිලධාරීන් ඔහුව පොලිසියට ගෙනගොස් කූඩු කිරීමට පෙර ඔහුගේ රුපියල් 76500/= ක් වටිනා ජංගම දුරකථනය හා ශ්රවණ උපකරණයත්, රුපියල් 10000/= සමඟ මුදල් පසුම්බිය පොලිස් බාරයට ගෙන ඇත. කිසිම හේතුවක් නොකියා නීතිඥ උපදෙස් පවා ලබා ගැනීමටද ඉඩ නොතබා, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10000/= ක මුදල් ඇප මත නිදහස් කර ඇත. ඉන්පසු ඔහු පමුණුගම පොලිසියට පැමිණ ඔහුගේ දුරකථනය ඇතුළු භාණ්ඩ ඉල්ලා ඇති අතර, රුපියල් 10000/= නොමැතිව මුදල් පසුම්බිය පමණක් ඔහුට ලබා දී ජංගම දුරකථනය ලබා ගැනීමට පසු දින එන ලෙසට පවසා ඇත.

මෙසේ දින කිහිපයක් ගියවිට එක් පොලිස් නිලධාරියෙක් ඔහුගේ භාණ්ඩ ලබාගත් නිලධාරියා නිවාඩු ගොස් ඇති අතර ඔහු හට ඇමතුමක් ගත් විට ඔහුගේ “ලොකර් එකේ” ඇති බව එම නිලධාරියා පවසා ඇත. එහෙත් දින 20 ක් දිනපතා දුරකථන ඇමතුම් ගත්තත් ඔහුට දුරකථනය නොදුන් අතර, පසුව පොලිසියට ගෙන්වා ඔහුගේ දුරකථනය පමුණුගම මංසන්ධියේදී ඔහු ඉන්නවිට පොලිසියෙන් රැගෙන ආ බවත් “පොලිසියට පැමිණ දුරකථනය බැලුවිට දුරකථනය නොමැති බවට” පවසා පැමිණිල්ලක් දමන ලෙස ඔහුට පොලිස් නිලධාරියෙක් පවසා ඔහුගේ අකමැත්ත මත බොරු පැමිණිල්ලක් ලියා ගෙන ඇත. දැනට මාසයක් ගතව ඇතත් ඔහුට තම දුරකථනය ලැබී නැත.
