ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත් මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ.
කිසියම් රටක මුදල් ඒකකයක් ශක්තිමත් කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?
සාමාන්‍යයෙන් මෙයින් අදහස් වෙන්නේ අදාළ මුදල් ඒකකය නිකුත් කරන රටින් පිටතද එම මුදල් වර්ගයට සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා කියන එකයි. දුර්වල මුදල් ඒකකයකට එවැනි ඉල්ලුමක් තිබෙන්නේ එම මුදල් ඒකකය නිකුත් කරන රට ඇතුළේ පමණයි.
කිසියම් මුදල් ඒකකයක් ශක්තිමත් වෙනවා කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙයින් අදහස් වන්නේ එම මුදල් ඒකකය සඳහා වන ඉල්ලුම සාපේක්ෂව ඉහළ යනවා කියන එකයි. මෙහිදී සාපේක්ෂව ඉල්ලුම ඉහළ යාම දෙස දෙයාකාරයකින් බලන්න පුළුවන්. ඒ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමට සාපේක්ෂව සහ වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂවයි.
ඕනෑම මුදල් ඒකකයකට එය නිකුත් කරන රට තුළ, භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව යම් හෝ ඉල්ලුමක් තිබෙනවා. එවැනි ඉල්ලුමක් නැති මට්ටමට මුදල් ඒකකයක් දුර්වල වුවහොත් ඒ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්ව යනවා. මුදල් ඒකකයක ශක්තිය මූලික වශයෙන්ම තීරණය කරන්නේ මෙම දේශීය ඉල්ලුමයි. අවසාන වශයෙන්, වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව මනින මුදලක බාහිර ඉල්ලුම තීරණය කරන්නේද මුලින් මේ අයුරින් රට තුළ මුදලක ශක්තිය ඉහළ යාමයි.

මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක් පමණයි. ඒ හැර, මුදල් වලට එහිම වූ නෛසර්ගික වටිනාකමක් නැහැ. නමුත් භාණ්ඩ හා සේවා වලට නෛසර්ගික වටිනාකමක් තිබෙනවා. කිසියම් මුදල් ඒකකයක ශක්තිය වන්නේ එම මුදල් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා වල වටිනාකම නිසා ලැබෙන ශක්තියයි.
ආදායම් ඉපදවීම කියා කියන්නේ, අවසාන වශයෙන්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. ඇතැම් අය එසේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරනවා. තවත් සමහර අය තමන් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා. එසේ කරන්නේ වෙනත් අයගෙන් ණයට ගැනීම මගින්. මුදල් භාවිතයක් නැත්නම්, මෙසේ ඉතිරි කරන හා ණයට ගන්නා භාණ්ඩ හා සේවා අතර තුලනයක් තිබිය යුතුයි.
මුදල් භාවිතය තුළ, පරිභෝජනය කර ඉතිරි කරන්නන් විසින් තමන් සතු අතිරික්තය මුදල් බවට පරිවර්තනය කරනවා. එසේ කරන්නේ එම මුදල් වලටද භාණ්ඩ හා සේවා වලට මෙන් වටිනාකමක් ඇතැයි විශ්වාස කරමිනුයි. මේ විශ්වාසය වැඩි වන තරමට කිසියම් මුදලක් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් එම මුදල ශක්තිමත් වෙනවා.
අනෙක් අතට, ණය ගන්නා අය කරන්නේ තමන් සතුව “නැති මුදල්” භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරමින් තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කිරීමයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. සංසරණය වන මුදල් ප්‍රමාණය වෙනස් නොවේනම්, රටක සියල්ලන්ටම ලබා ගත හැකි සමස්ත ණය ප්‍රමාණය සහ රටේ සියල්ලන්ගේම සමස්ත ඉතිරි කිරීම් ප්‍රමාණය සමාන විය යුතුයි. එසේ නොවන්නේනම්, ණය ඉල්ලුම සහ ණය සැපයුම තුලනය වන්නේ නැහැ.
යම් හෙයකින් ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩිනම්, ඉතිරි කරන්නන්ට හෙට්ටු කර වැඩි පොලියක් ඉල්ලා සිටිය හැකි නිසා, පොලී අනුපාතික ඉහළ යනවා. ඒ විදිහටම, ණය ඉල්ලුම ණය සැපයුමට වඩා අඩුනම්, පොලී අනුපාතික පහළ යනවා.

ලංකාවේ සමාජය කාලයක් තිස්සේම තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කරන්න හුරු වී සිටින සමාජයක්. ණය ගන්න බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඊට සාපේක්ෂව ඉතිරි කිරීම් අඩුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ණය ඉල්ලුම සහ සැපයුම තුලනය වීම සඳහා පොලී අනුපාතික සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතිය යුතු වීමයි.
චීනයේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 43.4%ක්. දකුණු කොරියාවේ 34.0%ක්. සිංගප්පූරුවේ 57.9%ක්. දැන් දේශීය ඉතිරි කිරීම් අනුපාතය පහත වැටී තිබුණත්, 1970දී ජපානයේ ඉතිරි කිරීම් අනුපාතය 43.3%ක්. මේ රටවල් වේගයෙන් දියුණු වුණේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගෙන කාලයක් එසේ පවත්වා ගැනීම මගිනුයි.
එහෙත් ලංකාවේ ඉතිරි කිරීම් අනුපාතය 24.3%ක් පමණයි. රටක ඉතිරි කිරීම් අනුපාතය අඩුනම්, ඒ හා ගැලපෙන පරිදි ස්වභාවික ලෙසම පොලී අනුපාතික ඉහළ යනවා. ආයෝජන සීමා වෙනවා. ඒ මගින්, විභව දළ දේශීය නිෂ්පාදිතයද සීමා වෙනවා.
රටක මහ බැංකුවට මැදිහත් වී පොලී අනුපාතික පහත දමන්න පුළුවන්. එහි අරමුණ වන්නේ ආයෝජන දිරිමත් කර ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. එහෙත් පොලී අනුපාතික ඒ අයුරින් පහත දමද්දී ණය ඉල්ලුම රටේ ඉතිරි කිරීම් ඉක්මවා ඉහළ යනවා. පොලී අනුපාතික අඩු මට්ටමක තියාගන්නනම් මේ අඩුව පිරවෙන පරිදි මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයක් ඇති වෙනවා.

ඇමරිකාවේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 17.1%ක් පමණයි. මෙය ඉතා අඩු මට්ටමක්. එහෙත් ඇමරිකාවේ පොලී අනුපාතික ලංකාවේ තරම් ඉහළ නැහැ. ඊට හේතුව විදේශිකයින්ගේ ඉතිරි කිරීම්ද ඇමරිකාවට පැමිණීමයි. ශක්තිමත් මුදල් ඒකක තිබෙන රටවලට මේ වාසිය තිබෙනවා. ඒ නිසා, එවැනි රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගන්නවා. නමුත් මෙවැනි විශේෂ වාසියක් නැති ලංකාව වැනි රටක් උද්ධමනය 5% වැනි වඩා ඉහළ මට්ටමක තබා ගැනීමට ඉලක්ක කළද, පොලී අනුපාතික ඇමරිකාවේ මට්ටමට අඩු වෙන්නේ නැහැ. ඉහළ පොලී අනුපාතික ආයෝජන සීමා කර එමගින් ආර්ථික වර්ධනයද සීමා කරනවා. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් මේ අහියෝගය ජයගෙන කෙටිකාලයක් තුළ වේගයෙන් දියුණු වුනේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තබා ගැනීම මගිනුයි.
විදේශ ණය ගැනීමත් මේ ප්‍රශ්නයට පිළියමක් වුවත්, එහිදී සිදු වන්නේ අනාගතය උගසට තබා පරිභෝජනය වැඩි කර ගැනීමක්. ඇමරිකාව විසින් විදේශිකයින්ගේ ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමේදී සහ ලංකාව විසින් විදේශ ණය ගැනීමේදී සිදු වන්නේ එකම දෙයක් නෙමෙයි. පොලී අනුපාතික අඩු වීම, ආයෝජන ඉහළ යාම සහ එමගින් ආර්ථික වර්ධනය ඉහළ යාම හා අදාළව වෙනසක් නැති වුනත්, ඇමරිකාව ණය ගන්නේ ඔවුන්ගේම මුදල් ඒකකයෙන්. ඒ නිසා, ඇමරිකාවට මුදල් සැපයුම වැඩි කර පහසුවෙන්ම එම ණය ආපසු ගෙවන්න පුළුවන්.
ලංකාවේ රුපියල ඇමරිකන් ඩොලරය මෙන් ශක්තිමත් මුදල් ඒකකයක් නොවන නිසා ලංකාවට ණය ගන්න වෙන්නේ වෙනත් රටක මුදල් ඒකකයකින්. ඒ මගින් පොලී අනුපාතික අඩු කරගෙන, ආයෝජන ඉහළ දමා, ආර්ථික වර්ධන වේගයද වැඩි කර ගත හැකි නමුත් මේ සියල්ල තාවකාලිකයි. ණය ආපසු ගෙවන්න සිදු වූ විට ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවෙනවා. ඒ නිසා, විදේශ ණය වල උදවුවෙන් පොලී අනුපාතික අඩු කරගෙන එමගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරගැනීම ලංකාව වැනි රටකට තිරසාර ක්රමෝපායක් නෙමෙයි.
වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව කිසියම් මුදල් ඒකකයක ශක්තිය තීරණය වන්නේ මුදල් ඒකකයක බාහිර ඉල්ලුම මතයි. ශ්‍රී ලංකා රුපියලේ බාහිර ඉල්ලුම ඉහළ යන්නේ රට තුළ නිපදවන භාණ්ඩ හා සේවා සඳහා බාහිර ඉල්ලුම ඉහළ යන තරමටයි. එම ඉල්ලුම ඉහළ යන තරමට රුපියල ශක්තිමත් වෙනවා. එහෙත්, රට තුළ ආනයන ඉල්ලුම වැඩි වන තරමට රුපියල දුර්වල වෙනවා.
ලංකාවෙන් පිටත ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ලංකාව තුළ ආනයන ඉල්ලුම වැඩියි. මෙවැනි වෙනසක් ඇති විට එය තුලනය වන්නේ රුපියලේ බාහිර අගය අඩු වීම හරහායි. ඩොලරයක රුපියල් මිල නිරන්තරයෙන් ඉහළ යාම මගින් මෙය පිළිබිඹු වෙනවා. ආනයන ඉල්ලුම වැඩි වෙද්දී, ඊට අනුරූපව රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ නොයන්නේනම්, විදේශ විණිමය ඉපැයීම් හා සමාන මට්ටමක් දක්වා ආනයන ඉල්ලුම අඩු වන තෙක් ඩොලරයක මිල ඉහළ යා යුතුයි.
රටේ මුදල් සැපයුම ඉහළ යද්දී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම මෙන්ම ආනයන ඉල්ලුමද ඉහළ යනවා. මෙහිදී දේශීය භාණ්ඩ හා සේවා සැපයුම ඊට අනුරූපව ඉහළ නොයාමේ ප්‍රතිඵලයක් ලෙස එම භාණ්ඩ වල මිල ඉහළ යන නමුත් ආනයන වලට එවැනි සැපයුම් සීමාවක් නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ආනයන වඩා ලාබ වී ආනයන ඉල්ලුම තවත් වැඩි වීමයි.

මේ ආකාරයෙන් රටේ මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වී, ආනයන ඉල්ලුමද වැඩි වී, ඩොලර් ඉල්ලුම ඉහළ ගිය විට අවසාන වශයෙන් ඩොලරයක මිලද ඉහළ යනවා. එමගින් ආනයන ඉල්ලුම නැවත පෙර පැවති මට්ටම දක්වා අඩු වෙනවා.
මෙහිදී රුපියල දුර්වල වන්නේ ඩොලරයක මිල ඉහළ යන අවස්ථාවේදී නෙමෙයි. මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන විට රුපියල දුර්වල වී අවසානයි. ඊට අනුරූප ලෙස ඩොලරයක මිලද ඉහළ නොගියහොත් සිදු වන්නේ දිගින් දිගටම ආනයන ඉහළ ගොස් රුපියල තව තවත් දුර්වල වීමයි. ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් එසේ රුපියල දිගින් දිගටම තව තවත් දුර්වල වීම වැළකෙනවා.

මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන වී රුපියල දුර්වල වීමෙන් පසුව ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය මහ බැංකුව මැදිහත් වී සංචිත විකිණීමයි. එහෙත් මෙසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගැනීමට හෝ සීමා කිරීමටනම් මුලින්ම සැලකිය යුතු විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගෙන තිබිය යුතුයි.
විදේශ සංචිත රැස් කරද්දී වෙළදපොළේ ඩොලර් සැපයුම අඩු වෙනවා. රුපියල් සැපයුම වැඩි වෙනවා. ඒ හරහා රුපියල දුර්වල වී ඩොලරය ශක්තිමත් වන බවක් පෙනෙනවා. නමුත් සංචිත ඉහළ යාම නිසා අනාගතයේදී රුපියල දුර්වල නොවී ශක්තිමත්ව තබා ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඒ නිසා, දිගුකාලීනව බලද්දී ඇත්තටම මෙහිදී සිදු වන්නේ රුපියල ශක්තිමත් වීමක් මිසක් දුර්වල වීමක් නෙමෙයි.

ලංකාව දැන් ඉන්නේ දිගුකාලීනව රුපියල ශක්තිමත් කර ගැනීමේ ඉලක්කයකයි. ඒ සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත එක්රැස් කරගත යුතුයි. මෙය කරන ආකාරය පිළිබඳ සැලසුමක් තිබෙනවා. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරතුරේ ඩොලරයක මිලද ඉහළ යන්නේනම් එමගින් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමක් සහ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය සීමාවීමක්. ඩොලර් ඉල්ලුම අඩු වීමක්. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීමක්.
සංචිත විකුනමින් හෝ විදේශ ණය ගනිමින් ඩොලරයක මිල පහතින් තියාගනිද්දී ඇත්තටම සිදු වන්නේ කිහිප ආකාරයකින්ම රුපියල දුර්වල වීමයි. එක පැත්තකින් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් රටින් යනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. අනෙක් පැත්තෙන් අනාගතයේ ණය ආපසු ගෙවීමේ අවදානම සහ රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් යොදා ගත හැකි සංචිත නොමැති වීමේ අවදානම ඉහළ යනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ රුපියල දුර්වල වීමයි.
සාරාංශයක් ලෙස, රුපියල ශක්තිමත් වීම කියා කියන්නේ ඩොලරයක මිල අඩු වීම නෙමෙයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීමයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීම නිසා ඩොලරයක මිල අඩු වේනම් එය හොඳ තත්ත්වයක්. ඩොලරයක මිල වැඩි වන අතර විදේශ අංශය ශක්තිමත් වේනම් එයද හොඳ තත්ත්වයක්. ඒ වගේම, රටේ විදේශ අංශය දුර්වල කරමින්, විදේශ ණය ගැනීම හා සංචිත විකිණීම මගින් ඩොලරයක මිල පහතින් තියා ගනිද්දී ඇත්තටම සිදු වන්නේ රුපියල දුර්වල වීමක් මිසක් ශක්තිමත් වීමක් නෙමෙයි.