ශ්‍රී ලංකාව IMF ඉලක්ක සපුරමින් පළමු මාස හයේ බදු ආදායම ඉහළට

 

වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමග බදු ආදායම ඉහළ යාම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ජූනි මාසය සඳහා වන ප්‍රධාන මූල්‍ය ඉලක්ක කල්වේලා ඇතිව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ පසුගිය ජූනි මාසය අවසන් වන විට මෙවර අයවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 130 ක් විය යුතු ලෙස ලබාදුන් අතර පසුගිය ජූනි මාසය අවසන් වනවිට මෙරට ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 859 ක අතිරික්තයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ මෙම වසරේ පළමු මාස 6දී රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,650 ක් විය යුතු අතර එම ඉලක්කය පහසුවෙන් පසු කර යමින් පසුගිය මාස 6 තුළදී රුපියල් බිලියන 2152 ක බදු ආදායමක් ද රජය උපයා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවලට අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 2750 ක් විය යුතු අතර වසර අවසන් වන විට සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4350 දක්වා ඉහළ ගොස් ඇත.

Social Sharing
ආර්ථික නවතම