මෙරට වගා කරන කංසා අපනයනය සඳහා පමණයි!

ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජකයන්ට නීතියානුකූලව කංසා වගා කිරීමට මෙරට රජය ඉඩ ලබා දී ඇති අතර එළෙස වගා කරන කංසා අපනයනය සඳහා පමණක්ම බවත් මෙරට භාවිතය සඳහා භාවිතා නොකිරීමටත් බවට වාර්තා වේ. ඒ අනුව කංසා ශාකයේ ඕනෑම කොට­සක් (බීජ, කොළ, මුල්) බාහිර පරි­ස­ර­යට මුදාහැරී­මෙන් තොරව විනාශ කිරී­මට නීති සහ රෙගු­ලාසි පන­ව­න බවත් ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) පව­සයි.

මෙරට තුළ ප්‍රථම වතා­වට මීරි­ගම ප්‍රදේ­ශයේ අක්කර 64ක ඉඩ­මක කංසා වගාව ආරම්භ කිරී­මට නිය­මිතව ඇති අතර ශ්‍රී ලංකාවේ පව­තින නීති සහ රෙගු­ලා­සි­ව­ලට අනු­කූ­ලව මෙම වගා­වන් දැඩි ආර­ක්ෂක පිය­වර යටතේ සිදු කළ යුතු බවත් ආයෝ­ජන මණ්ඩ­ලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) විසින් කංසාවගා කිරීමේ ව්‍යාපෘ­තිය අධී­ක්ෂ­ණය කරනු ලබන අතර, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ද එයට සහාය දක්වන බවට වාර්තා වේ.

මෙම ව්‍යාපෘ­තියේ මූලික අර­මුණ වන්නේ කංසා භාවි­ත­යෙන් ඖෂධ නිෂ්පා­ද­නය සහ පර්යේ­ෂණ සඳහා නිෂ්පා­දන අප­න­ය­නය කිරී­මයි. මෙම ව්‍යාපෘ­තිය සඳහා ඉදි­රි­පත් කරන ලද අයැ­දු­ම්පත් 37න්, සුදු­සු­කම් සපුරා ඇති විදේ­ශීය ආයෝ­ජ­ක­යන් 7 දෙනකු තෝරා­ගෙන ඇති අතර, ඔවුන්ට මාස 6 ක මූලික කාල­යක් සඳහා තාව­කා­ලික බල­ප­ත්‍ර­යක් නිකුත් කර ඇත. මෙම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන ආකා­රය අනුව වගා කාලය අනා­ග­තයේ දී දීර්ඝ කිරී­මට නිය­මි­තය.

එක් ආයෝ­ජ­ක­යකු අවම වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 5ක මූලික ආයෝ­ජ­න­යක් ව්‍යාපෘ­තිය ආරම්භ කිරීම සඳහා කළ යුතු අතර, අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2ක බැඳු­ම්ක­ර­යක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතුව ඇත.

Social Sharing
අවකාශය නවතම