
ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශයේ කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ගේ එකතුවෙන් නිර්මාණය වුනණු ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය ඊයේ (28) නිල වශයෙන් එළිදැක් වූ අතර ඩිජිටල් මාධ්‍ය, ක්ෂේත්රයක් ලෙස ඉදිරියට යාමත් සමග මතුවී තිබෙන සහ ඉදිරියට මතුවන හා ගැටලු වලට එකමුතුවක් ලෙස මුහුණදීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවන ලද බව සංගමයේ උපදේශීකා මන්දනා ස්මයිල් ආරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.
මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ සභාපති මංජුල බස්නායක සඳහන් කරමින් සිටියේ ගෝලීය වශයෙන් පැමිණෙන ගැටළුවලදී එකතුවක් ලෙස මුහුණදීමට හැකියාව තිබෙන බවත් තවද සාවද්‍ය තොරතුරු පැතිර යාමත්, නියාමනයන් සම්බන්ධ ගැටලු හා ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පිළිබද ගැටලු වලට විසදුම් සෙවීමට මෙම සංගමය හරහා හැකිවන බවයි.
මෙම උත්සවයේදී මතුවුණු වැදගත් අදහසක් ලෙස සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රජයට සිය සහයෝගය අවශ්‍ය බව මෙන්ම තමන්ටද රජයේ සහයෝගය අවශ්‍ය බවත් මෙම සංගමය පිහිටුවීමෙන් ඒ සදහා නිවැරදි හා ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් නියාමනයන් සම්බන්ධවද මැදිහත්වීමට අවස්ථාව ලැබෙන බවයි.
මේ වන විටත් ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව පත් වූ ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරි මණ්ඩලය වනුයේ සභාපති වශයෙන් මංජුල බස්නායක, උප සභාපති වශයෙන් නිරෝෂ් මෛත්‍රී, ලේකම් ධූරය තුෂාරා සෙව්වන්දි, උප ලේකම් ධූරය අභිෂේකා ප්‍රනාන්දු, කැදවුම්කරු වශයෙන් මනෝජ් රත්නායක, භාණ්ඩාගාරික වශයෙන් සචිත්ර වික්‍රමනායක හා කමිටු සාමාජිකයන් වශයෙන් නිලධාරීන් අට දෙනෙකු තේරී පත්ව ඇත.
