විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාව අද

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය.

ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන්නේය.

එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසම ද සිය අදහස් එක් කරනු ඇත.

අනතුරුව සති 03ක කාලයක් එම යෝජනාවලිය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

එම කාලයෙන් පසු මහජන අදහස් විමසීමේ සැසිය පවත්වනු ඇත.

අනතුරුව සියලු යෝජනා එක්කර නව යෝජනාවලිය ලංකා විදුලි බලමණ්ඩලයට ලබාදීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්