බිංගිරිය පොලිසිය මාධ්‍යවේදියෙකු බලහත්කාරයෙන් රඳවාගෙන…

කුලියාපිටියේ උඩුබද්දාව ජාතික රූපවාහිනී වාර්තාකරු දිනෙත් කුමාර නොවැම්බර් 30 උදැසන බිංගිරිය පොලිසිය අසල ප්‍රධාන මාර්ගයේ රූගත කිරීමක් කරමින් සිටියදී පොලිසිය විසින් ප්‍රශ්න කර, පොලිසිය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවාගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අධිකරණයෙන් ඔහුට ඇප ලබා දී ඇත.

අවි ගබඩාව රූගත කළ බවට චෝදනා එල්ල කරමින් ඔහුට පහර දුන් බව කියවේ. ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හැඳුනුම්පත හා රූපවාහිනී හැදුනුම්පත පෙන්වද්දිත් අත් අඩංගුවට ගෙන තිබෙන බව සිදුවීම දුටු අය කියති.

Social Sharing
නවතම පුවත්