වසර 14කට පසු පොලිසියේ පහර කෑමට ලක් වූ විශ්‍රාමික ගුරුවරයාට යුක්තිය ඉටු වෙයි…! වන්දිය ලක්ෂ දෙකහමාරක්.

කේ.ඒ. හේමසිරි

2015 වසරේ ජූනි 26 වෙනි දින වදහිංසාවන්ට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම අවස්ථාවට සහභාගී වූ හේමසිරි මහතා

විශ්‍රාමික ගරුවරයකු වූ මාතර, හක්මන, වේපතඉර පදිංචි කේ.ඒ. හේමසිරි මහතාට 2009 වසරේ දෙසැම්බර් මාසයේදී හක්මන පොලිසියේ එවකට ස්ථානාධිපතිව කටයුතු කළ කමල් අමරසිංහ මහතා විසින් සිදු කල පහර දීමකින් දත් තුනක් කැඩී ගොස් තුවාල සිදු විය .

මෙම පහරදීමට එරෙහිව ගොනුකල SC/FR/12/2010 මූලික අයිතිවාසිකම් පෙත්සම 2010 ජනවාරි 20 වන දින ඉදිරියට ගෙනයාමට ගරු ශ්‍රේෂ්ඨාධිකරය අවසර දුන් අතර, ඉන් වසර 14කට පසුව එනම් 2024 මැයි 08 වන දින එම පෙත්සමේ සම්බන්ධව නඩු තීන්දුව ලබා දෙමින් එවකට පොලිස් ස්ථානාධිපතිව සිටි කමල් අමරසිංහ මහතාට රුපියල් එක්ලක්ෂ පනස්දාසක මුදලක් හා රජයට රුපියල් ලක්ෂයක මුදලක් ඇතුලුව රුපියල් ලක්ෂ දෙකහාමරක් පෙත්සමක්කරුට මාස 6ක් තුළ ගෙවන ලෙස නියෝග කරනු ලැබ ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හක්මන ආසනයේ කොට්ඨාශ කළමණාකරු ලෙස කටයුතු කරනු ලැබූ හේමසිරි මහතා 2009 දෙසැම්බර් 19 වන දින පොදු විපක්ෂ සංධානයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වල යෙදී සිටි අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම පහරදීම සිදු කර තිබුනි.

හේමසිරි මහතා ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සදහා නීතිඥ ඉරෝෂනී රාමසිංහ මහත්මියගේ උපදෙස් මත රාධා කුරුවිට බණ්ඩාර මහත්මිය  සමග ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විසින් පෙනී සිටින ලදී. අවුරුදු 14කට වැඩි කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවෙන් වින්දිතයාට මේ පමණින් හෝ සහනයක් සැලසීම අගය කල යුතුය.

ලංකාවේ නීතියේ පාලනය සම්බන්ධයෙන් දික්ගැස්සුනු ප්‍රශ්නයක් වන යුක්තියේ ප්‍රමාදය මෙම නඩුවේ තීන්දුව ලබා දීම සදහා මෙතරම් කාලයක් ගත වීමෙන් පැහැදිලිව පෙනී යයි.

මෙම නඩු පැවරීම සදහා කේ.ඊ හේමසිරි මහතාගේ ඉල්ලීම මත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මෙම සිදුවීමට අදාළ මූලික පියවරයන් ගැනීමටත් ශ්‍රේෂ්ඨාකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම සදහා නීති ආධාර සේවා ලබා දෙන ලදී

Social Sharing
නවතම පුවත්