පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්!

COP28 UAE ranil wickramasinghe

මෙම සියවසේ අවසානය වන විට අප ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවත්, එය 2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ “කඩවුණු පොරොන්දු” ලෙස දක්වමින් අනතුරු අඟවා ඇති බවත් ඩුබායි හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (CoP28) අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය පාලනය කිරීම සඳහා  පවතින රාමුවෙන් පිටත සිතිය යුතු බවත්, ඒ සඳහා මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 44%ක ප්‍රමාණයක් ආවරණය කරමින් රටවල් 134කින් යුතු, ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ නිවර්තන කලාපය තුළ පුර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරමින් කඩිනම් ඵලදායී විසඳුම් සෙවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තවද, නිවර්තන කලාපීය මුලපිරීමක් වෙනුවෙන් වාර්තා කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කිරීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

 

Social Sharing
අවකාශය නවතම