ලේබලය කියෙවුවම තමයි වැඩේ අහුවෙන්නේ ..!

මේ තියෙන්නේ උම්මලකඩ කුඩු මිශ්‍රණය කියල ලොකු ඇඩ්වර්ටීස්මන්ට් පාරක් දාන ආහාර අයිතමයක්. මේකට දාන ඇඩ් දිහා බැලුවම මේකෙන් ඇත්ත උම්මලකඩ වලටත් වඩා ෂුවර් එකට කෑම රස කරන්න පුලුවන් වගේ කියල තමයි ඇඟවෙන්නේ.

පාරිභෝගිකයින් හිතාගෙන ඉන්නෙත් මේකේ වැඩියෙන්ම තියෙන්නේ උම්මලකඩ තමයි කියලයි. ඇත්තටම මේකේ තියෙන්නේ මොනවද? උම්මලකඩ මිශ්‍රණය කියල ලෙබල් එකේ ගහල තියෙන නිසා මේකේ වැඩියෙන්ම තියෙන්න ඕනෑ උම්මලකඩ. ඒත්, ලේබලයේ අඩංගු ද්‍රව්‍ය (ingredients) කියෙවුවම එහෙම නෑ. ලංකාවේ බලපැවැත්වෙන ආහාර (ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ) නියෝගවල ප්‍රතිපාදනවලට අනුකූලව ලේබලයේ අඩංගු ද්‍රව්‍ය සදහන් කළ යුතු වන්නේ වැඩියෙන්ම අන්තර්ගත ද්‍රව්‍ය මුලටම එන විදියට සහ අඩුවෙන්ම අඩංගුවන ද්‍රව්‍ය අගටම යෙදන පිළිවෙලට ය.

අනුව මේකේ වැඩියෙන්ම තියෙන්නේ ලුණු ය. ඊළඟට වැඩියෙන්ම තියෙන්නේ කුප්‍රකට රස ප්‍රවර්ධක තුනක් වන එම්.එස්.ජී. (MSG) සහ ඩයිසෝඩියම් 5 ගුව⁣නලේට් සහ ඩයිසෝඩියම් 5 ඉනොසිනේට් කියන කෘත්‍රිම රස ප්‍රවර්ධක වර්ග තුන ය. ඒ තුනටත් පස්සේ තමයි උම්මලකඩ තියෙන්නේ. තව සීනි, කුළුබඩු වර්ග කිහිපයක් සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය කිහිපයකුත් තියෙනවා.

ඊළඟට මේ ලේබලයේ ගහල තියෙනවා “කෘත්‍රිම රස කාරක නෑ.” කියලා. ඒ කතාව ඇත්ත. ලංකාවේ හුඟ දෙනෙකු හිතාගෙන ඉන්නේ රස කාරක කිවුවම අජිනොමෙටෝ වෙළඳනාමයෙන් හදුන්වන MSG වගේ එවුවට තමයි රසකාරක කියල කියන්නේ කියලා. ඒත් E අංක 621 එකේ ඉදල 641 දක්වා තියෙන ආහාර ආකලන ද්‍රව්‍ය රසකාරක නොවෙයි, ඒවා කෘත්‍රිම රස ප්‍රවර්ධක. ලංකාවේ නීතියෙන් ඊ අංක 621, 627 සහ 631 යන ඊ අංකවලින් හැඳින්වෙන කෘත්‍රිම රස ප්‍රවර්ධක වර්ග අනුමතයි. (මෙවුව දාලා හදන පිදුර, තණකොළ වුනත් හරි රසයි කියල තමයි මොළයට දැනෙන්නේ )

අනික කොම්පැනිය මේක හඳුන්වන්නේ උම්මලකඩ මික්ස් කියලා. ඒ කියන්නේ වෙන දේවල්වලට උම්මලකඩත් ටිකක් මික්ස් කරල තියෙනවා කියන එකයි. උම්මලකඩ ගිණි ගණන් හින්දා, හරියට අ⁣පි ලුණු මිරිසට උම්මලකඩ ඩිංගිත්තක් දානවා වගේ.

ඒ නිසා මේ ආහාර අයිතමයේ ලේබල් එකේ කොම්පැනිය රටේ නීතියට අනුකූලව හරි දේ කරල තියෙනවා. අඩු ගාණට උම්මලකඩ කියල ලුණුයි, රස ප්‍රවර්ධකයි වැඩියෙන් දාපු උම්මලකඩ මික්ස්” කන අපියි වැඩේ වරද්දවාගෙන තියෙන්නේ. වරදවා තේරුම් ගත්තු අපිටයි වැරදුනේ.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක
උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග