බ්‍රෝයිලර් චිකන් කන්න හොඳයි ද?

බ්‍රෝයිලර් චිකන් ගැන අපේ සමාජේ මිත්‍යා මත රාශියක් තියෙනවා. ‘බ්‍රෝයිලර් හදන්නේ ඉක්මනට ලොකුවෙන හෝමෝන දාලා ඒවා කෑවම අපේ ඇගට විෂයි. බ්‍රෝයිලර් කෑවම ගෑණූ ලමයි ඒවයේ හෝමෝනවලින් ඉක්මනට වැඩි වියට පත්වෙනවා’

මේවා සමාජයේ ව්‍යාප්ත වෙන්න අපේ ජනමාධ්‍යත් විශාල කාර්යභාරයක් ඉටු කරනවා…

පළමුවෙන් ම කියන්න ඕනි බ්‍රෝයිලර් හදන්නේ කිසිඳු හෝමෝන විෂ රසායන දාලා නෙවේ. එතන තනිකරම තියෙන්නේ selection. ඒ කියන්නේ වැඩි බර වැඩි වර්ධන වේගයක් තියෙන සත්තු තොරලා සත්තු කාලයක් එකට මුහුන් කිරීම මගින් සහ feeding ඒ කියන්නේ කන්න දෙන කෑම එක… මේ එක ලක්ෂණයක් ප්‍රමුඛ කරගන්න සත්තු මුහුන් කරන එක අපේ මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ කරපු එකක්…

මේක තේරුම් ගන්න අපි ටිකක් බල්ලන්ගේ පරිණාමය ට බහිමු. මීට අවුරුදු දහස් ගාණකට කලින් සයිබීරීයාවේ හිටපු අපේ මුතුන් මුත්තෝ gray wolf කියන වෘක වර්ගයක් හදන්න පටන් ගන්නවා. ඒ වෘක වර්ගය අද වෙන කොට බල්ලෝ විදියට පරිණාමය වෙලා තියෙනවා.

චී හුවා කියන සුනඛ වර්ගය

දෙවෙනි රූපේ ඉන්නේ චී හුවා කියන සුනඛ වර්ගය බල කිලෝ එකකට වැඩිවෙන්නේ නෑ. තුන්වෙනි රූපේ ඉන්නේ great Dane කියන ලෝකේ ඉන්න විශාල සුනඛ විශේෂය බර 80 kg විතර වෙනවා. මේ දෙන්නගේ ශුක්‍රාණුයි ඩිම්බයි කලවම් කලොත් සරු ජනිතයෝ හදන්න පුළුවන්. ඒ කියන්නේ එයාල එකම විශේෂයක්.

එතකොට අර gray Woolf ලා අද වෙන කොට මේ මට්ටමට පරිණාමය වෙලා great Dane වගේ ලොකු සුනඛයොත් අර වගේ චූටී බලු විශේෂත් හැදුනේ හෝමෝන ගහලා නෙවේ selection breeding නිසා..

ඒ කියන්නේ ඉස්සර රජමාළිගාවල ගෙවල් අස්සේ හැදුන බල්ලෝ කාලයත් එක්ක පොඩි සුනඛ විශේෂ බිහිවුනා. ඒ වගේම දඩයක්කාරයෝ ගොවියෝ ගාව හිටපු බල්ලන් ගෙන් දඩයම් කරන්න පහසු වෙන්න වගාව ආරක්ෂා කරගන්න පුළුවන් ලොකු සුනඛ විශේෂ බිහි වුනා. එයාලට දඩයම් කරන්න වගාව ආරක්ෂා කරගන්න අර පොමනේරියන් චී හුවා වගේ පොඩි සුනඛ විශේෂ වැඩක් නෑ.

බ්‍රෝයිලර් කුකුලන්ට උනෙත් මේ වැඩේම තමයි. හතරවෙනි රූපේ ඉන්නේ කිරි ගන්න හරක් සහ මසට ඇති කරන හරක්.

great Dane

 

ප්‍රෂියන් කියන කිරි ගව වර්ගය වගේ දැනට දවසට කිරි ලීටර් සීය කිට්ටු කරලා දෙන හරක් ලෝකේ ඉන්නවා. මසට හදන ගව වර්ග කිරි ලීටර් අටකට දහයකට වඩා දෙන්නේ නෑ. මොකද එයාලා selection වලින් හැදුවේ මසට ඉහළ වර්ධනයක් ගන්න මිසක් කිරිවලට නෙවෙයි.

දැන් අපි බ්‍රෝයිලර්ලට එමු…

අවුරුදු දහස් ගාණකට කලින් අපේ මුතුන් මිත්තෝ වලි කුකුල්ලෝ වගේ කුරුල්ලෙක් ගෘහස්ථකරණය කරලා හදන්න පටන් ගන්නවා. කාලයක් එක්ක මෙයාල ආහාර හිඟ කාලෙට මසටත් ගන්නවා. තව මෙයාලගේ බිත්තරත් කනවා. කාලයක් එක්ක අපේ කට්ටියට තේරෙනවා මේ කුරුල්ලන්ගේ සමහර කුරුල්ලෝ ඉක්මනින් වර්ධනය වෙලා තර වෙනවා කියලා.

තව කුරුල්ලෝ අනික් උන්ට වඩා හොඳට බිත්තර දානවා කියලා. ඉතින් ඒ මසට හොඳ ජාන තියෙන සත්තු මුහුන් කරලා මසට හොඳ කුකුලෙක් හදා ගන්නවා. බිත්තරවලට හොඳ කුකුල්ලෝ මුහුන් කරලා බිත්තර වලට හොඳ කුරුල්ලෙක් හදා ගන්නවා. මේ වර්ග දෙක තමයි අද බ්‍රොයිලර් කුකුලෝ සහ බිත්තර කුකුල්ලෝ විදියට පරිණාමය වෙන්නේ. මේක එක දවසට දෙකට වුනු දෙයක් නෙවේ, අවුරුදු දහස් ගාණක ක්‍රියාවලියක්. ඒ වගේම අපේ හෝමෝ සේපියන්ලා මේක කළේ ජාන විද්‍යාව පිළිබඳව අබ මල් රේණුවක දැනුවත් කමක් නැතිව.

 

දැන් අපි වර්තමාන කාලයට එමු. ජාන විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක පර්‍යේෂන වැඩි වෙනවා. ජාන විද්‍යාව දියුණු වෙනවා. කාලයත් එක්ක මේ වැඩේ සමාගම් අතට ගන්නවා. එයාල ලෝකේ ඉන්න හොඳම වර්ධනයක් සහිත කුකුලෝ මුහුම් කරලා බ්‍රෝයිලර් චිකන් හදනවා. මේක කරන්නේ තනිකරම selection වලින් මිසක් කුරුල්ලන්ගේ DNA එහේම වෙනස් කරලා නෙවේ.

අන්තිම රූපේ තියෙන්නේ බ්‍රොයිලර් කුරුල්ලන්ගේ බර 1957 ඉඳලා වැඩි වුන හැටි. මේක තනිකරම අපේ මුතුන් මිත්තෝ කරපු වැඩක්. මේක විද්‍යාත්මක දියුණුවත් එක්ක පොඩ්ඩක් සීඝ්‍ර වුනා විතරයි..

ඉතින් මට කියන්න තියෙන්නේ බය නැතිව බ්‍රොයිලර් චිකන් දවස ගානේ වුණත් කන්න කියලා.

– පශු වෛද්‍ය නිලධාරි කුමුදු නිරෝෂණ බණ්ඩාර –
උපුටාගැනීමකි

Social Sharing
නවතම විශේෂාංග