විදුලි බිල එහෙට මෙහෙට වැනෙයි

මොන ආකාරයක කැබිනට් අනුමැතියක් හිමිවුණත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මේ මොහොතේ කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි.

විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ඊයේ දිනයේ අනුමත කරන ලද බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ඊයේ (09) පස්වරුවේ තමන්ට ලැබුණු බවද ජනක රත්නායක තහවුරු කරයි.

මේ අතර රජය ප්‍රකාශ කරන්නේ ඉහත කොමිසම හා සාකච්ඡා කර විදුලි බිල වැඩි කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බවය. එම තීරණය එලබෙන පෙබරවාරි මාසයේ මැද වන්නට ප්‍රථම ගනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරන අතර කොමිසම පාර්ශවය ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ විදුලි බිල වැඩි කිරීමට තම කොමිසම විරුද්ධ බවය.

Social Sharing
නවතම පුවත්