
වත්මනයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන හර්ෂණ සූරියප්පෙරුම මහතා, මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී ද කිසිදු අවස්ථාවක ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
“හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉහත තනතුරු දැරූ කිසිදු අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවූ බවට මම වගකීමෙන් ප්‍රකාශ කරනවා,” යැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්න සහ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරු පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.
