සිංහරාජෙ පෞද්ගලික ඉඩම් 300ක් රජයට

 

ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කෙරෙනු ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අක්කර 8,000 ක වපසරියක භූමියක් මේ යටතේ වනාන්තරකරණයට ලක් කරන බවයි.

සිංහරාජ වනාන්තරය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙක්ටෙයාර් 35,000 ක් වපසරියක් සිංහරාජ වනාන්තරයට අයත්වන ලෙස ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළේ ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ යටතේ මෙම පෞද්ගලික ඉඩම් වනන්තාරයට ඇතුළත් වූ බවයි.

මැනුම් කටයුතුවලින් අනතුරුව අදියර කිහිපයක් යටතේ එම ඉඩම්වලට වන්දි ලබාදීමට කටයුතු කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

 

(newsfirst)

Social Sharing
නවතම