කෝච්චී

සීතල පටන්ගත්තේ ගම්පොල පහුවුන වීටය නාවලපීටීය පහු වන වීට රෑ 12ට ආසන්නය ඉන්පසු අකුලන සීට් සහීත මැදීරීයේ නියාමක ලයීට් නිවා දැමුනු අතර එසැනීන් නින්ද පැමිනියේය උදේම ගස් අතරීන් හිරු එලීය කිරන සේ වීදීන යාමයේ ෆ්ලාස්ක් එකේ දමා ගෙන ආ.. තේ කෝප්පයකට දමා දුන්නේ අම්මාය.

උදේ 7 වන වීට අපී මහප්පා සහ මහම්මා සීටී මැදීරීයට ගිය අතර එය අපගේ මෙන් මැදීරීයක් නොව කුඩා කාමරයක් බව දැකීමෙන් කුහුල හ මුසු ආශාවක් තීව්‍ර වීය. රේල්ලුවේ සීටී මහප්පාට නිදන ඇඳන් සහීත මැදීරී කාමරයක නොහොත් බර්ත් එකක යාමට වොරන්ට් තිබුනත් ඉන්ටර්ඩික් වී සීටී අපේ තාත්තාට එසේ කල නොහැකී වීය.

මට අවුරුදු 6 ක් පමන වැඩීමල් ඔශාන්ත් අය්යා එම මැදීරීයේ උඩ ඇඳට අයීතීවාසීකම් කී අතර ඉනීමගකීන් එයට නැගීය යුතු වීය. කුඩා වැසීකීලීයක්ද මුහුන සෝදන බේසමක්ද එහීම වීය අනතුරුව ඉක්මනීන්ම අපගේ දුම්රීය බන්ඩාරවෙලද අනතුරුව ඇල්ලටද පැමීනී අතර , නමුනුකුල පීහීටී පිංගල වතුයායට බසයකීන් ගියෙමු . 1977 ජුලී මස චන්දයෙන් පසු අගෝස්තු මුල වීතර ඒ ගමන ගිය අතර එය මගේ පලමු දීර්ඝ දුම්රිය ගමනයී. මගේ ජිවිතයේ දුටු පලමු සිංහල දෙමල කෝලහාල ඒ කාලේදීම ඇවිලීනී. අපී දෙමල අය වැඩි වතුයායකය.

බාලදක්ශ පංතීය පිදුරුතලාගල කන්ඳ නැගීමට නුවරඑලීයට ගිය ගමන මගේ දෙවන දීර්ඝ දුම්රිය ගමන වන අතර අනතුරුව නමුනුකුල කන්ද නැගීමට තුන් වන ගමනක් ද ගියෙය.

පලමු ගමනේ මෙන් නොව දෙවන තුන් වන ගමන් හීදී මග දෙපස බැලීමට කාලය හා වයස වැඩී තිබුන නිසාවට ගමනේ සටහන් වඩාත් පුලුල් වීය . රාත්රී 8.15 කොටුව දුම්රීය ස්ථානයෙන් ආරම්භ වන දුම්රීය , වේදීකාවට එන්නේ මරදාන දෙසීන්ය. නවත්වනවා සමගම අය්යලා තම බාහු බලය යොදා එයට ගොඩවී සීට් ඇල්ලීම කල යුතු අතර වඩා හොඳ තරුනයන් පීරීසක් ඇත්නම් ඔවුන් වැඩී සීට් ගනනක් අල්ලයී හා එවීට වඩා පහසු ගමනක් හා මාරුවෙන් මාරුවට නිදා ගැනීමද කල හැක.

රාත්‍රී 11 පමන වන වීට සරසවී උයනට එන දුම්රීය අනතුරුව ගම්පොල නාවලපීටීය ගලබොඩ වටවල රොසැල්ල හැටන් තලවකැලේ ඉදල්ගස්හීන්න ග්රේට් වෙස්ටර්න් නානුඔය පට්ටි පොල කඳපොල ඔහීය හපුතලේ බන්ඩාරවෙල , ඇල්ල , හාලී ඇල්ල බදුල්ලට ලඟාවේ අනු පීලීවෙල මතකය එලෙසට.

උදැසන ඉර එලීය වැටීම නැවුම් පයීන් වනාන්තර වල සුවඳ හපුතලේ බන්ඩාරවෙල ලංවන වීට දැනේ. නානු ඔයට එන්නේ උදේ 4 ට පමන වන වීට වන අතර උසීන්ම පීහීටී පට්ටිපොල දුම්රීය ස්ථානයේ හෝ ඉන් පසුව හෝ කෝච්චීය ඇංජීන් දෙකක් ඉස්සරහීන් හා පස්සෙන් රුකුල් දෙමීන් ඇදෙන දුම්රීය වංගුවලදී ඇංජීන් දෙකම දැකීය හැකී වන අතර ගමන ඉතා සීමීනී.

ආපසු එන උඩරට මාර්ගයේ දෙමෝදර පාලම හා බ්ං ගේවල් දකීන්නට දවල් යා යුතුය , තේවතු හා මනරම් දීය ඇලීද දවල්ම දැකීය හැකී දෙවල්ය. රාත්‍රීයට වුවද වඩේ කාරයාගේ කඩදාසී කොල කවර වල දමා දෙන වඩේ ඉස්සෝ වඩේ හෝ උලුඳු වඩේ කොයී කවුරුත් මිලදී ගනී ටොපි සීයරට් පෙපර් මින්ට් යනුවෙන් කැගන කඩලද වීකුනන අයට බීස්නස් ඇත බාර්ලී ද වීකීනේ දවල් දුම්රීයේ නම් පේර බේසම් හිස තබා ගත් අය දුම්රීය්ය ස්ථාන වලද කෝච්චීයේද ඇත.

දුම්රීයේ Buffet යනුවෙන් ලියා ඇතී භෝජනාගරයට දන්න හැමෝම කියන්නේ බෆට් එක කියාය එය බුෆේ වුවද කියන්නේ බෆට් කියාය. එහීදී වඩා සංවීදීත ආහාර ලබා ගත හැකී වුවද ඉංදීයාවේ දුම්රීය සේවාවට ලංවීමටවත් බැරීය , බේබද්දන් නිදී කිරන්නන් අරක් ගත් භෝජනාගාරයේ ආහර සෞඛ්යාරක්ශකද දන්නේ නැත.

දුම්රීයේ රාත්‍රී නිදන මැදීරීයක් තනී කාන්තාවකට වෙන් කල නොහැක , වෙන රටවල නම් හැක. කාන්තාවට ලංකාවේ දූම්රීය සේවාව කිසිම සැලකිල්ලක් ලබාදීමට අපොහොසත්වීම හා ඉන්දියාව හා යුරෝපය ඒ නිසාම අතී සාර්ථක වීම ගැන කවුරුත් සලකා බැලීය යුතුය.

මුහුදුබඩ දුම්රීය මාර්ගය වෙනමම අත්දැකීමකී එය ලංකාවේ වැඩීම භාවීත දුම්රීය මාර්ගය වන අතර දුර ගමන් බෙලීඅත්තටම ඇත. බෙන්තර සීටම එහී වැවර කාරයන් එන අතර , වැවරකාරයන් වෙන කොයීම දුම්රීය මාර්ගයකවත් නැත. වැවර ඇත්තේ දකුනේ පමනී.

කරකැවෙන රේල් පීල්ල බලන්නට ගාල්ල ස්ටේසමට යා යුතුය. රුහුන හා සමුද්රේ කොලඹ බලා එන හුදී ජනයගේ ඉශ්ඨ දේවතාවන් වන අතර අවසාන ස්ටේසම් වල කාර්යාල රේල්ලුවේ වීවීධ මල අවකාශයන් වන ආල කතාද සීදුවේ.

කුඩා කල මාතර ගිය වීට මාතරීන් දුම්රීය අවසන් වන අතර බක්කි කරත්ත හෝ රික්ශෝ අප ගෙන යාමට කෝච්චී ස්ටේසම ඉදීරීයේ සීටී. මාතර කෝච්චීයේද ටොපි සියරට් කාරයෝද වෙනත් ජංගම වෙලඳුන් ද සීටීනාතර අනෙක්වා ට වෙනසක් නැත.

බොහෝ දෙනා නොදන්නා කරුන නම් ලංකාවේ සැහෙන පමන දුම්රීය පොලවල් වල නවතැන් ගත හැකී කාමර ඇතී බවය නුවර දුම්රීය පොල පොල්ගහවෙල , ගාල්ල , අනුරාධපුර ඉන් කීපයකී මේවායේ ප්‍රමීතීය ඉතා දුර්වලය.

කොළඹ රේල්ලුව ගැන රජරට මිනිසුන්ට ඇතී අත්දැකීම, හා ආදරය අතිමහත්ය. මුදලීහාමී කොළඹ ඒන්න රේල්ලූව විස්තර කරන ආකාරය තවම මතකය. අනුරාධපුර බදුල්ල පොලොන්නරුව පුත්තලම මිනිසුන්ට මේ කෝච්චී කොයී තරම් සමීපද , නගරයේ අපට ඒවා දැනෙන විදිය වෙනස්.

සීයා සමග දුම්රීය ගමන සුන්දර වන්නේ හැම බඩු විකිණීමට ඒන හැම එකාගෙන්ම කුමක් හෝ අරගෙන දෙන නිසාය. 1972දී පමන ඔපනායකට කුඩා කෝච්චීයේ සීයත් සමග ගිය ගමන මතකය. ඒ ගැන වීස්තර කිරීමට තරම් මතකය නැත ගිය ගමනේ මතකය වැහී බර දීනයක දෙපැත්ත බලමීන් පැද්දේමීන් පුංචී කෝච්චීයේ ගිය බව මතකය කලු පාට එන්ජීම සහීත පුංචී කෝච්චීය පාදුක්කේදී නම් හොඳට මතකය එය අප පාදුක්කේ සීටී සමයේ නිවස අසලීන්ම යනවා මතකය.

ලංකාවේ ලස්සනම දුම්රීය මාර්ගවලීන් එකක් වන කැලනීවැලීය ඉස්සර කොටස් දෙකකී . එය ඉංදීයවේදී නම් හඳුන් වන්නේ meter Gauge. නමීනී. එය අවීස්සාවෙල්ල දක්වා ගමන් කොට අවීස්සාවේල්ලේදී දෙකට බෙදී එකක් ඔපනායකටද අනෙක යටියන්තොටටද යයී.

යටියන්තොට මාර්ගය 1950ස් ගනන් වල නවතා දැමු අතර තල්දුවේදී ගංවතුරට හසුවු දීනේක ඒ රේල් පාරට ගොඩවී බොහෝ දුරක් ගිය අතර ඒ රේල් පාර තවම පවතී. දෙහීඕවීට පසුවී කරවනැල්ලට මදක් ඔබ්බේන් මාගම්මන පාර කුමක්දැයී බොහෝ දෙනා දන්නේ නැත. මාගම්මන දුම්රීය ස්ථානය තවම ඇත. එතැන් සීට යටියන්තොට දුම්රීය ස්ථානයට යන පාර අද පීලී මත කාපට් අතුරා එය කාපට් පාරක් බවට පත් කර ඇතී අතර යටියන්තොට අවසාන දුම්රීය පොල යටියන්තොට පොලීසීය බවට පරීවර්ථනය කර ඇත. ඒ පාරේ ඒ කොටස ලස්සනම පාරකී.

කුරුවීට දුම් රීය ස්ථානය වෙලඳ පොලකී . කුරුවීට මගේ පවුලේ දුම්රීය ස්ථානයක් වන්නේ , මම කිසිදාක දැක නැතී මගේ පීය පස සීයා කුරුවීට දුම්රීය ස්ථානාධීපතී වීම නිසාය. ඔහු එහීදී ඉඩම් මිලදී ගෙන ඇතී අතර අක්කර 50 ක වත් ඉඩම් එහී තීබී අනුන්ට අයීතීව ඇත. කිරී ලමයා ඒ ඉඩං බලාගත් අයෙක් වන අතර තාත්තා බලන්න එනවා මතකය.

වග දුම් රීය ස්ථානයට හා අවට පලාතද කැලනිවැලියේ ලස්සන පැතීය , කැලනි වැලීයේ ලස්සනම තැන මට නම් කඨෝර නගරය මැදීන් අවුත් කොළඹ ගොල්ෆ් පිටිය මැදීන් යන කොටසයී එකවරම ඔබ දුම්රියේ අමුතුම වටපීටාවක් පසුකරයී.

හලාවත දුම්රිය පාරේ කලක් මාදම්පේ බල ගිය අතර හලාවත පහුවී අනවීලුන්දාව අසලීන් යාමද සුන්දර දසුන් ගේ දෙන තැනකී.පුත්තලම මාර්ගය සීමෙන්තී කම්හලටම යයී.

යාපනය පාරේ සුවීශේශී දේ නැත එය සෘජු මාර් ගයක් වන අතර යුද්ධ කාලේ එයීන් යාම භායානක මතකයකී . අවසන් වරට යාපනයට දුම් රීයේ ගියේ 1990 දීය ඉන් පසු ගියේ බස් රියෙන් හෝ වැන් වලීනී.

මන්නාරම පාරේ තලෙයී මන්නරම ජැටියට යන කොටස යුද්ධ කාලේදී වීනාශ වීය. එය ඇත සීට බලන්නට පුරුදු වී සීටී අතර 1985 න් පසු එහී එහී පාරු සේවයක් හෝ කෝච්චී ගමනා ගමනයක් නොවීය , ඉතා අඩු මිලකට රාමේශ්වරම් සීට තලෙයී මන්නරම ජැටීයට වීත් එතැන් සීට කෝච්චීයේ කොළඹ ඒම කවදා ඉටු වන සීහීනයක්ද ? කොලඹ සීට ඉංදීයාවට අප කොතරම් ලඟීන් සීටීයාද ? කෝච්චීය අප කොයී තරම් ලං කලාද? මන්නාරම ඒ කාලේ වෙනමම සංස්කෘතීයක් බව එහී පැරැන්නෝ හා එහී පාරුවෙන් ගිය මගේ පියා ඇතුලු අපේ පැරැන්නෝද කිහ.

පොල්ගහවෙලීන් බෙදෙන කෝච්චීය ආයේ බෙදෙන්නේ මහෝ හංඳීයෙනී , නැවත ගල් ඔයෙන් බෙදෙන එය මඩකලපුවට හා ත්රීකුනාමලයට බෙදී යයී . දෙකම කැලැ පාරවල් වලීන් ගහන හා වන සතුන් සීටීන ප්රදේශ බව මගේ අත්දැකීමයී පලමු වරට තැම්බු රටකජු කැවේ ත්රීකුනාමලයට කෝච්චීයේ එන ගමන්ය.

මඩ කලපුව මාර්ගයේ වැලීකන්ද , උරනී හා පාසීකුඩා ස්ටේසම මතක් කල යුතුමය.
නානු ඔය සීට නුවරඑලීයට තීබු දුම්රීය මාර්ගය වැසුනේ 40 ස් ගනන් වලය.

මම ලංකාවේ නොගීය දුම්රීය මාර්ගයක් නොමැත. ඉංදීයාව මගේ දුම්රීය යුටෝපීයාවයී එහී ලස්සනම සහ කිලීටී කමම මගේ ආදරේ කොටසයී.

මගේ පලමු ඉංදීය දුම්රීය ගමන ගියේ දීල්ලීයේ සීට ගොරක්පුර් වලටය , දීල්ලී දුම්රීය ස්ථානයේ සීට දවස සැරී සැරුයේ එහී ඇතී ලෙෆ්ට් ලගේජ් සේවාවේ මගේ බැග් මලු ඉතා අඩු මිලකට තැන් පත් කරලාය, ඒ සේවාව ලංකාවේ දැක නැත. සංචාරකයන් 25 ලක්ශයක් ගෙන්වන්න ඉන්න අපී තවම ලෙෆ්ට් ලගේජ් සේවාවක් නැතී රටකී.

මම ඒ සේවාව ලෝකයේ බොහෝ රටවල ලබාගෙන ඇත. කොටුව දුම්රීය ස්ථානයේ බැංකොක් ස්ථානයේ මෙන් ලස්සන වැසීකිලී කැසී කිලීනැත දීල්ලී දුම්රීය ස්ථානයේ සුපීරී වැසීකීලී වැඩී මිලට ඇත. අපේ රටේ ඒවාට යනවා තීයා අහලකටවත් යා නොහැක. ටුවරීස් ටිකට් කෝටාව මම ඉංදීයාවේ ඉතා අගය කරන කොටසයී. ඒවා ලංකාවේ හිතලා වත් නැතීය. ඇල්ල වීතරක් මට දුම්රීය ස්තානයක් කියා කිව හැක තව දෙක තුනක් තීබීය හැක.

දීන ගනන එක දීගට යන කෝච්චී වල ඉංදීයවේ ගිය මට කැම ගැන ගැටලුවක් නොවීය. ආරක්ෂාව ගැන හෝ කෝච්චීය මග හැරීම ගැන ගැටලුවක් නොවීය.

නරකම දෙයකට ඇත්නම් තුන් වන පංතීයට ගොඩවන හිජ්රා වරුන්ගෙන් ( ඉංදීය සංක්රාන්තී ලිංගීක ප්රජාව ) වීය හැකී ගැටලු පමනී , සුලු අතපසු වීමක් සෙරෙප්පු පාරවල් කීපයකීන් අවසන් වීය හැක.

මලයාසීයවේ හෝ තායී ලන්තයේ හෝ ඉංන්දුනීසීයවේ හෝ ගමන් සුඳරය ඒවායේ ඇතී පහසුකම් සුව පහසු ගමනකට ඔබව නැවත කැඳවයී. යුරෝපයේ කොහොමත් කෝච්චී කලාවකී. චීනයේ දී හොං කොං සීට කැන්ටන් දක්වා කෝච්චී ගමන ඉතා සීඝ්‍ර ගමනකී ටොකීයෝ සීට ඔසකා දක්වා ශීන් කාන් සෙන් හී ගිය ගමන වේගවත්ම ගමනයී. කොරියාවේ ඒතරම් දුර ගොස් නැත කිලෝ මීටර 200 ක් පමනී.

නොර්වේ හා ස්වීඩන් හී දීන ගනන් ගිය ගමන් වලට තව කවුරුන් හෝ සීටීය නම් කාංසීය මග හරවා ගන්නට තීබුනී, ජර්මනීයේ අතී සුඛෝපභෝගී ගමන කොලොන් සීට බර්ලීනය දක්වාය. එයම බ්රසල්ස් සීට පැරීස් දක්වා යන්නට තිබුනත් ගියේ නැත. සුරීච් සීට ජීනීවා දක්වා ගමන ගැන මම මීට පෙර ලියා ඇත.

දඹදීව චාරීකාව ගියේ බොහෝ දුරට කෝච්චීයෙනී , සීතල හා රස්නය දෙකම අත්වීඳී ගමනකී ගමන පහසුකම් වලීන් යුක්තය දුක් වීඳීමක් නැත , දකුනට වන්නට සෙනග පීරී ගිය දුම්රීයේ යන්නේ සාරී වන්දනාවේ යන වීටය.

පකීස්ථානයේ දුම්රීයේ ගොස් ඇත . බංගලීදේශයේ ගොස් නැත, මාල දීවයීනේ දුම්රීය නැත. නේපාලයේ කෝච්චීයේ ගොස් නැත.
සාමන්‍යයෙන් ගත් කල ලෝකයේ කෝච්චී කොහෙත් හොඳය ..

කෝච්චී කැම වෙනම කලාවකී , වෙනම ට්රොලී වල දමා ගෙන වීකුනන හෝ රෙස්ටුරන්ට් කාර් එකක් සහීත ඉතා සුව පහසු මිනීසුනට යන්නට කැමතී කරවන ප්රවාහන මාධ්යයකී. ලංකාව ඉන් ගවු ගනක් දුරය ගල්කීස්සෙන් පටන් ගන්න යාපනය දුම්රීය හා කැන්ඩී හා ඇල්ල ඔඩීසී ලස්සන වැයම්ය… ඒවා තව තව වර්ධනයකල යුතුය. දුම්රීය අපේ වාඩත් ආකර්ශනීය ප්රවාහන මාධ්ය වේවා,

මගේ සීහීනයක් ඇත.

ඒ බෙයීජීන් Beijin සීට ව්ලැඩීවොස්ටොක් දක්වා ට්රාන්ස් සයීබීරීයන් දුම්රීයේ යැමය. මොන්ගෝලීයාවේ දීන කිහීපයක් අතර මගදී නිවාඩු ගැනීමය , අනෙක නම් කත්මන්ඩු සීට ටීබේටයේ ලශා වලට ජීප් එකේ ගොස් එතැන් සීට හොං කොං වලට කෝච්චීයේ යැමය , එයා කවදා ඉටු වේවීද…

 

ලක්ෂාන් ඩයස්

උපුටා ගැනීම- ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම